ඔබේ ඉරණම්කරු ගැන කල්තියාම දැනගන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    යොවුන් විය ළඟාවෙත්ම බොහෝ දෙනකුගේ එකම අපේක්‍ෂාව වන්නේ විවාහයයි. විවාහය ආකාර කීපයකින් සිදුවෙයි. නමුත් ඉන් ප්‍රධාන ආකාර දෙක වන්නේ යෝජිත විවාහය සහ ප්‍රේම සම්බන්ධිත විවාහයයි. මේ අතර විවාහය අහිමි වී සිටින අය ද සිටිති. කෙසේ නමුත් විවාහයක්‌ හෝ විවාහයක්‌ සඳහා පදනම වැටෙන්නේ ආත්මීය බැඳීමක්‌ මත බව සත්‍යයකි.

    විවාහයක්‌ වෙනුවෙන් යුවළක්‌ කැමති වුවද ඒ යුවළගේ දෙපාර්ශ්වයේ අය තරමක්‌ විරුද්ධ වීම නිසා විවාහයන් බිඳවැටෙයි. දෛවය අනුව විවාහයක්‌ සිදුවන බව පිළිගැනීමට අකමැති මෙවැනි විරුද්ධකාරයන් නිසා ප්‍රේමවන්තයන් සදාකාලිකව දුක්‌විඳින අවස්‌ථා එමටය. එය මහා පාපයකි.

    කෙසේ වෙතත් ජ්‍යෙdතිෂය අනුව විවාහය සිදුවන අයුරු සහකරු පිළිබඳව බොහෝ දේ ප්‍රකාශ කළ හැකි නමුත් කේන්දරයටම මුළු ජීවිතය බාරදෙන බොහෝ දෙනකු විවාහයක්‌ කර නොගෙන මුළු ජීවිතයම අඳුරු කරගනියි. ඇසූ විට පවසන්නේ කුමන හෝ ජ්‍යෙdතිෂවේදියකු විවාහ ඵලයක්‌ තම හඳහනේ නොමැති බව ප්‍රකාශ කළ වගයි.

    ජ්‍යෙdතිෂයට අනුව විවාහය සඳහා ජ්‍යෙdතිෂවේදීන් සලකා බලන්නේ කේන්දරයක හත්වැනි කොටුවයි. සිකුරු ග්‍රහයා කේන්දරයක හත්වැන්නේ සිටින විට ඉඳුරාම හොඳ විවාහයක්‌ සිදුවන බව ඇතැම් ජ්‍යෙdතිෂවේදීන් ගත් කටටම කියයි. නමුත් මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදිය. ඊට අමතරව සලකා බැලිය යුතු කරුණු කාරණා කීපයක්‌ම වෙයි.

    ඉතාම සරලව මේ ගැන යමක්‌ දැනගැනීමට නම් ඔබ මුලින්ම ඔබේ කේන්දරයේ හත්වැන්නාධිපති කවුරුන් දැයි දැනගත යුතුය. මින් අදහස්‌ වන්නේ හත්වැනි කොටුවේ තැන්පත් වී සිටින ග්‍රහයාම නොවේ. ඔබේ පහසුව පිණිස ඔබේ කේන්දරයේ හත්වැන්නාධිපති පහතින් සටහන් කරමි.

    මේෂ ලග්නයේ හත්වැන්නාධිපති සිකුරුය. වෘෂභයේ කුජය, මිථුනයට ගුරුය. කටකයට ශනිය. සිංහයට ද ශනිය. කන්‍යාවට ගුරු වන අතර තුලාවට කුජ වෙයි. වෘශ්චිකයට සිකුරුය. ධනු ලග්නයට බුධ හත්වැන්නාධිපති වන අතර මකරයට සඳුය. කුම්භයට රවිය. මීනයට බුධය.

    මීට අමතරව විවාහය පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී කේන්දරයක චන්ද්‍රයා සිටින තැන සිට හත්වැන්න ගැන ද සිකුරුගේ හත්වැන්න ගැන ද හත්වැන්නේ සිට හත්වැන්න ගැන ද ග්‍රහයන් ගැන මැන යම් තීරණයකට එළැඹිය යුතුය.

    කෙසේ වෙතත් ඔබේ කේන්දරයේ හත අධිපතියා සිටින්නේ ලග්නයේම නම් එනම් පළවැනි කොටුවේ නම් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු කෙනකු විවාහයට ලැබේ. සහකරුවකු හෝ සහකාරියක සොයා එතරම් වෙහෙසිය යුතු නැත. ඉබේම ඔබව සොයාගෙන සහකරු පැමිණෙයි. මෙසේ පිහිටන ග්‍රහ තත්ත්වය ඉතාම වාසනාවන්තය.

    ඔබේ හත්වැන්නාධිපති සිටින්නේ දෙවැනි කොටුවේ නම් ඔබට ප්‍රේමය ප්‍රකාශ වන්නේ ගායනය, කථික තරග වැනි තමන්ගේ හැකියාවන් ප්‍රකාශ වන අවස්‌ථාවකදීය. මෙය මංගල සාදයක්‌ වැනි අවස්‌ථාවකදී හෝ විය හැකිය. සහකරු ලැබෙන්නේ ඉතාම ළඟ ප්‍රදේශයකිනි. ඇතැම් විට ඔහු ගැන කල්තියාම දන්නා අයකු ද විය හැකිය. විවාහයට ආශිර්වාදය කැමැත්ත නිරන්තරයෙන්ම ලැබෙයි. ලැබෙන සහකරු ද ඉතාම හොඳ කෙනකු වන්නේය.

    හත්වැන්නාධිපති සිටින්නේ තුන්වැනි භාවයේ නම් ඔබට ලැබෙන සහකරු ඉතාම කෙළින් Rජු තීරණ ගන්නා අයෙකි. නිවටයකු නොවේ. වංචාකාරයකු ද නොවේ. රජයේ ඉහළ තනතුරු දරන අයකු වෙයි. විවාහයට බාධා පැමිණෙන්නේ නැත. තේජවන්ත අයෙකි. බොහෝ විට ප්‍රේමය මත සිදුවන විවාහයකි. දැවැදි ඇතුළු බොහෝ දේ ලැබෙයි.

    ඔබේ ලග්නයේ හත්වැන්නාධිපති සිටින්නේ හතරවැන්නේ නම් යථාර්ථවාදීව ක්‍රියාකරන අයකු සහකරුවකු වශයෙන් ලැබෙයි. ඔහු හමුවන්නේ කිසිවිටක බලාපොරොත්තු වූ අවස්‌ථාවක හෝ ක්‍රමයකින් නොවේ. බුද්ධියෙන් පරිපූර්ණ අයෙක්‌ වන අතර අන්‍යයන්ට උදව් උපකාර කරන වංචාකාරයෙක්‌ නොවන පුද්ගලයකු වෙයි. ස්‌ථානෝචිත ප්‍රඥවෙන් කටයුතු කරන අයකු වේ. මේ විවාහයට බාධාවන් එල්ල වෙයි. එහෙත් විවාහය සිදු වුවහොත් සැප සම්පත් අධිකව ලැබෙයි. එම විවාහය ඇතැම් විට නිත්‍යානුකූල නොවෙයි. අසම්මත විවාහයක්‌ වීමට ද ඉඩ ඇත. නමුත් සියලු දේ කාලය සමග පහව යයි. ඔවුනොවුන් ඉතා ආදරයෙන් ජීවත් වෙයි.

    හත්වැන්නාධිපති පහේ වූ විට ඔබේ සහකරු කලාකාරයකු වෙයි. නිතරම යමක්‌ ඉගෙන ගැනීමට යත්න දරන අයෙකි. ඇසුරක්‌ මත සිදුවන විවාහයකි. වැඩිහිටියන්ගේ කැමැත්ත බොහෝවිට ලැබෙන්නේ ගොඩාක්‌ ප්‍රමාද වීමෙන් පසුවය. මේ නිසා ප්‍රේම සම්බන්ධය බොහෝ කල් ඇදගෙන යැමට සිදුවෙයි. මුළු ජීවිතයම ආදරයෙන් කල්ගෙවිය හැකිය. අඩදබරවලට ද හේතුය. නමුත් ආදරය පන සේ රකියි. විශ්වාසවන්තය.

    හත්වැන්නාධිපති හයේ වී නම් ඔබට හමුවන සහකරු ඔබේ අදහස්‌වලට ප්‍රතිවිරුද්ධ අදහස්‌ ඇති අයෙකි. ආරක්‍ෂක හෝ කාර්මික ක්‍ෂේත්‍රවල අයකු විය හැකිය. සුළු දේටත් කිපෙන අයෙකි. ඔබ දෙදෙනා සතුරන් මෙන් ජීවත් වෙයි. නිතරම කනස්‌සලු ගතියකින් ජීවත් වෙයි. ගැටලු නිරාකරණය කර ගැනීමට නොහැක. සුව කළ නොහැකි රෝගී ලක්‍ෂණයක්‌ ජීවිතයේ පසු භාගයේදී ඉස්‌මතු විය හැකිය.

    හත්වැන්නාධිපති හතේ නම් සහකරු ආගමට ලැදි අයෙකි. පරිත්‍යාගශීලීය. රාගික හැඟීම් වලින් යුක්‌ත වෙයි. උසේ තරමට මහත ඇති අයෙකි. නිස්‌කලංකව ජීවත්වීමට උත්සහ දරයි. උරුම වන්නේ ප්‍රේමණීය විවාහයකි. සහකරු සහකාරිය සොයා ගැනීමට එතරම් අපහසු නොවේ.

    අටවැන්නට ඔබේ හත්වැන්නාධිපති පැමිණ ඇත්නම් ප්‍රේමය හමුවන්නේ හදිසියෙනි. තමන්ගේ අදහස්‌වලට නොගැලපෙන අයෙකි. පහත් වැඩවලට පෙළඹේ. ආගමික භක්‌තියක්‌ නොමැත. ජීවිතය තෘප්තිමත් නොවේ. සෑම විටම තමන්ගේ වාසිය ගැන පමණක්‌ සිතයි.

    හත්වැන්නාධිපති නවයේ නම් ඔබේ සහකරු නිතර නිතර දුර ගමන් යන අයෙකි. ජීවිතයේ ප්‍රශ්න බාධක ගැටලු එතරම් සැලකිල්ලකට නොගනී. විශාල ලෙස බලාපොරොත්තු ඇතිකර ගන්නා අයකු නොවේ. පෙර සංසාරයේ සිට පතාගෙන එන සහකරුවෙකි. උස මහත ඇතත් සිරුරේ ප්‍රියමනාප හැඩයක්‌ නොමැති අයෙකි.

    හත්වැන්නාධිපති දහයේ නම් රාජ්‍ය අංශයක ස්‌ථිර රැකියාවක්‌ හෝ ව්‍යාපාරයක නිරත වූවෙකි. සාධාරණ තීන්දුවලට අනුව වැඩ කරන අයෙකි. පරාර්ථකාමී අදහස්‌ ඇති වර්තමානයට වඩා අනාගතය කෙරෙහි සිතන අයෙකි. කලබල ගතිවලින් තොරය.

    හත්වැන්නාධිපති එකොළහේ නම් ඔබේ සහකරු සහකාරිය ඔබ දෙදෙනාව සොයා එන්නවුන් වෙයි. ප්‍රේමාන්විතය. කාර්යශූර එඩිතර අයෙකි. තරමක්‌ කලබලකාරීය. සිතන දේවල් ඒ අවස්‌ථාවේම ක්‍රියාවට නංවයි. විවාහය ගැටලු වන්නේ තීතිමය පැත්තෙන් පමණි. ඇතැම් විට නිත්‍යානුකූලව විවාහ නොවෙයි. එහෙත් කිසිදාක හැර නොයයි.

    දොළොස්‌වැන්නේ සිටින විට සහකරු හමුවන්නේ දුර බැහැරිණි. සහජ කුසලතා ඇති අයෙකි. අලංකාරයට විනෝදයට ප්‍රිය වේ. ධනය ලෞකික සැප සම්පත්වලට යොදවයි. විදෙස්‌ ගත ධනය ද ලබාගනී. විදේශගත විය හැකිය. සැප සම්පත් භුක්‌ති විඳියි. හොඳ බැඳීමක්‌ පවතී.

    මේ තොරතුරු අනුව ඔබේ ඉරණම්කාරයා කෙබඳු අයෙක්‌ ද යන්න කල්තියාම දැනගැනීමට උත්සහ කරන්න.
    [URL='https://www.divaina.com/2015/08/16/naka12.html']Source-[/URL]
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Meme Reaction GIF
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හත්වැන්නාධිපති එකොළහේ නම් ඔබේ සහකරු සහකාරිය ඔබ දෙදෙනාව සොයා එන්නවුන් වෙයි. ප්‍රේමාන්විතය. කාර්යශූර එඩිතර අයෙකි. තරමක්‌ කලබලකාරීය. සිතන දේවල් ඒ අවස්‌ථාවේම ක්‍රියාවට නංවයි. විවාහය ගැටලු වන්නේ තීතිමය පැත්තෙන් පමණි. ඇතැම් විට නිත්‍යානුකූලව විවාහ නොවෙයි. එහෙත් කිසිදාක හැර නොයයි
     
    GeekHash

    Member
    May 12, 2021
    3
    0
    1

    හත්වැන්නාධිපති පලවෙනි කොටුවේ ශනි එක්ක ඉන්නෙ එතකොට කොහොමද ? මං කුම්භ ලග්නෙ..