ඔබේ දරුවාට TV 📺, Smart Phone,Tab📱, Play station🕹️ එක දීමට පෙර මේ ගැන සිතන්න...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔබේ දරුවාට TV 📺, Smart Phone,Tab📱, Play station🕹️ එක දීමට පෙර මේ ගැන සිතන්න...

    ඔබ දන්නවාද වැඩිපුර ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට වර්චුවල් ඔටිසම් (virtual Autism) හැදෙන්න පුලුවන් බව?

    මේ මාතෘකාව වඩා ගැලපෙන්නේ Covid-19 නිසා දරුවන් ගෙදර සිටින නිසා TV, Phone හා නොයෙක් ඉලෙක්ට්‍රොනික තිර සමග වැඩිපුර කාලයක් ගත කරන නිසයි.

    වර්චුවල් ඔටිසම් (virtual Autism) ගැන කතාකිරීමට කලින් ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට සිදුවන හානිය පිලිබදව කල පරීක්ෂණයක් ඔබට අපි මුලින් කියන්නම්.

    අවුරුදු 4ක දරුවන් දෙදෙනෙක්ට චිත්‍රයක් ඈදීමට කිව්වා. මේ සදහා TV, Phone තිරයන් දෙස වැඩිවේලාවක් බලන් සිටින දරුවකු හා අඩුවේලාවක් TV, Phone තිරයන් දෙස බලන් සිටිනා දරුවෙක් යොද ගත්තා.

    එහිදී ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ වැඩි වේලාවක් සිටින දරුවාට නිවැරදිව චිත්‍රයක් සම්පුර්ණ කර ගැනීමට පවා අපහසු වෙනවා.

    මේ සියලු කරුණු කාරණා සමග වර්චුවල් ඔටිසම් (Virtual Autism) පිළිබද කතා කිරිම වැදගත් වේ යැයි හිතනවා. මොකද මේ සම්බන්ධව දෙමාපියන්ගේ දැනුවත්වීම තරමක් අඩුයි.

    දැන් අපි බලමු මොකක්ද මේ වර්චුවල් ඔටිසම් (virtual Autism) කියන්නේ?

    දැන් මෙය කියවන ඔබට හිතන්න පුලුවන් අනේ! අපේ දරුවාටත් මේක තියනවාද?
    කොහොමද දරුවාව මේකෙන් ආරක්ෂා කරන්නේ?
    කියන බොහෝ ප්‍රශ්න දෙමාපියන්ට ඇතිවෙනවා...

    අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ 👇මොනවද කියලා

    📌️කථන භාෂා ප්‍රමාදය සහ සන්නිවේදන බිද වැටිම (Speech Language Delay & Communication Breakdown)

    📌️හැසිරිමේ ඇතිවන වෙනස්කම්ය (Restricted & Repetitive Behaviors)

    📌️ සමාජ අන්තර්ක්‍රියා කිරීමට අපහසුවීම (Impaired Social Interaction)

    ඔටිසම් රෝගී ලක්ෂණ එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට වෙනස්විය හැක. එහි තිවුරතාවයද වෙනස් වෙනවා.

    මේ සදහා විවිධ හේතු බලපෑහැකි අතර නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැත.

    නමුත් නවතම සායනික අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ රූපවාහිනී තිරය 📺 , Phone තිරය📱, පරිඝණක 💻🖥️, වීඩියෝ ක්‍රිඩා 🕹️ වැනි ඉලෙක්ට්‍රොනික් තිර සදහා වැඩි කාලයක් (screen time) ගත කරන (දිනකට පැය 4කට වඩා) කුඩා දරුවන්ට “ඔටිසම්” රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

    මෙය “වර්චුවල් ඔටිසම්” (Virtual autism) හෝ ඉලෙක්ට්‍රොනික තිර නිසා ඇතිවන ඔටිසම් යනුවෙන් හදුන්වනු ලබයි.

    මෙවැනි දරුවන් පරීක්ෂාකරන විටදී අපට දෙමාපියන්ගෙන් නිතර ඇසෙන දෙයක් වන්නේ..

    "දරුවට කෑම කවාගන්න ඕන උනාම Phone එක ටිකක් දෙනවා දැන් එයා තනියම Youtube යන්නත් දන්නවා",

    "අපි බබාව අඩන්නේ නැතිව තියාගන්නේ TV එකේ Baby TV දාලා දැන් එයා තනියම ඉගෙන ගන්නවා",

    "අපි දෙන්නම් Office යනවා ඉතින් අපිට TV, Phone එක බබාට දෙනවා"

    "ආච්චී, සීයායි තමයි දරුවාව දවල්ට බලා ගන්නේ ඉතින් පොඩ්ඩක් TV එක බලනවා"

    ඇත්තටම අපි මේ ගැන වැඩිදුර සොයා බලන විට දරුවා දවසට පැය 3-4 ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවා. මෙය සුදුසු දෙයක් නම් නෙවෙයි.

    කරුණාකරල මේ වැරදි කරන්න එපා!

    මොකද ඒවායෙන් එන රූප, ආලෝකය, ශබ්ද දරුවා දිගටම මේ තිර ඉදිරියේ තබා ගැනීමට හැකිවෙනවා. නොදැනුවත්වම දරුවා මෙයට ඇබ්බැහි වීමක් සිදුවෙනවා. මෙය ඔබේ දරුවාගේ මොලයේ වර්ධනයටද බාධා කරනවා.

    මේ නිසා දරුවන් ඔවුන්ගේ,

    🚫නමට ප්‍රතිචාර නොදැක්වීම
    🚫දරුවාගේ කතාකිරීම ප්‍රමාද වීම්
    🚫දරුවන්ට අධික ලෙස කේන්තියාම
    🚫තනියෙන් සිටීමට කැමතිවීම

    වැනි හැසීරීම් වල වෙනස්කම් දකින්න පුලුවන් වෙනවා.

    ඇයි මෙහෙම වෙන්නේ?

    මේ සදහා අපේ මොලයේ තිබෙන හෝමොන, ස්නායු සම්ප්‍රේෂකය ඇතුලු අනෙක් රසායනික ද්‍යවය වෙනස්වීමකට ලක්වෙනවා.

    මෙහිදී ඩොපමින් (Dopamine) ඇතුලු අනෙක් ස්නායු සම්ප්‍රේෂකයක ශාවය වීම මගින් TV, Smart Phone වලට දරුවා ඇබ්බැහිවීමකට ලක්වෙනවා. මෙය වැඩිහිටියන් වන අපටද පොදු කරුණකි.

    මේ තත්වයෙන් ඔබේ දරුවා මුදවාගැනිමට සදහා අනුගමනය කළහැකි දේ මොනවද?

    ✔️ TV, Phone එක නරඹන කාලය සීමා කරන්න.

    වයස අනුව අනුමත screen time පහත පරිදිවේ

    📌️මාස 18 අඩු- සුදුසු නැත
    📌️අවුරුදු 1.5 - 2 අතර -විනාඩි 30 අඩු කාලයක් දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යය වේ
    📌️අවුරුදු 2-5 අතර - පැයකට අඩුවෙන් හා දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යයවන අතර දරුවාට ඒ අවස්ථාවන් විස්තර කල යුතුය.

    ✔️ TV, Phone එක වෙනුවට වෙනත් ආදේශක හුරුකරන්න.

    ✔️දෙමාපියන් වන ඔබ දරුවන් ඉදිරියේ TV, Phone භාවිතය අවම කරන්න.

    ✔️හැකි සෑම විටම දරුවන් සමග කතාකරමින් හා සෙල්ලම් කරමින් කාලය ගතකරන්න.

    ඔබේ දරුවා "වර්චුවල් ඔටිසම්" තත්වයෙන් වළක්වා ගැනීමේ ලොකුම වගකීම තිබෙන්නේ දෙමාපියන්වන ඔබ සතුවයි.

    මේ නිසා යමක් සිදුවීනට පෙර මෙවැනි තත්වයන් මගහරවා ගැනීමට සුදුසුය. — with P A Nimme and 2 others.
     
    sujani147963

    Member
    Apr 22, 2021
    15
    13
    3
    sri lanka

    maaka godak watenawa