ඔබේ වාහනේ විදුලි කණුවක හැප්පුනොත් මොකද කරන්නේ?
කවුරුහරි දැක්කේ නැත්නම් හෙමින්සැරේ මාරු වෙනවද? නෑ, ඒක තමයි කරන්න තියෙන ලොකුම මෝඩ වැඩේ. මේ ලිපිය එහෙනම් පරිස්සමට කියවන්න.
විදුලිබල මණ්ඩලයේ, ජලසම්පාදන මණ්ඩලයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ, පලාත් පාලන ආයතනයේ යන ආයතනයන්හි දේපල අයත්වන්නේ රාජ්‍ය දේපල ගණයට. ඒවාට සිදුවන හානි සඳහා වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා ඕනෑම රක්ෂණ සමාගමක් බැඳී සිටිනවා. ඉතින් ඇයි ඒ වියදම් දරන්න පාර්ශවයක් ඉන්දැද්දිත් පැනලා යන්නේ? දැන් ඔබේ ගැටලුව "අපිට තියෙන්නේ 3rd Party insuarance එකක්නේ" කියලා නේද? ඉතින් ඒක තමා 3rd party කියන්නේ. වාහනයකට අවම වශයෙන් 3rd party insuarance එකක්හරි දාන්න කියන්නේ ඒකයි. අවම වශයෙන් ඔබේ අනතුර නිසා තෙවන පාර්ශවයට සිදුවන අලාභය හෝ ප්‍රතිපූරණය කිරීමට ඔබට ශක්‍යතාවය තිබියයුතුයි කියන එකයි. සරල තේරෙන සිංහලෙන් කියනවනම් "ඔබ අනතුරකට ලක්වුණොත් ඔබගේ අලාභය කෙසේ වෙතත් තෙවන පාර්ශවයේ අලාභය හෝ අවම වශයෙන් ප්‍රතිපූරණය කරනවා කියන එකයි.
දැන් ප්‍රශ්ණේ "අපෝ..... ඕවා ගන්න උසාවි ගානේ රස්තියාදුවෙන්න ඕනනේ" කියන එක නේද? නෑ, අර ඉහත කී ආයතනයන්හි රාජ්‍ය දේපල සඳහා සිදුවන අලාභහානි සඳහා වියදම් ප්‍රතිපූරණය කරන්න අධිකරණයම ක්‍රියාවලියක් අවශ්‍ය නෑ. වවුචරය ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත්. සෑම රක්ෂණ සමාගමක්ම එය ගෙවනු ලබනවා. නමුත් පුද්ගලික දේපලක් වගේනම්, ඒ කියන්නේ ගෙදරක තාප්පයක්, කඩයක්, නිවසක් වගේනම් අධිකරණමය ක්‍රියාවලියකින් පසුවයි වන්දි ගෙවන්නේ. නමුත් රාජ්‍ය දේපල සඳහා එවන් අවශ්‍යතාවයක් නෑ.
හැබැයි මෙහෙම කාරනයක් තියෙනවා. මුලින්ම ඒ මුදල ඔබේ අතේ ඇති මුදල්වලින් ගෙවා ඉදිරිපත් කල යුතුයි. නැත්නම් ඔබට එය ගෙවනකල් වාහනය පොලීසියේ නවතා තැබීමට සිදුවෙනවා. එහෙම දවස් කිහිපයක් තිබුණොත්නම් දන්නා තරමින් අධිකරණයට ඉදිරිපත් කරන්නත් වෙනවා. ඉතින් තමන්ගේ වාහනයක් හැප්පිලා හෝ ඇයි රැයක් දෙකක් පොලීසියේ නිකන් නවත්තලා තියන්නේ. අනික ඒකත් display දාලා වගේ. ඉන්පස්සේ නඩු ගියොත්නම් අධිකරණයෙන් නිදහස් කරන තුරු වාහනේ ගන්න වෙන්නේ නෑ. ඉතින් මොනවා හෝ ක්‍රමයක් යොදා අතින් මුදල් ගෙවා තමන්ගේ වාහනය මුලින්ම නිදහස් කරගැනීමයි නුවණට හුරු. ඉන් පසුව එම ගෙවීම් වවුචර්පත අදාල රක්ෂණ සමාගමට ඉදිරිපත් කර වියදම ප්‍රතිපූරණය කරගන්න.
එහෙනම් වාහනේ ලයිට් කණුවක හැපුනොත් මොකද කරන්න ඕන?
පළමුවෙන්ම ඔබට ආරක්ෂිතව වාහනයෙන් ඉවත්වෙන්න පුලුවන්ද සැකහැර දැනගෙන ඉන් ඉවත්වෙන්න. මොකද සජීවී විදුලි රැහැන් වාහනය මත තිබී ඔබට විදුලි සැර වදින්න පුලුවන්. අනික අධිසැර රැහැනක්නම් එය අල්ලන්නම අවශ්‍ය නෑ ඔබට විදුලිසැර වදින්න, යම්කිසි ප්‍රමාණයකට කිට්ටු වුණත් ප්‍රමාණවත්. ඉතින් ඒ ගැන සැකහැර දැනගන්නේ නැතුව එළියට බහින්න එපා. කෝකටත් ඇඟට ගුණයි වාහනය අල්ලන්නේ නැතුව පරිස්සමට දොර ඇරලා වාහෙනෙන් පනින එක.
දෙවනුව වහාම ලඟම පොලිස් ස්ථානය දැනුවත් කරන්න.
ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලය දැනුවත් කරන්න. ලංකාවේ ඕනෑම ස්ථානයක සිට 1987 හදිසි ඇමතුම් අංකයෙන් ඔබට විස්තර ලබාදිය හැකියි.
ඉන් අනතුරුව වාහනය කණුවක ගැටී හේත්තුවී ඇත්නම් විදුලිබල මණ්ඩලයේ නියෝජිතයන් පැමිණ ඔබව දැනුවත් කරනතුරු වාහනය ඉවත්කිරීමෙන් වලකින්න. මොකද කාරනා දෙකක්. පළවෙනිම කාරණය අනාරක්ෂිතව සජීවී විදුලි රැහැන් ඇත්නම් එවා විදුලිය විසන්ධි කර අවට ආරක්ෂිත ප්‍රදේශයක් කල යුතුයි. දෙවෙනි කාරණය බොහෝවිට කණුව කැඩී වාහනයට හේත්තුවී තිබී වාහනය ඉවත්කිරීමට යාමේදී එය වාහනය මතට ඇදවැටී ඔබේ වාහනයේ හානිය තව තවත් දරුණුවිය හැකියි. එනිසා විදුලිබල මණ්ඩලයෙන් පැමිණ crane එකකින් කනුව අල්ලා සිටීමෙන් පමණක් ආරක්ෂිතව වාහනය ඉවත්කිරීමට හැකිවන්න පුලුවන්.
අනතුරුව අදාල රක්ෂණ සමාගම අමතා දැනුම්දී ඔවුන්ව ගෙන්වා ගන්න. එහිදී ඔවුන්ගෙන් ලබාගතයුතු වැදගත් තොරතුරක් ඇත. එනම් ලංකා විදුලිබල මණ්ඩලයේ ඇස්තමේන්තුව සැකසිය යුත්තේ වාහනයේ හිමිකරුගේ නම ලිපිනයටද, පැදවූ අයගේ නම ලිපිනයටද නොඑසේනම් අදාල රක්ෂණ සමාගමේ නම ලිපිනයටදැයි හරිහැටි අසා දැනගන්න. මන්ද කිහිපයක් වූ රක්ෂණ සමාගම් එම වියදම් ප්‍රතිපූරණය සඳහා ඔවුන්ගේ රක්ෂණ සමාගමේ නම ලිපිනයට සැකසූ වවුචර්පතක් ඉල්ලා සිටී. ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇස්තමේන්තුවක් සැකසූපසු එහි නම ලිපිනය වෙනස් කිරීමේ හැකියාවක් නෑ. ඉතින් ඒ තොරතුර නිවැරදිව ලබාගෙන එම විදුලි අධිකාරී මහතා දැනුවත් කිරීම ඔබේ වගකීමක්.
මමනම් පුරුද්දක් විදියට ඒ පිළිබඳව පැහැදිලිව විස්තර කර අසා දැනගෙන නිවැරදි තොරතුරක් ලබාදෙන ලෙස ඔවුන්ව දැනුවත් කරනවා. එහිදී අනතුරට ලක්වූ පාර්ශවය සිටිනා මානසික ව්‍යාකූලතාවය තේරුම් අරන් බොහොම කල්පනාවෙන් ඔවුන්ට සිදුවියයුතු කාරණය පැහැදිලිව වටහාදෙන්න මා විශේෂයෙන් වගබලා ගන්නවා. මොකද කිසිම මනුස්සයෙක් උවමනාවෙන් වාහන හප්පන්නෙ නෑ. ඔවුන් පත්වෙලා ඉන්නේ අනපේක්ෂිත කරදරයකට.
ඉන්පසු විදුලිබල මණ්ඩලයෙන් පැමිණ ආරක්ෂිත බව දැන්වූ පසු වාහනය ඉවත්කර පදවාගෙන යා හැකිනම් එසේ හෝ නොඑසේනම් carrier එකක් කතාකරගෙන ඒ මත පටවාගෙන අදාල පොලිස් ස්ථානයට රැගෙන යායුතුයි. (කොහොමත් පොලීසියෙන් ඒ උපදෙස් ලබා දෙනවා)
ඉන්පසු අදාල පොලිස් ස්ථානයේ අනතුර සම්බන්ධව සටහන් යොදා අදාල විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට යන්න. එහිදී ඇස්තමේන්තුව සැකසිය යුත්තේ ඔබේ නමට නොවේනම් ඒ සම්බන්ධව ඉල්ලුම්කර ලිපියක් ලබාදීමට බොහෝදුරට සිදුවේවි. (මමනම් ඒ සඳහා ලිපි ආකෘතියක් සකසා තිබෙනවා. එය පුරවා දෙන්නයි තිබෙන්නෙ)
ඉන් අනතුරුව ඇස්තමේන්තු සැකසීම සඳහා සුළු කාලයක් අපට අවශ්‍යයි. සාමාන්‍ය අනතුරක්නම් බොහෝදුරට පැයක් දෙකක් ඇතුලත අපිට ඇස්තමේන්තුව දෙන්න පුලුවන්. මෙහිදී කාලය සම්බන්ධව කාරණා කිහිපයක් බලපානවා. අපේ පරිගණක පද්ධතියේ ඇතිවන බාධා, එහි යම් යම් මන්දගාමීත්වයන් බලපාන්න පුලුවන්. තවද මේ අවස්ථාවේ බරපතල වෙනත් විදුලි බිඳවැටුමක් නිරාකරණය කරමින් අප සිටින්නට පුලුවන්. එහෙම වුණොත් ඒ සඳහා ප්‍රමුඛතාවය අපට දෙන්නට සිදුවෙනවා. අවසානයේ ඇස්තමේන්තුව ප්‍රධාන ඉංජිනේරු විසින් අනුමත කලයුතු වෙනවා. එයත් දැන් බොහෝ දුරට අප විසින් ප්‍රධාන ඉංජිනේරු තුමා හෝ තුමිය දුරකතනයෙන් දැනුවත් කර whatsapp තාක්ෂණයෙන් ඇස්තමේන්තුව යොමුකර මාර්ගගත ක්‍රමයෙන් අනුමත කරවා ගන්න තරම් අප තාක්ෂණයෙන් පොහොසත්. එහි වාසිය ඔබටයි. නමුත් එම අනතුරෙන් සිදුවූ හානිය යතාවත් කිරීමට වෙනත් ශාඛාවක සහාය ගන්නට සිදුවුනොත්නම් අපිට ඇස්තමේන්තුව ලබා දෙන්නට බොහෝදුරට හැකියාව ලැබෙන්නේ පසුවදා වෙන්න පුලුවන්. බොහෝදුරට අධිසැර රැහැන් මාර්ගයේ කණුවකට හෝ තාරාපැවියකට හානි සිදුවී ඇතනම් එවැනි දෙයක් සිදුවිය හැකියි. නමුත් හැකි සැමවිටම අඩුම කාලයකින් ඇස්තමේන්තුව ඔබට ලබා දෙන්නට අප උපරිමයෙන් උත්සාහ කරනවා. අඩුසැර රැහැන් මාර්ගයේ නම් මම බොහෝදුරට පැය දෙකක් තුනක් ඇතුලත ඇස්තමේන්තුව දෙන්න කටයුතු කරනවා.
ඉන්පසු එය අපගේ මුදල් කවුලුවකට හෝ මහජන බැංකුවට ගෙවීමෙන් පසුව එම වවුචර්පත පොලීසියට ඉදිරිපත් කිරීමෙන් ඔබේ වාහනය අනතුරෙන් අලාභහානිය විදුලිබල මණ්ඩලයේ පාර්ෂවයට පමණක්නම් ඔබේ වාහනය නිදහස් කිරීමට ඔවුන් කටයුතු කරනවා.වෙනත් තුවාලකරුවන් හෝ වෙනත් අලාභහානි සිදුවූ පාර්ශව ඇත්නම් පමණක් එසේ නොවේවි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය පැත්තෙන් ඔබේ වාහනය නිදහස් කිරීමට ඉන් අනතුරුව බාධාවක් නෑ. සමහරවිට පොලිස් ස්ථානයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අලාභහානි ගෙවූ බවට ලිපියක් ඉල්ලාවි. එහෙම වුණොත් ඒ පිළිබඳව දන්වා ලිපියක් ලබාගන්න. මමනම් මෙමෙ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථාන තුනෙන්ම ඉල්ලන බව දන්න නිසා පාරිභෝගිකයා මුදල් ගෙවන්න වවුචර්පත ගෙනියන වෙලාවෙම අදාල ලිපිය සූදානම් කර තබනවා ඔහු මුදල් ගෙවා ආපසු පැමිණි වහාම දෙන්න.
ඉන්පසු එන වවුචර්පත ඔබට අදාල රක්ෂණ සමාගමට ඉදිරිපත් කිරීමෙන් පසුව එම මුදල් ප්‍රතිපූරණය කරගතහැකියි.
දැන් ඔබේ ප්‍රශ්ණය "ඔය කිසි කරදරයක් නෑනේ හෙමින්සැරේ මාරු වුණානම්" කියලා නේද? නෑ, එය ඔබ කරන ලොකුම මෝඩකම. මගේ වසර 7ක සේවා කාලය තුල හප්පා පලාගොස් සැඟවීසිට බේරුණු එකදු වාහනයක්වත් නෑ. අපි පොලීසිය දැනුවත්කල පසු ඔවුන් එය අනිවාර්යයෙන්ම සොයාගෙන තිබෙනවා. CCTV නිසා ගැලවෙන්න බෑ. අනිත් ලස්සනම කාරණය ඒ කණුව ලඟ නිවැසියන් බොහෝදුරට තොරතුරු ලබා දෙනවා. අන්තිමේ අර පහසුකම් කිසිවක් නෑ ඔබට එම අලාභහානි පිරිවැය දැරීමට සිදුවනවා පමණක් නොවේ උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිදුවෙනවා. අනික එවිට ඔබට එල්ලවන ඡෝදනාව රාජ්‍ය දේපලට අලාභහානි කිරීම පමණක් නෙමේ අනතුරක් සිදුකර පලායාම, අනතුරක් වලක්වාගැනීමට කටයුතු නොකිරීම යන වැරදි සඳහාද වැරදිකරුවෙකු වෙන්න සිදුවෙනවා. අනිත් කාරණේ එවන් අවස්ථාවක එම මුදල් ප්‍රතිපූරණය කිරීම සඳහා රක්ෂණ සමාගම මැදිහත් වෙන්නෙත් නෑ. ඉතින් ඊට හොඳ නැද්ද මුලින් කියපු නීතිගරුක ක්‍රමවේදය.
මාගේ අත්දැකීම් අනුව මෑතම කාලයේ එවන් සිදුවීමක් වාර්ථා වන්නේ මට අදාල බලප්‍රදේශයේ නුගේගොඩින්. කණුව වාහනයක් හප්පා අලාභවී ඇති බව අප දැනගන්නෙත් දවස් තුන හතරකට පස්සේ. ඒකත් හරියටම කාල වකවාණුවක් දන්නෙ නෑ. අන්තිමේ පොලිසියෙන් අදාල ටිපර් රථය සොයාගන්නේ අම්පාරෙන්. ආන්න ඔහු තවමත් අම්පාරේ ඉඳන් ගංගොඩවිල උසාවි එනවා. රක්ෂණ සමාගමත් දැන් වියදම් දරන්න බෑ කියනවා. ඉතින් පැනයන එකතරම් මෝඩ වැඩක් තවත් නෑ.
මතකයේ තබාගතයුතු තව දෙයක් තමයි මෙම ඇස්තමේන්තු අපි සකස් කරන්නේ පරිගණකගත පද්ධතියක් ආධාරයෙන්. ඉතින් අර තේරෙන සිංහලෙන් කියනවනම් "ලොකු ලයින් එකෙන් ඇවිලානම් වැඩේ ඉක්මනින් කරගන්න, ගාණ අඩුකරගන්න පුලුවන්" කියලා හිතනවනම් ඒක සිහිනයක්. අඩුවැඩි කරන්න අපි අතින් හදන ඇස්තමේන්තු නෙමේ. අනතුරකට ලක්වී ඔබ අපහසුතාවයට පත්වී සිටින අවස්ථාවක ඔබව තවත් අනවශ්‍ය අයුරින් අපහසුතාවයට පත් කරන්න අපිට අවශ්‍ය නෑ. ඒ නිසා ඔබට ඉක්මන් හා වඩා සාධනීය සේවයක් ලබාදෙන්න අප නිතර කටයුතු කරනවා.
නමුත් සිහිපත් කලයුතු එක කාරණයක් තිබෙනවා. මෙලෙස වන්දි ප්‍රතිපූරණය නොකරන එක අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි අනතුර සිදුවනවිට ඔබ බීමත්ව සිටියානම් හෝ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති අයෙක් පැදෙවුවොත්. හැබැයි පැනගිහිං බේරෙන්න තියෙන ඉඩනම් ඉතාමත්ම අඩු බවනම් සිහියේ තබාගන්න. කොහොම වුණත් බීලා වාහන පදින්න යන්න එපා.
තව කාරණයක් තියෙනවා, සමහරු කියනවා මට ඇහිලා තියෙනවා මේ කණුවල දාලා තියෙන කම්බිවල සයිස් එක බලන්නකෝ ඒකයි මේ කියලා. එහෙම අදහසක් දරණ අයට මතක් කරන්නේ විදුලිබල මණ්ඩලයෙන් කණු හදවන්නේ කම්බිවල බර දරාගෙන ඉන්න මිසක් වාහන හප්පන්න නෙමේ කියන දේ. අනික් කාරනේ තව ඡෝදනාවක් තමා "මේ කණු හිටවලා තියෙන්නේ පාර මැදනේ" කියලා. හැබැයි ඔවුන් දන්නේ නෑ කනු හිටවලා තිබිලා තියෙන්නේ පාර අයිනේ වුණාට පසු කාලීනව අපට කිසිදු දැනුම්දීමක් නොකර මිනිසුන් පාරවල් පලල් කිරීමෙන් කණු පාර මැද ඉතිරිවූ බව.
මේ කාරණා සිහියේ තබාගෙන පරිස්සමට මගතොටේ යන්න. විශේෂම කාරණේ අපි වඩාත් පරිස්සමට හා අඩු වේගයෙන් ධාවනය කල යුත්තේ පාරේ වාහන අඩු වෙලාවට. මොකද හැමෝම එන්නේ පාරේ වාහන අඩුයිනේ ඇරලා තියලා යන්න පුලුවන්නේ කියලා හිතාගෙන බව මතකයේ තබාගන්න.
යන එන ගමන පරිස්සමට සිහිකල්පනාවෙන් යන්න එන්න. මේ කරුණු වැදගත් කියලා හිතෙනවනම් තව කෙනෙකුට බලන්න Share කරන්න. අඩුපාඩුවක් තිබේනම් පෙන්වා දෙන්න. ඔබේ පරිස්සම ගැන ඔබ සැලකිලිමත් වෙන්න.
චාන් දන්තනාරායන