ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද ?
නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්.
මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත් වයස 60 ට වැඩි අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්.
කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.
සමහරු ගොරවන්නේ යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි.
කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි ඛෙල්ල, නිදි ඛෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි.
කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි. රෝගියා වරින් වර හුස්ම හිරවී අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි.
මෙය Sleep Apnoea නමින් හඳුන්වන රෝග තත්වයක්. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වන අතර එසේ නොවුවහොත් දරුණු සංකුලතා මෙන්ම හදිසි ක්ලාන්ත තත්වයන් පවා ඇති විය හැකි වනවා. මේ නිසා මේ තත්වය මුලින් හඳුනා ගෙන වෛද්‍ය වරයකු කරා යොමු විය යුතුයි.
මේ තත්වය ඔබට පවතීද යන බව දැන ගත හැක්කේ ඔබ නින්දේදී ක්ෂණික ගැස්මක් සහිතව දහඩිය දමා අවදි වීම සිදු වීමයි. මෙය නිතර නිතර සිදු වනවා නම් මේ ගැන ඔබ අවධානය යොමු කල යුතුමයි.
එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න.
Gossip Lanka News