ඔබත් නිතර FB භාවිත කරනවාද ?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔබත් නිතර FB භාවිත කරනවාද ?

    ඔබත් නිරතුරුවම ෆේස්බුක් භාවිතා කරන්නෙක්ද ? එසේ නම් ඔබ මේ ගැනත් සැලකිලිමත් විය යුතුයි. නිරතුරුවම ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයින් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව අමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජයීය මනෝවිද්‍යාව පිළිබඳ දර්ශන විශාරද උපාධි අපේක්ෂකයෙකු වන Mai-Ly Steers විසින් කළ පර්යේෂණ රැසක ප්‍රතිඵලයක් ලෙස සොයාගෙන තිබෙනවා.

    ඔහු සිය උපාධි නිබන්ධනය වෙනුවෙන් කළ එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, ෆේස්බුක් භාවිත කරන්නන් සිය මිතුරන් (‍‍ෆේස්බුක් මිතුරන්) සමග තමන් සංසන්දනය කිරීමට නිරන්තරයෙන් උත්සහ කරන බවයි..එම සංසන්දනයේදී තමන්ට වඩා උසස් ජීවිත ගත කරන මිතුරන්ගේ ජීවිත දෙස බලා කලකිරීමට හෝ විශ්වාසභංගත්වයට පත් වීමක් සිදුවන බව ඔහු කළ පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා.මේ නිසා කලකිරීමට ලක්වන පුද්ගලයින් මානසික අවපිඩනයකට ලක් වීමේ අවදානමක් පවතී.

    Facebook වෙබ් අඩවිය හරහා මිතුරන් පළ කරන බොහෝ තොරතුරු සහ ඡායාරූප සිය ජීවිතය සමග සංසන්දනය කරන්නන් සමාජයට මෙන් ම තමන්ට ද වෛර කිරීමටත්, අදාළ මිතුරන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීමටත් ඍජුව බලපාන බව පර්යේෂකයාගේ නිගමනය කර ඇත.
     
    • Like
    Reactions: vinura kithmal

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    9d6KDGw_700wa_0.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඔව් බන් .ඕක ගැන මමත් මේ ලියන්න හිටියේ .ඒක කාටත් හිතෙනවා .ඔය කන බොන එව්වයි යන එන තැනුයි ,අඳින පලඳින එව්වයි ගැන විස්තර ෆෝටෝස් ස්ටටස් නිතර නිතර තමන් වටේ ඉන්න තමන්ගේ නොවන තමන් වටේ ඉන්න අයගේ වටේ ඉන්න අය අප්ලෝඩ් කලහම තමන්ට හිතෙනවා පෞද්ගලිකව තමන් ගෙවන්නේ මහ කාළකණ්ණි ජීවිතයක් කියලා .තමන්ට තමන්වම එපා වෙනවා වෙලාවකට .විෂේශයෙන් තමන් එක්ක කෙලින්ම තරහා තියෙන අය තමන් සමඟ සීතල යුද්ධ තියෙන අයගේ ක්‍රියාකාරකම් පිළිබඳ තමන්ගේ ජීවිතේ සන්සන්ධනය කිරීමෙන් තමන් අපහසු තාවයට සහ අසහන් කාරී තත්වයට පත්වෙනවා .ඒත් ඇත්තටම බැළුවෝ ඔය ෆොටෝ අප්ලෝඩ් කර කර පොෂ් වෙන්න හදන ,තමන්ගේ කැම්පස් එකේ ඉස්කොලේ සෙට් එකත් එක්ක තමන් හෙන ෆිට් කියලා පෙන්නන්න හදන උන් එකෙක්වත් \ඇත්තටම කියන තරම් එකමුතුවක් නැහැ .එකමුතුව තියෙන්නේ ෆේස්බුක් පොස්ට් වලයි කවර් ෆොටෝ එකෙයි විතරයි .ඒ වගේම තව දෙයක් ඔය හැමතැනම ට්‍රිප් ගිහින් ෆොටෝස් ගහනවා නේ ? විද්‍යාඥයෝම හොයාගෙන තියෙනවා එහෙම ෆොටෝ ගහන එක තමන් ආගිය තැන් වල මතකය සුන්දර වෙන්න බාධාවක් ළු .ඒ කිව්වේ නිකන් බලපන් උඹලා අපි කැමරාවක්වත් කැමරා ෆෝන් එකක්වත් නැති කාලේ ඕනේ තරම් ට්‍රිප් ගිහින් ඇති නේ ?? දැන් කාලේත් කැමරා අතෙ තියන් ට්‍රිප් යනවා ඇතී නේ ??
    …අවංකවම හිතපන් උඹලා ea කාලේ කැමරා නැතිව ගිය ට්‍රිප් එකද වඩාත් සුන්දර මතකය තියෙන්නේ එහෙමත් නැත්තම් කැමරා එක්ක ගිහින් අහුවෙන අහුවෙන තැන ෆෝටෝස් ගහලා
    එව්වා අප්ලෝක් කරන එකෙත මතකය වැඩිය සුන්දර කියලා .ෆොටෝ ගහන් එක අවුලක් කියනවා නෙමේ .ඒත් ඕනවට වඩා තාක්ෂනය හරහා සෝෂල් වෙන්න ගියහම සොභාවික සුන්දරත්වය මැකිලා යනවා .එක තමා ඇත්ත .ඉතිං ඔය ෆේස්බුක් සෝෂල් පොෂ් කට්ටියගෙත් යථාර්තය ඔහොම්මම තමා. ඇත්ත ලොකේ නැති සතුට වර්චුවල් ලොකේ මවාපාලා පෙන්නනන්වා තමන්ගේ නෑයන්ව යාළුවන්ව ඉම්ප්‍රෙස් කරන්න .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    එහෙම වෙන්නෙ ඉරිසියා කාරයින්ය වෙන්න ඇති බන්..
    අපි නම් කාට හරි ගියත් සතුටුයි





     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ෆේස්බුක් එකට වඩා කිරිය පට්ට ඕයී. බුකියේ විනඩි 5ක් හිටියම හොදටම ඇති:sorry: