[Help] Home security guard, Private chef, Elder care services

429041

Member
May 31, 2025
9
11
3
ඔයාලා දන්න හොඳම home security guard, private chef සේවා සපයන සමාගම් නිර්දේශ කරන්න පුළුවන්ද? හෝ තේරීමක් කරනකොට බොහෝ දෙනෙක් නොදන්න මම සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?

සමහර අයට මුල් වතාවෙදී සේවයට ගත්ත අය හොඳයි, ඒත් අසනීප, leave වලදී එවන replacement සේවකයෝ නිසා සමාගමම තිත්ත වෙන අවස්ථා තියනවා. මේ වගේ ගැටලු මඟහරවා ගන්නේ කොහොමද?

ලංකාවේ සමාගමකින් දැනටමත් සේවාවක් ගත්ත අය ඉන්නවා නම් සේවාව ලබාගත් කාලය සහ අත්දැකීම් කියන්න. මගේ අවශ්‍යතාව අනුව සමාගමෙන් ලැබෙන සේවාව සහ සේවකයින්ගේ වෘත්තීමය මට්ටම ගොඩක් වැදගත්.

මට අවුරුදු කිහිපයක ඉඳන් රට යන්න අවශ්‍යතාවක් තියනවා. ලංකාවේ ඇතුලේ පවා දවස් කිහිපයක් ගෙදරින් පිට වෙලා ඉන්න බැරි තත්වයක් තියෙන්නේ. මට කෙලින්ම ගෙදර ආරක්ෂාවට, උයන පිහින වැඩ කරන්න අය ගන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ රට ඉන්නකොට මගේ වැඩත් එක්ක මෙයාලව හසුරුවා ගන්න අමාරුයි, හොස්ස ළඟින් මැස්සා යන්න බැරි අය ගෙදර ඉන්න නිසා ගෙදර සිදුවීම් ගැන නිතර updates ඕන, හරියට වැඩ කරනවා ද කියලා විශ්වාසයක් නැහැ, අම්මා, තාත්තා කරුණාවන්තයි, ඒත් උන්ට අසනීපයක් වෙලා දෙමාපියන්ට මැදිහත් වෙන්න වුණොත් අනිවාර්යෙන් මට වලක් කපාගෙන බුදියගන්න හිතෙන තරමට බැනුම් අහන්න වෙනවා. නිවාඩු ගත්තොත්, සේවය හැරගියොත් වෙනත් සුදුසු කෙනෙක් හොයාගන්න සති කිහිපයක් ගතවෙනවා සහ මට ඔක්කොම වැඩ දාලා ලංකාවට එන්න වෙනවා. ඒ නිසයි සමාගම් හොයන්නේ.



වගකීම

Security guard ලට ගෙදර පැය 24 ම ආරක්ෂාවට ඉන්න (ගෙදර වයසක අය විතරයි කියලා දැනගත්තම risk එක වැඩි වෙනවා), අවට දේපල ගැන සෝදිසියෙන් ඉන්න, දෙමාපියෝ එක්ක ඇවිදින්න, කඩවල් වලට යන්න, අවශ්‍ය දවස් වලට බෙහෙත් ගන්න යන්න තියෙන්නේ. වෙන වැඩක් නැහැ. එයාලා අල්ලගෙන යනවට කැමති නැහැ. ඒත් සමහර වෙලාවට අල්ලගෙන සහායක් දෙන්න වෙනවා, බෙහෙත් ගන්න ගියාම වැඩිපුර සහයෝගයක් දෙන්න වෙනවා. කෑම බීම ගෙනත් දෙන්න වෙනවා. ගෙදරින් පිට දී අනපේක්ෂිත වගකීම් වැටෙන්න ඉඩ තියනවා.

රජයේ පුහුණුවක් ලබපු අය ඉන්න නිසා පහත සමාගම් දෙකට වඩා වෙනත් සමාගමක් ගැන පැහැදීමක් හදාගන්න අමාරුයි. මෙයාලටත් සේවා ගත්ත මිනිස්සු බැනලා තියනවා. අනිත් පෞද්ගලික සමාගම් වලටත් මිනිස්සු ඕන තරම් බැනලා තියනවා, negative reviews දාලා තියනවා.

https://rall.lk/land-security/
https://rall.lk/skilled-services-2-2/

https://avantgarde.lk/services/
https://avantgarde.lk/services/security-for-protection-of-persons-property/

දෙමාපියෝ උයන්න දඟලන නිසා අසනීප දවසකට හෝ මහන්සි වෙලාවකට හැරෙන්න private chef ට තුන් වේලම උයන්න වෙන්නේ නැහැ. අසනීප දවස් වලට කන්න බොන්න සහයෝගයක් දෙන්න වෙනවා. අනිවාර්යෙන් ඔය මනුස්සයා රහට උයන්න දන්න professional chef කෙනෙක් වෙන්නම ඕන. අම්මා රහට උයන්න දන්න කෙනෙක් නිසා එයාලට කෑම රහට තිබුණේ නැත්නම් reject වෙනවා.

Elder care සමාගම් මට සෙට් වෙන්නේ නැහැ. මම දන්න තරමින් ඔය ආයතන වල ඉන්නේ too-old or, අසාධ්‍ය, disabled පුද්ගලයින් බලාගන්ක හුරුවුණ අය, දෙමාපියන්ගේ mentality එක අනුව ඔය අය එක්ක ගනුදෙනු කරද්දී වැඩි දවසක් යන්න කලින් චොර වෙන්න ඉඩ තියනවා.

e.g. https://www.royalnursinghome.com/home-nursing

security guard, private chef roles stable නම් දෙමාපියන්ට ඕන daily සහයෝගය දෙන්න හොඳ elder care service එකක් හොයන්නේ නැතිව පෞද්ගලිකව කෙනෙක් බඳවා ගන්න පුළුවන්. එතකොට security අයට සහ chef ට වැටෙන out of scope වගකීම් අයින් වෙනවා. හදිසියේ නිවාඩු ගත්තට හෝ සේවය හැරගියාට මම එකපාරට හිරවෙන්නේ නැතිවෙයි කියලා හිතනවා.



ගෙදර තත්වය (ගෙදර පරිසරයත් දැනගන්න අවශ්‍ය අයට)

දෙමාපියෝ අවු. 65-75 අතර අය. එයාලා මම කොහෙවත් යනවට කැමති නැහැ. මං පොඩි කාලේ ගෙදර වැඩට මිනිස්සු හිටියා. ඒත් දැන් ගෙදර කවුරුහරි තියනවා කියන්නේ පොඩි ළමයෙක්ට තිත්ත බේතක් පොවන්න හදනවා වගේ වැඩක්. පිට මිනිස්සු ගෙදර තියාගන්න බැහැ කියනවා. උන්ට වෙනම සලකන්න වෙනවලු, එයාලගේ නිදහස පවා නැතිවෙනවලු. මම බැනුම් අහලා, මාත් එක්ක තරහ වෙලා තමයි ඔය ගැන කතා කරන්න හැදුව වෙලාවක කතාව කෙළවර වෙන්නේ. එයාලා කියන දේවල් වල ඇත්තක් තිබුණට මගේ අත්දැකීම් අනුව එච්චර අවුලක් නැහැ. එයාලා හදන්නේ ප්‍රතිකේෂ කරන්න.

දෙමාපියෝ ගැන බල බල ඉන්නේ නැතිව ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න ඔයාට වුවමනා තැන් වලට යන්නලු, එයාලට තනියෙන් ඉන්න පුළුවන්ලු, අසනීපයක් වුනොත් සල්ලි තියන නිසා වාහනයකට හෝ ළඟ ගෙදරකට කතා කරලා බෙහෙත් ගන්න පුළුවන්ලු. ඔය කියන විදිහට තියලා ගියොත් ඉතිං වටපිටාවේ මිනිස්සුන්ගෙනුත් මට හොඳට අහගන්න පුළුවන්.

තනියෙන් ගෙදර තියලා යන්න කොහෙත්ම බැහැ. ඇවිදින්න අමාරු ප්‍රශ්න තියනවා (කකුල් කැක්කුම්, දණහිස් අමාරු වගේ දේවල්), සීනි, සෙම, කොලෙස්ටරෝල්, සමහර වෙලාවට අමතක වෙන ප්‍රශ්න තියනවා, ඇස් පෙනීම ගොඩක් දුර්වලයි. සාමාන්‍යයෙන් ලෙඩ වලට බෙහෙත් කරන්න, වෙලාවට බෙහෙත් ගන්න මම වෙනම යුද්ධයක් කරන්න ඕන. බෙහෙත් ටික දවසක් අරන් අඩු වෙනකොට මගහරිනවා, දොස්තරලා වෙනස් කරනවා, කෑම බීම, ගෙදර වැඩ (ආයේ ඉතිං මම නොදැක්ක වෙලාවක කිලෝ ගාණක් බර මල් පෝච්චි පවා උස්සනවා. ඊළඟට අඩිය තියාගන්න බෑ, ඉනේ කැක්කුම්, කොන්දේ කැක්කුම් ජීවිතේ දුක්ඛිත ස්වභාවය ගැන කියෝ කියෝ ඉන්නවා), ශරීර සෞඛ්‍ය ගැන කිසිම පාලනයක් නැති නිසා ලෙඩ අඩුවක් නැහැ. එයාලා අඳුරන අය කියන දේවල් ඇහැව්වට මම කියන දෙයක් ලේසියෙන් අහන්නේ නැහැ. එළකිරියේ අඩුවැඩි වශයෙන් මෙහෙම ලක්ෂණ තියන දෙමාපියෝ ඉන්න අයගේ පොස්ට් දැකලා තියනවා.
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,795
    11,807
    113
    Oya okoma service denna puluwan. Ohoma company ekak start karannath baluwa but lankawe un aduwata hoyanne..

    Lankwen migrate una ewun 90% eheth salli karayo nemei.. loan and rolla gahanne..
    May be salli thiyana itha sulu pirisath wiyadam karanna lobai..

    24 hour security, chef, 2 house assistants kiyanne $3000 wath nathuwa backup personal lata padi gewan supervisor la daala hari reliable service ekak denna baha..
     
    Last edited:
    • Like
    Reactions: 6h057 and 429041

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,963
    5,470
    113
    facebook එකේ තියන ඒව ගෙඩි පිටින් මෙතන අතෑරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ රහල්? :confused::lol:
     
    • Haha
    Reactions: Yudewwa

    429041

    Member
    May 31, 2025
    9
    11
    3
    Oya okoma service denna puluwan. Ohoma company ekak start karannath baluwa but lankawe un aduwata hoyanne..

    Lankwen migrate una ewun 90% eheth salli karayo nemei.. loan and rolla gahanne..
    May be salli thiyana itha sulu pirisath wiyadam karanna lobai..

    24 hour security, chef, 2 house assistants kiyanne $3000 wath nathuwa backup personal lata padi gewan supervisor la daala hari reliable service ekak denna baha..
    ලොකු team එකක් මම එක කම්පැනියකින් ගන්නේ නැති නිසා වැඩ කරන අය වෙනුවෙන් යෝජනා කරන ගෙවීම් හැරුනම company එකේ service charges නම් එක සේවකයෙක්ගේ පඩියට ආසන්න හෝ අඩුවෙයි කියලා හිතනවා.

    දැනට එක house assistant කෙනෙක් ඇති. company වලින් දෙන security guards, chef roles stable නම් house assistant කෙනෙක් අපේ පැත්තෙන් හොයාගන්න පුළුවන්. ඒ role එක professional වෙන්න ඕන නැහැ. අම්මට තාත්තට හිත යනවා නම්, ගෙදර මනුස්සයෙක් වගේ වැඩ කරනවා නම් ඇති.

    facebook එකේ තියන ඒව ගෙඩි පිටින් මෙතන අතෑරල මොනවද බලාපොරොත්තු වෙන්නෙ රහල්? :confused::lol:
    facebook හෝ වෙන කොහෙවත් තිබුණ දෙයක් නෙවෙයි. test post එකක් දාලා මට වෙච්චි දෙයක්. :oops::lol:

    https://elakiri.com/threads/test-post.2251192/#post-31396530
    https://elakiri.com/threads/test-post.2251192/#post-31396500
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,584
    8,043
    113
    typical වයසට ගිය parentsලගෙ behavior එක.

    දෙමාපියෝ උයන්න දඟලන නිසා

    අම්මලම නම් දැන් උයන්නෙ, ඔච්චර සෙනග ගත්තම ඒ ඔක්කොටමත් එක්ක අම්මලට උයන්න වෙනව නෙහ්. අම්මලට ඒක අමාරු වෙයි.

    අම්මලට ඕන taste එකට වෙන කෙනෙක්ට උයන්න බෑ. එයාලට පුරුදු විදියට උයන්න දන්නෙ එයාලම විතරයි. වෙන කෙනෙක් කෑම හැදුවම පොඩි හරි අවුලක් තියෙනවා කියනවා..
     
    • Like
    Reactions: 429041

    429041

    Member
    May 31, 2025
    9
    11
    3
    typical වයසට ගිය parentsලගෙ behavior එක.

    අම්මලම නම් දැන් උයන්නෙ, ඔච්චර සෙනග ගත්තම ඒ ඔක්කොටමත් එක්ක අම්මලට උයන්න වෙනව නෙහ්. අම්මලට ඒක අමාරු වෙයි.

    අම්මලට ඕන taste එකට වෙන කෙනෙක්ට උයන්න බෑ. එයාලට පුරුදු විදියට උයන්න දන්නෙ එයාලම විතරයි. වෙන කෙනෙක් කෑම හැදුවම පොඩි හරි අවුලක් තියෙනවා කියනවා..

    තව වයසට ගියාම කොහොමත් උයන්න අමාරුයි. :-(

    අම්මට ආවේණික කුළුබඩු භාවිතයක් තියනවා. එච්චර රහට අද වෙනකම් කොහෙන්වත් කන්න හම්බවෙලා නැහැ. සමහර විට chef කෙනෙක්ට එකට උයනකොට රටාව අල්ලගන්න පුළුවන් වෙයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,584
    8,043
    113
    තව වයසට ගියාම කොහොමත් උයන්න අමාරුයි. :-(

    අම්මට ආවේණික කුළුබඩු භාවිතයක් තියනවා. එච්චර රහට අද වෙනකම් කොහෙන්වත් කන්න හම්බවෙලා නැහැ. සමහර විට chef කෙනෙක්ට එකට උයනකොට රටාව අල්ලගන්න පුළුවන් වෙයි.
    oka common prashnayak ban. migrate karapu, pita palath walin lamay Colombo walata job walata aapu...old parentsla vitharak inna gewal wala.

    try karala balanna. ammala nisa try nokara inna hitenne nane.
    parentslagema durin cousin kenekwa genna ganna balanna.
    gedara cctv danna.(with voice commands)
     

    429041

    Member
    May 31, 2025
    9
    11
    3
    parentslagema durin cousin kenekwa genna ganna balanna.
    දෙමාපියන්ගේ සහෝදරයින්ගේ හෝ ගෙදරට සම්බන්ධතාවක් තියන අයගෙන් එහෙම උදව්වක් ගන්න කවුරුවත් නැහැ. free time එකක ඇවිදින් යන අය තමයි.

    gedara cctv danna. (with voice commands)
    තියනවා.

    මුලින් දාපු post එකේ මට තියන ගැටලු විසඳ ගත්තොත් ගොඩ. 🥺
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,735
    48,992
    113
    සේදවත්ත
    ගමේ තියෙන ඉඩම් කඩම් උගස්තියාලා
    යන්න හදනවා පිටරට මිල්ල සොයලා
    සිලින් පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලා..


    ගෙදර ටවුමෙ හන්දි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    හිතල බලල එන්න ඇත්ත කිවුවා හනිකෙට

    උලුප්පලා බොරු සෝභන කියනව මේ අය
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක
    ගිණුමට අර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිල වට..
     
    • Love
    Reactions: 429041

    429041

    Member
    May 31, 2025
    9
    11
    3
    ගමේ තියෙන ඉඩම් කඩම් උගස්තියාලා
    යන්න හදනවා පිටරට මිල්ල සොයලා
    සිලින් පවුම් ඩොලර් යුරෝ වලට රැවටිලා..

    ගෙදර ටවුමෙ හන්දි ගානේ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    හිතල බලල එන්න ඇත්ත කිවුවා හනිකෙට

    උලුප්පලා බොරු සෝභන කියනව මේ අය
    ආවම දැනගන්න ලැබෙයි විදිනා මර දුක
    ගිණුමට අර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිල වට..
    මොනවත් උකස් තියන්නේ නැහැ. අවුරුද්දකට දෙකකට වගේ, හැමදාම ඉන්න නෙවෙයි. ☺️
     
    Last edited: