මම දන්න විදිහට ඔබේසේකර පවුල බණ්ඩාරනායක පවුලට සම්භන්ද උනාට චෞර රැජිනගෙ ඇරියස් එකක් තිබ්බා ඔබේසේකරලත් එක්ක. ඔබේසේකරලට ගම්පහ අවටත් ඉඩකඩම් තිබුන පිරිසක්. දික්කන්ද වලව්වත් තියෙන්නෙ ගම්පහ - කිරිදිවැල පාරෙ තැනක. කොටින්ම වතුපිටිවල රෝහලත් ඔබේසේකරලගෙ. ඒකෙ හරි නම දැන් උනත් බලන්න පුලුවන් පරණ බෝඩ් එකක තියෙන්නෙ "ඔබේසේකර අර්යා රෝහල" විදිහට. හැබැයි චෞරරැජිනගෙ කාලෙ ඔය හරියෙ තිබ්බ ස්මාරකයකුත් කඩලා දැම්ම. හැබැයි ලගදි වේයන්ගොඩ පැත්තෙ ඉස්කෝලෙක ( මතක විදිහට සෙන්ට් මේරිස් ) ග්‍රවුන්ඩ් එක හදලා ඔබේසේකර පවුලෙ ගෑණුකෙනෙක්ගෙ ප්‍රතිමාවකුත් එක්ක විවෘර්ත කලා.
ඔව් මචං චන්ද්‍රිකා නෝනාට හිත ගියානේ ඔබේසේකර පවුලෙ කොලු ගැටයෙකුට.. ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් ගිහින් තමා අවුල උනේ...
Mokadda e seen eka. poddak dapanko denaganna
holman innawadaඔබේසේකර පවුලේ කතාව...
පෘතුග්‍රීසි රජපවුලට සම්බන්ධ කුමාරයෙක් නමින් Owen Ferdinandez අපේ සිලෝන් එකට එනවා රාජකීය නාවුක හමුදාවේ කැප්ටන් කෙනෙක් විදියට 1630 හේ වසරෙදි...
මොහුගේ රාජකාරිය වෙන්නේ එවකට ලංකාවේ ප්‍රධානම වරාය වුණු ගාලු වරායේ ප්‍රධාන පරිපාලන නිලධාරියා විධියට කටයුතු කිරීමත් දකුණු ලකේ සියලුම වෙළද කටයුතු පාලනයත්...
රටේ නිරීක්ශණ කටයුතු කරන්න එහෙ මෙහෙ ඇවිද්දී මේ රටට පුදුම විදියට හිත ගිහින් මේ සුද්දට ලංකාව ගැන. ආයේ මව් රටට යන්න නම් බැරිය මෙහේ නවතින්නම ඕනය කියල හිතිලා.. ඒ ගමනේ ගාල්ලේ අහංගම කතලුවෙන් හොද හරියක් බලලා හදල සුපිරි වලව්වක්. ඊට පස්සේ ඒ වත්තේ ඉන්දල පොල් ගස් අටදාහක්...ඉඩම අක්කර 125ක් ලු.....
![]()
අටදාහේ වත්ත වලව්ව කියල තමා කියන්නේ.. මොකෝඅ පොල් ගස් 8000 නිසා
දැන් වගේ නෙවෙයිනේ ඉස්සර අපේ සිලෝන්1 පට්ටම ලස්සනයිලුනේ. මම පරන පොතක කියවල තියනවා සිලෝන්1ට නැවෙන් එද්දි මුලින්ම ගාලු වරයට කලින් පෙන්නේ පිළිවෙලට යායට තියන පොල් යායක්ලු පෙනෙන තෙක් මානෙම.. ඒ පොල් යායට උඩින් නිල් පාට කන්දක් පේනවලු.. ඒ සීරීපාදේ කන්ද.. මවා ගන්න සින්හලුනි ඒ රූපය ඉතින්...
ඉතින් ඒ කාලේ ඔය දකුණු පළාතෙ ඉදියනේ ලොකු ලොකු හාමුදුරුවරු ගොඩක්ම.. ඒ කාලේ හිටපු මහ බුද්ධිමතෙක් තමයි කරතොට මහනායක හාමුදුරුවන් වහන්සේ.. මේ කැප්ටන් ගිහින් හාමුදුරුවො හමු වෙලා විස්තරේ කිව්වම මේයගේ රාජ වංශේ ගැන සලකළා යුවර් ලීඩර්(your leader ) කියන එක ඔබේ + සේකර විදියට හදලා මේයාට ඔබේසේකර කියන නාමය හොදයි කියලා යෝජනා කලාලු...
ඊලගට කසාද බැදල තියෙන්නේ මූණමල් වත්තෙ පරපුරෙන් ලස්සන කාන්තාවක් ලු..
මේ අටදාහේ වත්තෙ වලව්ව ලංකාවේ නොනැසී තියන පරණම වලව්වක්..
කාලයක් තල්පෙ පත්තුවේ උසාවිය විදියටත් භාවිතා කොරල තියනවා...
2004 සුනාමියෙන් මේ වලව්වට හානි උනත් සංස්කෘතික දෙපාර්තමෙන්තුව යටතේ තවමත් ලස්සනට මේක පවත්ව ගෙන යනවා..
ඉතින් අර සුද්දා මැරුනනේ කාලයත් එක්ක.. ඉන් පස්සේ මේ පරපුර පර්ම්පරා ගානක් තිස්සේ පැවතගෙන ඇවිත් ඩේසි එස්ලින් ඔබේසේකර කාන්තාව කසාද බදිනවා බණ්ඩාරනායක මහ මුදලි තුමාව 1898.ඒ කියන්නේ චන්ද්‍රිකාගේ සීයා..
![]()
Nomads Tennis Club photo 1926...මේ ෆොටෝ එකෙ ඉස්සරහ කලු ශර්ට්1ක් ඇදන් ඉන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා තරුණ කාලේ.. ඔය ඉන්න කෑලි සෙට්1න් බහුතරේ ඔබේසේකර පරපුරේ අය
රාජගිරියේ ඔබේසේකර වලව්වේ උන්න තව ඔය ඔබේසෙකරල ටිකක්.. මහ ධනවත්තු.. එයාලගේ වලව්වෙ තමා ඔය නිධානය පික්චර්1 ශූට් කලේ..![]()
![]()
ඔය උඹල අපි පහු ගියා කාලේ පන දාගෙන හෙවුව දික්කන්ද වලව්වත් අයිති ඔය ඔබේසේකර පරපුරේ අයටම තමා..
![]()
![]()
![]()
මේ ඉන්නේ සිවා ඔබේසේකර මහත්මිය.. ඔය පවුලෙ අර සුද්දගේ මී මී මී මී.... මිනිපිරියක්..
මේ පවුල් රට පුරාම පැතිරිලා ගියා ඒ කාලේ ලොකු ලොකු වලව් වලට... දැන් නම් මේ පවුල් වල ඉතිරි උන් ලංකාවේ අඩුයි ගොඩක්ම රට රටවල් වල ඉන්නේ...
ඔය අස්සේ ඉතින් අඩු කුලේ පරයොත් ඔබේසේකර කියලා දාගෙන ඉන්නවා. උන් නම් තකන්නම එපා..
අටදාහේ වත්ත වලව්ව
මචං ගොඩ විස්තර හොයල දැම්මේ... ගොඩක් ෆැමිලිට්රීස් ගැන හොයල දැම්මේ.. හුදෙක් ඉතිහාසේ දැනගන්න.. දැනුමට යමක් ගන්න. මේව බලද්දි තේරෙනවා අපේ ජිව්තෙ කොච්චර කොටයිද කියල...
මචන් D_Mad උඹේ ත්‍රෙඩ් වලට උඹ ටැග් එකක් දාගනින්කෝ බන්.....එතකොට සේරම ටික එක ගොඩකට ගත්ත හැකිනේ බන්...
උඹේ ID එක හොය හොයා ඉන්නවට වඩා Tag cloud එකෙන් search කරලා යන එක ලේසියි නේද?
පට්ට ත්‍රෙඩ් ටිකක් තියෙනවනේ බන්....උදව් ඉල්ලපු එව්වා, දෙයක් හොයා ගන්න දාපුවා නෙමේ මම කිව්වේ...මේ වගේ ත්‍රෙඩ්.
එතකොට අර පොර්න්හබ් රිවිව් එක, අඟහරු ලෝන්ච් එක, රුසියාවේ අතහැරපු තැන් වල එක, රියෝ පුස්තකාලේ ගිනි ගනිපු එක වගේ.....
අදහසක් හැටියට කියන්නේ....
... ඕක මතක් උනේ නෑනේ කලින්.