ඔබේ දෑසයි, ඔබේ දෑසයි

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
ඔබේ දෑසයි, ඔබේ දෑසයි



ඔබේ දෑසයි, ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිදුරු දෑසයි
කිදුරු දෑසයි......

ඇත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ .......//
දුරක සිටියත් ලගක සිටියත්
ඔබේ ඇස මට නිබද සිහි වේ.....//


ඔබේ අඩවන් නුවන් දුටු සද
රාග ගින්නෙන් දැවෙයි මා හද.......//
එවන් දෑසින් සිහින් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද..........


මහගම සේකරයන් ගේ රචනයනේ පණ්ඩිත් අමරදේව මහතාගේ ගායනයෙන් රසවත් වෙන මෙම ගීතයේ සැගවී ඇති අර්ථය තමයි මේ ත්‍රෙඩ් එකෙන් දාන්න යන්නේ.

අප තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වැඩ වසන සමයේ සිදුවෙන එක්තරා සිදුවීමක් තමයි මෙලෙස ඉතාම රසවත් ආකාරයට මහගමසේකරයන් විසින් රචනා කරලා තියෙන්නේ.

මේ කාලයේ වැඩ වසනවා සුබා නම් තෙරණින් වහන්සේ නමක්. මෙම තෙරණින් වහන්සේ පැවදි දිවියට ඇතුලත් වෙන්න කලින් සුබාගේ තිබෙන රුපයට පෙම් බදින තරුණයන් රාශියක් විවාහ යෝජනා ගේනවා. මේ සේරම ප්‍රතික්ෂේප කරන සුබා පියාණන්ගේ අවසර අරගෙන පැවදි වෙනවා.

සුබා පැවදි උනත් එක තරුණයෙක් කැමති වෙන්නේ නැ සුබාව අමතක කරන්න. ඉතින් එක දවසක් මේ තරුණයා සුබා තෙරණියව හමු වෙන්න යනවා. මේ තරුණයා ගිහින් සුබා තෙරණියට කියනවා ඔහු සුබා තෙරණියට ආදරය කරන බව.

මේ කතාව අහන සුබා තෙරණිය තරුණයාගෙන් අහනවා ඔබ මගේ මොනවටද ආදරේ කරන්නේ..? එතකොට තරුණයා කියනවා මම ඔබේ ඔය ඇස් වලට ආදරය කරන්නේ ,


ඔබේ දෑසයි, ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිදුරු දෑසයි
කිදුරු දෑසයි....


කොහේ හිටියත් මට ඔබේ ඇස් නිතර නිතර මතක් වෙනවා,

ඇත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ .......//
දුරක සිටියත් ලගක සිටියත්
ඔබේ ඇස මට නිබද සිහි වේ.....//


ඉතින් මම ඔබේ ඇස් වලට යි පෙම් කරන්නේ ..........

ඔබේ අඩවන් නුවන් දුටු සද
රාග ගින්නෙන් දැවෙයි මා හද.......//
එවන් දෑසින් සිහින් දිය ඉස
නිවන් ගිනිගෙන දැවෙන මා හද..........


ඉතින් මේ කතාව අහන සුබා තෙරණිය තමන්ගේ ඇස් දෙක ගලවලා ඒ තරුණයාගේ අතේ තියනවා. අර තරුණයා ලස්සනයි කියලා වර්ණනා කරපු ඒ තරුණයා ආදරය කරපු ඇස් දෙක සුබා තෙරණිය එම තරුණයාට දෙනවා......

ඉතින් මේ වගේ සිද්දියක් කොයි තරම් ලස්සනය ගීතයක් ඇසුරින් ඉදිරිපත් කරනවාද. ඉතින් මහගම සේකර මහතා සහ අමරදේව මහතාගේ මේ සංකලනය අද වෙද්දී අපිට අහිමි වෙලා ඉවරයි.

ඉතින් දැන් කාලේ තියන ගීතයක් එක්ක ලගකින්වත් තියන්න බැරි තරම් අර්ථ රසයක් ශබ්ද රසයක් මේ ගීත වල තියනවා.

ඉතින් කට්ටිය රස විදින්න ඇති කියලා හිතනවා.


හොදයි නම් රේප් දිගන යන්න.
 
Last edited:

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
මේ සින්දුවේ තේරුම මම දැන ගත්තේ ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති වැඩසටහනේ චන්දන කරපු කතාවකින්. පට්ටටම කිව්වා.