ලැබෙන එන්නත හොඳම එන්නත
පසුගිය පෙබරවාරි මාසයේ මම අවසාන ලිපියෙන් සඳහන් කළ ආකාරයට අද වන විට චීනයේ SinoPharm සහ රුසියාවේ Sputnik V එන්නත් වල මුල් තොග ලංකාවට ලැබී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගමේ එන්නත් තොගය ලබන ජූලි මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි.
ඉන්දියාවෙන් ලැබුනු Oxford AstraZeneca නිපදවූ CoviShield එන්නත් සැපයුම හදිසියේ අඩාල වීමත් සමඟ අප රට එන්නත්කරණය සම්බන්ධයෙන් ගැටලු වලට මුහුණ දෙමින් සිටින සමයකයි මම මේ ලිපිය ලියන්නේ.
ලංකාවේ Vaccine වලට මොකද උනේ?
මේ දවස් වල වෛද්‍යවරුන්ගෙන් පුන පුනා අහන ප්රශ්නයක්. ලංකාවේ COVID-19 3වන රැල්ලේ ආගමනයත් එක්ක එන්නත් වලට තියෙන අවධානය තවත් වැඩි වෙලා. මේ වසරේ ජනවාරි අග CoviShield එන්නතේ පළමු එන්නත් ලක්ෂ 5 ලැබෙනකොට ඒක දෙන්න නියම කළේ සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුලු සියලු ඉදිරිපෙල සේවකයින්ට. නමුත් CoviShield එන්නත එක් අයකුට මාත්‍රා 2ක් ලබා දිය යුතුව තිබුනා. මේ නිසා මුලින් ලක්ෂ 2.5ක් ලබා දීලා මාස 3ක කාලයකට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙන්න හිතාගෙන හිටියත්, ඉන්දියාවේ එන්නත් හදන Serum Institute ආයතනය ලංකාවට එම එන්නත මාත්‍රා මිලියන 18ක් දෙන්න එකඟවීමත් සමඟත්, WHOහි COVAX පහසුකම යටතේ මුලු ජනගහනයෙන් 20%කට නොමිලේ එන්නත් ලැබෙන එකඟතාවය මත, අපිට ඇවිත් තිබුන මුල් ලක්ෂ 5, 2nd dose වලට ඉතිරි නොකර ගහන්න ගත්තා. ඉදිරි පෙල අයට පසුව වයස 60ට වැඩි අයට ලබා දුන්නා. මේ අනුව ජනගහනයෙන් 69.5%ක් මාස 3ක් ඇතුලත එන්නත් කරන්නයි ලංකාවේ plan වුනේ. නමුත් ඒක හිතපු විදියට උනේ නෑ.
මේ අතර ඉන්දියාව කොවිඩ් සුනාමියකට මුහුණදුන්නේ දැන් මාසයකට පමණ පෙර. ඉන්දියාව එකම මල ගෙදරක් වෙද්දි Serum Institute ආයතනය ලංකාවට දෙනවා කිව්ව මාත්‍රා මිලියන 18 දෙන එක ශුවර් නෑ කිව්වා. ඒ එක්කම අපේ රටට ආපු ඊලඟ ගැටලුව 1st dose ගහපු අයට 2nd dose හොයන්නේ කොහෙන්ද කියන එක. ඒ වෙනකොට ඉතිරිව තිබුනේ බොහොම සුලු CoviShield එන්නත් මාත්‍රා ගණනක් පමණයි.
එන්නත රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Vaccine Diplomacy) කියන්නේ මොකද්ද?
මේක ආරම්භ වන්නේ එන්නත් ලෝකයේ සොයාගත් දින වලදීමයි. එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය කියන්නේ රටක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය දියුණු කරගන්න එන්නත් භාවිතා කිරීමයි. COVID-19 එන්නත් සැපයීම පාදක කරගෙන මේ ගැන කතා උනත්, මේකේ ආරම්භය විදියට සඳහන් වෙන්නේ මීට ශතකයකට පමණ පෙර වසූරිය (Smallpox) එන්නත ලෝකය පුරා බෙදා හැරීමත් සමඟයි. ගිලෙන්ඩ යන එවුන් පිදුරු ගහෙත් එල්ලෙනව කියලා මේ රටවල් හොඳින් දන්නවා. ඉතින් අපිට මේවට දවසක වෙන වෙන විදි වලට ගෙවන්න වෙන්න පුලුවන්. මේ ලෝකේ කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නම් නෑ. දැනට Vaccine Diplomacy යටතේ,
ඉන්දියාව - Vaccine Maitri Program හරහා CoviShield එන්නත
චීනය - SinoPharm එන්නත
රැසියාව - Sputnik V එන්නත
මේ වෙනකොට ලැබිලා තියෙනවා. දැනට ඉන්දියාවේ පසුබෑමත් සමඟ විපතේදී සහය වෙලා ලෝකයේ හැම කෙලවරක්ම අල්ලන්න චීනය සහ රුසියාව සමත් වෙලා තියෙනවා.
හරි. දැන් මම ගහන්නේ මොන vaccine එකද?
කෙටි පිළිතුර : “ලැබෙන එන්නත හොඳම එන්නත” කියලා තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියන්නේ.
video : http://fb.com/391467310958422/videos/302941651534168
ඒ අනුව ඔබ මේ වෙනකොට එන්නතක් ලබාගෙන නැතිනම් ඉතා ඉක්මණින් ඔබට ලැබීමට නියමිත SinoPharm/Sputnik V/CoviShield යන ඕනෑම එන්නතක් ලබා ගන්න පසුබට වෙන්න එපා.
“ලැබෙන එන්නත හොඳම එන්නත” කියන්නේ ඇයි? එතකොට මේවයේ ගුණාත්මකභාවය එකයිද?
එන්නතකින් වෙන්නේ මොනවද කියලා මුලින් තේරුම් ගමු.
රෝගය වැළඳීමට ඇති ප්‍රවණතාවය අඩුවීම
රෝගය වැළඳුනොත් තවත් අයට පැතිරීමේ ප්‍රවණතාව අඩුවීම
රෝගය වැළඳුනොත් අසාධ්‍ය තත්වයට හා මරණයට පත්වීමට ඇති ප්‍රවණතාව අඩුවීම
එහෙම බැලුවම ලංකාවට ලැබිලා තියෙන සෑම එන්නතක්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය දීලා තිබෙන්නේ ඒවයින් රෝගය වැළඳීම අඩු කරන්න 65%කට වැඩි ආරක්ෂාවක් ලැබෙන නිසා.
විවිධ එන්නත් පරික්ෂා කරලා තියෙන්නේ ඒ ඒ ජන කොට්ඨාශ වලට අදාළව. ඒ නිසා අපිට ඒ ප්‍රතිඵලම ලංකාවෙත් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
මම CoviShield 1st dose ගත්ත කෙනෙක්. මම 2nd dose ගන්නේ මොන වර්ගයෙන්ද?
එන්නත් වර්ග මාරු කරලා නැතිනම් cocktail ආකාරයට (මුලින් CoviShield දෙවැනියට SinoPharm) ගන්න පුලුවන්ද කියන එක දැනට තියෙන තොරතුරු වලට අනුව අනුමත කරන්න බෑ. ඒ අනුව CoviShield මුලින් ගැහුවා නම් ඒක ආයේ ගෙන්නනකං ඉන්න වේවි.
එන්නත ගත්තට පස්සේ අමාරු? අතුරු ආබාධ?
ඕනෑම ඹෟෂධයක අතුරු ආබාධ තියෙනවා. ලංකාවේ දුන්නු එන්නත්ද ඇතුලුව. මුලින් එන ඇඟට අමාරු, උණ, එන්නත ලබා දුන් ස්ථානයේ කැක්කුම වගේ දේවල් එන්නත ලබාදී දින 3කට වඩා තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත්. මීට අමතරව සති 2ක් යනතුරු සියලු අත්‍යවශ්‍ය නොවන ශරීරය වෙහෙසවා කරන ක්‍රියාකාරකම් නතර කරන්න කියලා තමයි නවතම මාර්ගෝපදේශ වලින් කියන්නේ. මේ ගැන මම දීර්ඝව CoviShield එන්නත ගැන ලියපු ලිපියේ ලිව්වා.
එන්නත ගන්න පුලුවන් කාටද? කොහෙන්ද?
දැනට SinoPharm එන්නත වයස අවුරුදු 29-60 අතර පුද්ගලයින්ට කොළඹ පළාත තුළ ලබා දීමක් කරනවා. මේ එන්නත ලබා ගන්න වේලාවක් වෙන් කරගන්න දැන් eChannelling සේවය හරහා පුලුවන් : http://t.co/UiaqlI89eV
සමහර ප්රදේශ වල (කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව) Sputnik V එන්නතත් ලබා දෙනවා. දැනට CoviShield එන්නතේ ඉතිරි කොටස ලබා දෙන්නේ මුල් එන්නත ලබා ගත් අයට ප්රමුඛතාවය මත පමණයි. මේ ගැන වැඩි විස්තර ඔබ අයත් MOH office එකෙන් ලබා ගන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ: “ලැබෙන එන්නත හොඳම එන්නත”
වෛද්‍ය චන්දිම ජයසිංහ ගේ ලිපියකින් උපුටා ගන්නා ලදී