ඔබේසේකර පවුලේ කතාව..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔබේසේකර පවුලේ කතාව..

    ඔබේසේකර පවුලේ කතාව... :cool::cool:

    පෘතුග්‍රීසි රජපවුලට සම්බන්ධ කුමාරයෙක් නමින් Owen Ferdinandez අපේ සිලෝන් එකට එනවා රාජකීය නාවුක හමුදාවේ කැප්ටන් කෙනෙක් විදියට 1630 හේ වසරෙදි... :cool::cool:

    මොහුගේ රාජකාරිය වෙන්නේ එවකට ලංකාවේ ප්‍රධානම වරාය වුණු ගාලු වරායේ ප්‍රධාන පරිපාලන නිලධාරියා විධියට කටයුතු කිරීමත් දකුණු ලකේ සියලුම වෙළද කටයුතු පාලනයත්... :cool::cool:

    රටේ නිරීක්ශණ කටයුතු කරන්න එහෙ මෙහෙ ඇවිද්දී මේ රටට පුදුම විදියට හිත ගිහින් මේ සුද්දට ලංකාව ගැන. ආයේ මව් රටට යන්න නම් බැරිය මෙහේ නවතින්නම ඕනය කියල හිතිලා.. ඒ ගමනේ ගාල්ලේ අහංගම කතලුවෙන් හොද හරියක් බලලා හදල සුපිරි වලව්වක්. ඊට පස්සේ ඒ වත්තේ ඉන්දල පොල් ගස් අටදාහක්...ඉඩම අක්කර 125ක් ලු.....:love::yes::cool::)

    image021.jpg

    අටදාහේ වත්ත වලව්ව කියල තමා කියන්නේ.. මොකෝඅ පොල් ගස් 8000 නිසා :love:

    දැන් වගේ නෙවෙයිනේ ඉස්සර අපේ සිලෝන්1 පට්ටම ලස්සනයිලුනේ. මම පරන පොතක කියවල තියනවා සිලෝන්1ට නැවෙන් එද්දි මුලින්ම ගාලු වරයට කලින් පෙන්නේ පිළිවෙලට යායට තියන පොල් යායක්ලු පෙනෙන තෙක් මානෙම.. ඒ පොල් යායට උඩින් නිල් පාට කන්දක් පේනවලු.. ඒ සීරීපාදේ කන්ද.. මවා ගන්න සින්හලුනි ඒ රූපය ඉතින්... :love::love::love::love::love:

    ඉතින් ඒ කාලේ ඔය දකුණු පළාතෙ ඉදියනේ ලොකු ලොකු හාමුදුරුවරු ගොඩක්ම.. ඒ කාලේ හිටපු මහ බුද්ධිමතෙක් තමයි කරතොට මහනායක හාමුදුරුවන් වහන්සේ.. මේ කැප්ටන් ගිහින් හාමුදුරුවො හමු වෙලා විස්තරේ කිව්වම මේයගේ රාජ වංශේ ගැන සලකළා යුවර් ලීඩර්(your leader ) කියන එක ඔබේ + සේකර විදියට හදලා මේයාට ඔබේසේකර කියන නාමය හොදයි කියලා යෝජනා කලාලු... :yes::yes:

    ඊලගට කසාද බැදල තියෙන්නේ මූණමල් වත්තෙ පරපුරෙන් ලස්සන කාන්තාවක් ලු.. :rolleyes:

    මේ අටදාහේ වත්තෙ වලව්ව ලංකාවේ නොනැසී තියන පරණම වලව්වක්.. :yes:
    කාලයක් තල්පෙ පත්තුවේ උසාවිය විදියටත් භාවිතා කොරල තියනවා...
    2004 සුනාමියෙන් මේ වලව්වට හානි උනත් සංස්කෘතික දෙපාර්තමෙන්තුව යටතේ තවමත් ලස්සනට මේක පවත්ව ගෙන යනවා.. :cool:

    ඉතින් අර සුද්දා මැරුනනේ කාලයත් එක්ක.. ඉන් පස්සේ මේ පරපුර පර්ම්පරා ගානක් තිස්සේ පැවතගෙන ඇවිත් ඩේසි එස්ලින් ඔබේසේකර කාන්තාව කසාද බදිනවා බණ්ඩාරනායක මහ මුදලි තුමාව 1898.ඒ කියන්නේ චන්ද්‍රිකාගේ සීයා.. :rolleyes::rolleyes:
    image018.jpg

    Nomads Tennis Club photo 1926...මේ ෆොටෝ එකෙ ඉස්සරහ කලු ශර්ට්1ක් ඇදන් ඉන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා තරුණ කාලේ.. ඔය ඉන්න කෑලි සෙට්1න් බහුතරේ ඔබේසේකර පරපුරේ අය

    රාජගිරියේ ඔබේසේකර වලව්වේ උන්න තව ඔය ඔබේසෙකරල ටිකක්.. මහ ධනවත්තු.. එයාලගේ වලව්වෙ තමා ඔය නිධානය පික්චර්1 ශූට් කලේ..:love::cool:
    image019.jpg

    ඔය උඹල අපි පහු ගියා කාලේ පන දාගෙන හෙවුව දික්කන්ද වලව්වත් අයිති ඔය ඔබේසේකර පරපුරේ අයටම තමා.. :P:P
    21_big.jpg

    image006.jpg

    image008.jpg

    මේ ඉන්නේ සිවා ඔබේසේකර මහත්මිය.. ඔය පවුලෙ අර සුද්දගේ මී මී මී මී.... මිනිපිරියක්.. :yes::yes:

    මේ පවුල් රට පුරාම පැතිරිලා ගියා ඒ කාලේ ලොකු ලොකු වලව් වලට... දැන් නම් මේ පවුල් වල ඉතිරි උන් ලංකාවේ අඩුයි ගොඩක්ම රට රටවල් වල ඉන්නේ... :yes::yes:
    ඔය අස්සේ ඉතින් අඩු කුලේ පරයොත් ඔබේසේකර කියලා දාගෙන ඉන්නවා. උන් නම් තකන්නම එපා..:angry::P:baffled::rofl::no::D:D

    අටදාහේ වත්ත වලව්ව :love::love:

    මචං ගොඩ විස්තර හොයල දැම්මේ... ගොඩක් ෆැමිලිට්‍රීස් ගැන හොයල දැම්මේ.. හුදෙක් ඉතිහාසේ දැනගන්න.. දැනුමට යමක් ගන්න. මේව බලද්දි තේරෙනවා අපේ ජිව්තෙ කොච්චර කොටයිද කියල... :yes::yes::confused:

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැටලිනා ප්ලෙන්1කින් දෙවෙනි ලෝක යුද්ධ කාලේ ගහපු ෆොටො1ක් තියනව ගාල්ලේ පොල්වතු පේන්න.. ඒක හොයගන්න බෑනේ මට...හරි ලස්සනයි. තියන කෙනෙක් දාන්න ඒක...නවසිය ගණන්වල එච්චර ලස්සනයි නම් 1600 ගණන් වල කොහොමට ඇත්ද ?
     
    Last edited:

    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Ammata udu me ape side aka gena.godak me wage family ake kattiya rata inne.un mehe annewath ne.galle thiyenawa athapattu walauwa.aka denata lankawe hoda thiyana walau walin akak.ake akama aithikaraya kollek.u americawe doctor.man danna aurudu 15k aka parai awe.ai awe ne.den walauwe wedakarapu pula thama thama balaganne.thama e paule aya e wede thama karanawa
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ammata udu me ape side aka gena.godak me wage family ake kattiya rata inne.un mehe annewath ne.galle thiyenawa athapattu walauwa.aka denata lankawe hoda thiyana walau walin akak.ake akama aithikaraya kollek.u americawe doctor.man danna aurudu 15k aka parai awe.ai awe ne.den walauwe wedakarapu pula thama thama balaganne.thama e paule aya e wede thama karanawa

    ඔබ හරි. ඒ ගැනත් කියන්නම් ඉස්සරහට :yes::yes::yes:
    යටත් විජිත පාලන කාලේ රට හොල්ලපු වලව් වැඩිම ප්‍රමාණයක් තිබුනේ බලපිටියෙ. අකමැත්තෙන් උනත් ඒක කියන්න ඕන. ඉස්සරහට දානවා ඔය හැම වලව්වක් ගැනම ඉඩ තියන විදියට... අපේ රටේ යටත් විජිත යුගේ රට හොල්ලපු, හික් ගෑවෙන කතා සේරම සාක්ශි එක්කම දානවා...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඔබ හරි. ඒ ගැනත් කියන්නම් ඉස්සරහට :yes::yes::yes:
    යටත් විජිත පාලන කාලේ රට හොල්ලපු වලව් වැඩිම ප්‍රමාණයක් තිබුනේ බලපිටියෙ. අකමැත්තෙන් උනත් ඒක කියන්න ඕන. ඉස්සරහට දානවා ඔය හැම වලව්වක් ගැනම ඉඩ තියන විදියට... අපේ රටේ යටත් විජිත යුගේ රට හොල්ලපු, හික් ගෑවෙන කතා සේරම සාක්ශි එක්කම දානවා...
    රනිල්ගෙ පරපුරත් බලපිටියෙ නේද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    පරණ ගොඩනැගිලි වල අළුත් ඒවගේ නැති සිසිලසක් , මනස තැන්පත් කරන ගතියක් තියෙනවා....පරම්පරා කෙසේවෙතත් උන්ගේ වලව් නම් පට්ට රෙප්++++
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Fake ඉළව් :P

    වළව්ව කියන්නෙ වළවු කියන දෙමළ වචනයෙන් හැදුන සිංහල වචනයක්,වළව් කියන ගොඩනැගිලි ඇත්තටම තියෙන්න මහනුවර මාතලේ සහ යාපනේ,ලංකාවේ අනික් ප්‍රදේශ වල තියන ගොඩක් වළව් කියන එවා ඉට පසු කාලිනව හැදුන Fake ඉළව්,ඔය දාල තියන එකත් එහෙම එකක් තමයි :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හම්මට මම දන්නා ඔබේසේකර කෙනෙකුත් ඉන්නව :baffled: මේක කියල අවුස්සන්න පුළුවන් ඕකව :P

    හි...හී....අනිවා :D:D

    Kohenda ban me wisthara hoyagatthe. Tfs :cool::cool:
    Rep+

    ක්‍රම 5කින් විතර මචං. තව විස්තර තියනවා දාන්නම් ඉස්සරහට..

    good article !
    ada rep iwri.. heta dennan :)

    එලම මචං කිසි අවුලක් නෑ..

    පරණ ගොඩනැගිලි වල අළුත් ඒවගේ නැති සිසිලසක් , මනස තැන්පත් කරන ගතියක් තියෙනවා....පරම්පරා කෙසේවෙතත් උන්ගේ වලව් නම් පට්ට රෙප්++++

    ඔව් ඇත්ත මචං පරණ ගෙවල් නම් සුපිරි. මම ගේ හදන්නේත් පරණ ටයිප්1ට

    Fake ඉළව් :P

    වළව්ව කියන්නෙ වළවු කියන දෙමළ වචනයෙන් හැදුන සිංහල වචනයක්,වළව් කියන ගොඩනැගිලි ඇත්තටම තියෙන්න මහනුවර මාතලේ සහ යාපනේ,ලංකාවේ අනික් ප්‍රදේශ වල තියන ගොඩක් වළව් කියන එවා ඉට පසු කාලිනව හැදුන Fake ඉළව්,ඔය දාල තියන එකත් එහෙම එකක් තමයි :P

    ප්‍රාන්තෙ අදාලම නැත.සිද්ධියයි වැදගත්...:D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් ඇත්ත මචං පරණ ගෙවල් නම් සුපිරි. මම ගේ හදන්නේත් පරණ ටයිප්1ට

    :D :love:
    ඇත්තටම පරණ ගෙවල් වල ස්ටයිල් එකේ මාර අමුතු ලස්සනක් තියෙනව :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    ඔබ හරි. ඒ ගැනත් කියන්නම් ඉස්සරහට :yes::yes::yes:
    යටත් විජිත පාලන කාලේ රට හොල්ලපු වලව් වැඩිම ප්‍රමාණයක් තිබුනේ බලපිටියෙ. අකමැත්තෙන් උනත් ඒක කියන්න ඕන. ඉස්සරහට දානවා ඔය හැම වලව්වක් ගැනම ඉඩ තියන විදියට... අපේ රටේ යටත් විජිත යුගේ රට හොල්ලපු, හික් ගෑවෙන කතා සේරම සාක්ශි එක්කම දානවා...

    බලපිටියේ තරං වලව් නැතුව ඇති කොහෙවත්

    තව මාතර එහෙමත් වලව් තිනවා ගොඩක්