ඔබේ Smartphone එක නිසා ඔබ අන්ධ විය හැකියි..!!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔබේ Smartphone එක නිසා ඔබ අන්ධ විය හැකියි..!!

    සමහරවිට ඔබ රාත්‍රියේ නිදාගන්න ඇඳට ගිහින් විදුලි පහන් අක්‍රීය කරලා තියෙද්දි ඔබේ Smartphone එක අරගෙන එක්කෝ අන්තර්ජාලයේ සැරිසරන, නැත්නම් Games Play කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ ලිපිය ඉතාම වැදගත් වෙන්නේ ඔබටයි.

    Smartphone එක නිසා ඔබේ ඇස්වල පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවීමේ අවදානමක් පවතිනවා කියලා අක්ෂි විශේෂඥයන් ලෝකයට හෙලිදරව්කරලා තිබෙනවා. ඒකට හේතුවෙන්නේ නවතම Smartphone මාදිලිවල තිරයෙන් නිකුත්වෙන නිල් ආලෝකය හේතුවෙන් ඇස්වල දෘෂ්ටි විතානයට හානි සිදුවෙලා එහි ප්‍රතිඵලයක් විදිහට අක්ෂි සෛල මියයාම වේගයෙන් සිදුවීමයි.

    අක්ෂි සෛල මේ විදිහට මියයාමේ අවසන් ප්‍රතිඵලය තමයි ඔබේ ඇස් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වීම. රාත්‍රී කාලයේදී පසුබිමේ වෙනත් කිසිම ආලෝකයක් නැති වෙලාවට ඔබ Smartphone එකේ තිරය දිහා බලාගෙන ඉන්නවා කියන්නෙම ඇස්වලට නිල් ආලෝකය බරපතල විදිහට ඇතුල් වෙන සිදුවීමක්.

    ඉන්දියානු ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ජීවවිද්‍යා සහ රසායන විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් වන අජිත් කරුණාරත්න නම් ශ්‍රී ලාංකික විශේෂඥයා සඳහන් කරන විදිහට මේ නිල් අලෝකය ඇස්වලට හානිදායකයි කියන එක හොයාගෙන තිබෙන්නේ අද ඊයේ නෙවෙයි, නමුත් ඒ හානිය සිදුවෙන්නේ කොහොමද කියන එක හරියටම පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ මෑතකදී.

    මේකට පිළියමක් විදිහට නිතර පාවිච්චි කරන Smartphone හෝ ලැප්ටොප් වලට Screen Filter එකක් හරි ඒ වගේ ඇප්ලිකේෂන් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිල් ආලෝකය පාලනය කල හැකි ලේයර් සහිත ඇස් කණ්නාඩියක් භාවිතා කරන්න පුළුවන්.

    ඇස්වලට වැටෙන නිල් ආලෝකය පාලනය කිරීමෙන් ඇස්වලට වෙන හානිය අඩුවෙනවා විතරක් නෙවෙයි ඒකෙන් ඔබට ඉක්මණ් සහ සුව නින්දක් ලඟාකරගන්නත් උපකාරීවෙනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ.

    උපුටා ගැනීම - www.her.lk
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඕවා දානකොට research paper එකේ ලින්ක් එක දාපන්. අපේ උන් හිතුන හිතුන දේවල් ලියනවා
     

    Similar threads