ඔබත් FAD රෝගියෙක්ද?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔබත් FAD රෝගියෙක්ද?

    1. අධ්‍යාපන කටයුතුවලට හෝ වෙනත් වැදගත් දෙයකට ඇති වටිනා කාලය මූණුපොතේ යාලුවන්ගෙ පින්තූර අල්බම් බැලීමට යෙදීම.
    2. ජංගම දුරකථනයේ ඉන්ටර්නෙට් පහසුකම් අත්නම්, දවසට එකවරක් හෝ මූණුපොතේ සැරිසරමින් Profile එක බැලීමට ඇති අධික ආශාව.
    3. Relationship Status එක වෙනස් කෙරීම පිළිබඳ තම පෙම්වතා/පෙම්වතිය/සැමියා/බිරිඳ සමඟ වාද විවාද ආරවුල් ඇති කර ගැනීම.
    4. මූණුපොතේ යාලුවන් වැඩිකර ගැනීමට අනෙකුත් යහලුවන් සමඟ ඇති දැඩි තරඟය. නිතර නිතර යාලුවන් Add කරගැනීමට උත්සහ කිරීම.
    5. තමන්ට අවශ්‍ය මිතුරා සෙවීමට ගොස්, අන් අයගෙ Profile වලින් තවත් යාලුවන් 5 දෙනෙකුටවත් Friend Requests යැවීම.
    6. උදැසන වැඩ ඇරඹීමට පෙර, නින්දට යාමට පෙර, යම් වැඩක් අවසන් වූ වහාම අදී වශයෙන් දිනකට 3 වතාවක්වත් අවම වශයෙන් මූණු පොතට ලොග් වීම.
    7. Status Updates මගින් තමන්ගේ මුලු ජීවිතේම ලෝකයාට දැනගැනීමට සැලැස්වීම.
    8. තමන්ගෙ Posts/Photos වලට අනිත් අය Like, Comments කරනතෙක් උනන්දුවෙන් බලාසිටීම, වැඩියෙන් ප්‍රතිචාර ලැබෙන විට එයින් සතුටු වීම.