ඔබේ පෞද්ගලිකත්වය සුන්

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඔබේ පෞද්ගලිකත්වය සුන්

    ඔබේ පෞද්ගලිකත්වය ඉවරයි :angry:




    google.jpg



    ඔබ අන්තර්ජාලය ට පිවිස කුමන හෝ සෙවුම් යන්ත්‍රයක ආධාරයෙන් තොරතුරු සොයා බැලුවද එම සෙවුම් යන්ත්‍රයේ අයිති සමාගම් ඔබේ පුද්ගලික තොරතුරු උරා ගන්නා බව ඔබ දන්නවාද.?ඔබ අන්තර්ජාලයට පිවිස කරන සියලු කටයුතු ඔබේ කුකීස්(cookies)බ්‍රවුසරයේ තැන්පත්වේ.නැවත ඔබ අන්තර්ජාලයට සම්බන්ද වනවිට එම තොරතුරු සෙවුම් යන්ත්‍රය උකහා ගනී.ඔබ නිතර යන එන වෙබ් අඩවි,නිතර බලන වීඩියෝ,කොතරම් වෙලාවක් චැට් කරයිද?ඔබ නිතර සොයන තොරතුරු
    ආදිය එක තැනකට එක්රැස් කර ඔවුන් ඔබ ගැන චිත්‍රයක් මවා ගනු ලැබේ..මෙය ඔබ ගැන එක පුද්ගලයෙකු නෙත් අයාගෙන කරන ක්‍රියාවක් නොවේ.අතිශය සුක්ෂම තාක්ෂණයක් හරහා මෙලෙස ඔවුන් ඔබේ රුචි අරුචිකම් සොයාබලනුයේ කොටින්ම කිවහොත් ඔබෙන් වක්‍රාකාරව යම් මුදලක් කොටා ගැනීමටය.


    ඔබගේ රුචි අරුචිකම් සොයා ගන්නා මෙම සෙවුම් යන්ත්‍ර විසින් ඔබට වැදගත් විය හැකි අන්දමේ වෙළෙඳ දැන්වීම් ස්වයංක්‍රීයවම ඔබ වෙත එවයි.එය විදුලි පණිවුඩ හරහා හෝ ඔබ සතු වෙබ් අඩවි හරහා විය හැක.එම දැන්වීම් දකින ඔබ එහි ඔබට අවශ්‍ය යයි හැඟෙන යමක් දුටුව හොත් ඔබ එය මිලදීගන්නට හෝ ඒ පසුපස හඹා යන්නට පෙළඹේ.සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් බලාපොරුත්තු වන්නේද මෙයයි.ඔබ ඔවුන් එවන දැන්වීම් වලට වසඟ වන තරමට ඔවුන්ට ලැබෙන ආදායමද වැඩිවේ.ලොව බොහොමයක් සෙවුම් යන්ත්‍ර තම ආදායම සපුරා ගන්නේ වෙළෙඳ දැන්වීම් වලින් ලැබෙන ආදායමෙනි.

    අපට මෙලෙස නොමිලේ සෙවුම් යන්ත්‍ර ලබාදී ඇත්තේ අපට ආදරයට නොවන බව මේ අනුව ඔබට පෙනීයනු ඇත.මේ අනුව ඔබේ පුද්ගලික තොරතුරු සෙවුම් යන්ත්‍ර වලට අමතරව වෙනත් අයට යනවාද?මෙයට ගුගල් සමාගමේ පුද්ගලිකත්වය සුරැකීමේ ප්‍රධානියෙකු පවසන්නේ මෙම තොරතුරු වෙනත් අය අතට පත වීමට ඉඩ තබා නැති බවය.එහෙත් සෙවුම් යන්ත්‍ර වලින් අපට නොමිලේ ලැබෙන සේවය ගැන බැලු විට අපට ඔවුන්ට එරෙහිව චෝදනා කිරීමට ඔවුන් අපට ඉඩක් තබා නැත.



    ~ හිමිකම අයිති : සිසිරට