ඔබේ වාහනේ PETROL වැඩකරන් නැත්නම් මෙන්න පිළියම්

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔබේ වාහනේ PETROL වැඩකරන් නැත්නම් මෙන්න පිළියම්

    005cbf843a1a4b7c141f5bc5900d47e4_XL.jpg


    ඔබ ඔබේ මෝටර් රථය හෝ මෝටර් බයිසිකලය ධාවනය කරන ආකාරය මෙන්ම මෝටර් රථයේ තත්ත්වය අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය වෙනස් වීමක් සිදුවේ.

    මේ හේතුවෙන් ඉන්ධන මෙන්ම මුදල් ද ඉතුරකරගත හැකි ක්‍රම කිහිපයක් ඇත.

    1. කෙටි ගමන් වාර අඩු කිරීම කළ හැක

    සාමාන්‍යෙයන් වාහනයක් ගමනාරම්භයේ දී හා කෙටි ගමන් වලදී වැඩි වශයෙන් ඉන්ධන භාවිත කරයි. එනම් එංජිම නිෂ්චිත උෂ්ණත්වයට පත් වන තෙක් වාහනය නිසි පරිදි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක නොවේ. සාමාන්‍යයෙන් කිලෝ මීටර් 5කට අඩු ගමන් වාර වලදී වාහනය නිසි උෂ්ණත්නයට පත් වීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබේ. ඒ හේතුවෙන් කෙටි ගමන් වාර ප්‍රමාණය අඩු කිරීමෙන් වාහනයේ ඉන්ධන අරපිරිමැස්ම සඳහා බෙහෙවින් දායක වේ.

    2. නිවැරදි ගියරයේ (Gear) ධාවනය කිරීම පෙන්වා දිය හැක

    අවශ්‍ය ගියරයට වඩා අඩු ගියරයක ධාවනය කිරීම වැඩි වශයෙන් ඉන්ධන දහනය සඳහා හේතු වේ. ඒ නිසා manual වාහනයකනම් වාහනය ධාවනය පහසු වන සෑම විටම ගියරය ඉහළ දැමීමත්, අනවශ්‍ය පරිදි accelerator එක තද නොකිරීමත් යෝග්‍ය වේ.

    Automatic ගියර් සහිත වාහනයක අවශ්‍ය පරිදි ගියර් ඉහළ දැමීමේ කාර්යය ස්වයංක්‍රීයව සිදු වුවත් නිතර නිතර වේගය අඩු කිරීම, නැවැත්වීම වැනි දේ හේතුවෙන් සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.

    3. මෘදු ලෙස ධාවනය කිරීම පෙන්වා දිය හැක

    විටින් විට නවත්වමින් ධාවන කිරීමට වඩා එක දිගට තිබෙන වේගයක ධාවනය කිරීම ඉන්ධන භාවිතය අතින් හිතකර දෙයක්. ඒ හේතුවෙන් හැකි තරම් වාහන තදබදය අඩු මාර්ග හෝ අධිවේගී මාර්ග වල ධාවනය පෙළඹෙන්න.

    4. එංජිම පණගන්වා නවත්වා තැබීමෙන් වැලකිය යුතුය.

    බොහොමයක් මොටර් රථ එංජිම පණගන්වා රත් වීමට තැබිය යුතු නැත. එය සම්පූර්ණයෙන්ම ඉන්ධන නාස්තියක්. එමෙන්ම වාහනය ධාවනය කරන විටත් කෙට් වෙලාවකට හෝ නවත්වා සිටී නම් එංජින අක්‍රිය කිරීම සුදුසුයි. බොහෝ දෙනෙකු සිතන්නේ එංජිම පණගැනවීමේදී අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වේ යැයි කියායි.එහෙත් නවත්වා ඇති විට එංජිම පණගන්වා තබනවාට වඩා එංජිම අක්‍රිය කර තැබීමෙන් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉතුරු කර ගත හැක.

    5. අධික වේගයෙන් යාම නුසුදුසු වේ.

    පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙන් 90 km/h දී වැය වේ.

    6. වායුගතික ප්‍රතිරෝධය අඩු කිරීම කළ හැක.

    වීදුරු විවර කර තැබීම, roof racks හා spoilers සවි කිරීම වැනි දේ හේතුවෙන් වායු ප්‍රතිරෝධය අධික වී ඉන්ධන භාවිතාව වැඩිවේ. වහලේ යම් දෙයක් රැගෙන ගෙන යාමට ඇත්නම් එය අනාකූල ලෙස වායු ප්‍රතිරෝධය අඩු වන පරිදි පටවා ගෙන යාමෙන් ඉන්ධන භාවිතාව සියයයට 20ක් දක්වා අඩු කර ගත හැක.

    7. ටයර් පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය හැක.

    සෑම විටම ටයර් වලට උපරිම ප්‍රමාණයට වායු පීඩනය ලබාදී ධාවනය කළ යුතුයි. එමෙන්ම වාහනයේ රෝද නිවැරදිව align වී ඇත්දැයි තහවුරු කරගන්න. ටයර් පිළිබඳව සැලකිලිමත් වීමෙන් ඔබේ ඉන්ධන ඉතුරු වනවා මෙන්ම ටයර් වල ආයුකාලයද වැඩිවීමට හේතු වේ.

    8. නිවැරදිව A/C භාවිත කළ යුතුයි.

    සාමාන්‍ය යෙන් වායුසමීකරණය සඳහා සියයට 10 ක පමණ අමතර ඉන්ධන ප්‍රමාණයක් වැයවේ. එහෙත් 80 km/hකට වඩා වැඩි වේග වලදී වීදුරු විවර කර යනවාට වඩා වායුසමීකරණය on කර ධාවනයේ යෙදීම සුදුසුයි. මන්ද වීදුරු විවර කිරීමෙන් ලැබෙන වායු ප්‍රතිරෝධය නිසා වැය වන ඉන්ධන ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. ඔබ වාහනයෙන් ගමන් ආරම්භ කරන විට වාහනයේ ඇතුලත උෂ්ණත්වය ඉහළ නම් මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් වීදුරු විවර කර අනතුරුව වායුසමීකරණය ක්‍රියාත්මක කිරීම සුදුසුයි.

    9. හැකි තරම් බර අඩුවෙන් ධාවනය කළ යුතුයි

    රැගෙන යන බර ප්‍රමාණය වැඩි වන විට නිතැතින්ම වැය වන ඉන්ධන ප්‍රමාණයද ඉහළ යයි. මෝටර් රථය ගබඩා කාමරයක් ලෙස භාවිත කරන්න එපා. අනවශ්‍ය උපකරණ, ක්‍රීඩා භාණ්ඩ වැනි දේ අවශ්‍ය විට පමණක් වාහනයේ පටවාගෙන යාමෙන් ඉන්ධන නාස්තිය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක.

    10. වාහනය සෑම විටම හොඳ තත්වයේ තබා ගත යතු වේ.

    වාහනය නියම තත්ත්වයේ තබා ගැනීමට නියමිත වේලාවට නඩත්තු කර යුතුයි. නිෂ්පාදන ආයතනය විසින් නිකුත් කරන ලද පොතේ ඇති පරිදි නියමිත කාල වේලාවට සේවා (Service) කර නියමිත පරිදී එංජින් ඔයිල් මාරු කරන්න. නිෂ්පාදිත ආයතනය විසින් නියම කරන ලද පෙට්‍රල් පමණක් භාවිත කරන්න. Premium වර්ගයේ පෙට්‍රල් භාවිත කිරීමට නිපැයූ මෝටර් රථයක සාමාන්‍ය පෙට්‍රල් භාවිත කර ධාවනය කිරීමෙන් වැඩි පෙට්‍රල් හානියක් සිදුවනවා මෙන්ම වාහනයේ ජවය අඩු වීමටද හේතුවේ. එමෙන්ම සාමාන්‍ය පෙට්‍රල් සඳහා නිපදවූ මෝටර් රථයක Premium වර්ගයේ පෙට්‍රල් භාවිතයෙන් ඉන්ධන භාවිතය කාර්යක්ෂම බවක් සිදූවූවත් සාපේක්ෂව බලන කල එය ඉන්ධන සඳහා අමතර මුදලක් වැය කිරීමකි.



    උපුටා ගත්තේ...http://lfn.lk/business-news/item/4922-petrol