වසර විස්සකට පෙර පැවිදි වීම පිණිස බොහෝ ආරණ්‍ය සේනාසන සොයමින් මම ඇවිද ගියා. සිරීපාදෙ කැලේ පවා භාවනානුයෝගීව වැඩසිටින ස්වාමීන් වහන්සේලා සොයමින් ඇවිද ගියා එහිදී පවා පැවිදි වීමට මගක් සොයාගත නොහැකිව අන්ත අසරණව ස්වාමීනි වහන්සේලා තුන්නමක් සමග ආපසු බලංගොඩ ආරණ්‍යකට යාමට හැරී යනවිට රත්නපුර නගරයේ දී දෙවියන් පාර පෙන්නුවා සේ කැලේ භාවනා කරන චන්දානන්ද නම් තරුණ ස්වාමීන් වහන්සේ නමක් එදා මුණගැසුණ.
උන්වහන්සේ තමයි "මම දන්නා තැනක් තියනවා" කියල ගොඩකවෙල මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානය වෙත මාව එක්ක ගෙන ගියේ.
යන්න ගියපු ගමන නවත්වලා මාව පැවිදි කරන්න යන්න එදා එකතු වුණා. උන්වහන්සේගේ මගපෙන්වීම මතයි මල්වැස්සාවෙහෙර භාවනා මධ්‍යස්ථානයට ගිහින් මම උතුම් පැවිදි භාවය ලබාගත්තේ. වසර තිහකට වඩා මහ වනාන්තර වල හුදකලාව භාවනානුයෝගීව වැඩසිටිය උන්වහන්සේ ඊයේ උදෑසන පිංඩපාතය වඩින විට මහ වනයේදී වන අලි ප්‍රහාරයක ලක්වෙලා ඒ ස්ථානයේ දී ම අපවත්වී වදාළා.
අවුරුදු 52 වන උන්වහන්සේගේ මුළු පැවිදි ජීවිතයම මහා වනාන්තර ඇසුරු කරගෙන හුදකලාවම යි වැඩසිටියේ. උන්වහන්සේලා මහා කුසල් පුරමින් හිත දමනය කල උතුමන් වහන්සේලා.
මොන ආකාරයේ විපතකින් අපවත් වුවත් මේ කය අතහැර නිවන් මඟ සුදුසුම කල්‍යාණමිත්‍ර සම්පත්තිය ඇති සුගතියක නින්දෙන් පිබිදියා සේ උපදින්නට ඇති.
ධර්මාවබෝධය පිණිස අප්‍රමාණ වීර්යය වැඩූ, මාගේ පැවිදි ජීවිතයට අහම්බෙන් හෝ මුණගැසී අප්‍රමාණ උපකාරයක් කල ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන බොහෝ දුර නොවේවා,......
පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි.