ඔබේ Video එකක් leak වෙලා..! දැන් මොකද කරන්නේ?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔබේ Video එකක් leak වෙලා..! දැන් මොකද කරන්නේ?

    කාලෙන් කාලෙට අන්තර්ජාලයේ වෙබ් අඩවිවල, ෆේස්බුක් ඇතුලු සමාජ ජාලවල අනන්තවත් ඔබ දැකලා ඇති මෙන්න මේ ප්‍රසිද්ධ කෙනාගේ වීඩිකෝ එකක් ලීක් වෙලා, එහෙම නැත්නම් ඔබ නොදන්නා කව්රුහරි කෙල්ලෙක්ගේ, කොල්ලෙක්ගේ ලිංගික දර්ශන අඩංගු වීඩියෝ එකක් හෝ ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරනවා.

    ඒ දේවල්වල ප්‍රතිඵල විදිහට පවුල් සබඳතා කඩාවැටෙන, ජීවිත විනාස කරගන්න, සියදිවි හානි කරගන්න සිදුවීම් කොච්චරනම් ආරංචි වෙනවද. අනිත් පැත්තෙන් ඒ ඡායාරූප,වීඩියෝ පදනම් කරගෙන එක් එක් පුද්ගලයන්ව Black mail කරන අවස්ථා කොතරම් තියනවද? මේ හැම වීඩියෝ එකක්, ඡායාරූපයක් පිටිපස්සෙම තිබෙන්නේ තමන්ගේ සහකරුවා විශ්වාස කරපු කාන්තාවකගේ ඛේදාන්තයක්.

    අද වෙද්දි සමාජයේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැරි තරමට සමාජ ගුණ ධර්ම පිරිහිලා. මිනිස්සුන්ගේ ආකල්ප වලට බොහොම නරග, සමාජ විරෝධී දේ ඇතුල් වෙලා. විවිධ ඇබ්බැහිවීම් නිසා මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ තුරන් වෙලා වන සතුන් වගේ හැසිරෙන වාතාවරණයක් උදාවෙලා.

    කාන්තාවක් විදිහට මේ සමාජයේ තමන් නිරුවතින් ඉන්න වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්වෙලා අසහනකාරී පිරිමි ජීවිත ලක්ෂ ගාණක් ඒවා නරඹනවා කියන්නේ ඒ කාන්තාවට ඊට පස්සේ ඒ සමාජයේ ජීවත්වෙන එක අතිශය අමාරු කාරණයක්.

    ‘එහෙම දෙයක් වුනාට පස්සේ දකින දකින පිරිමි තමන්ගේ උල් ආයුදේ අමෝරගෙන එන්නෙ මේ වීඩියෝවල ඉන්න හැම ගෑණියෙක්ම වේසියක්.. නැත්නම් බඩුවක් කියලා හිතාගෙන’ කාන්තා ක්‍රියාකාරිනියක් තමන්ගෙම වචනවලින් ඒ ආවේගය පිටකලේ එහෙමයි.

    ඒ නිසා කාන්තා ඔබට ඔබේ පෙම්වතාගේ, සැමියාගේ, හිතමිතුරාගේ කැමරාවෙන් බොහොම පරිස්සම් වෙන්න වෙනවා. අද වෙද්දි වෘත්තීයමය කැමරාවලට අමතරව ඉතා සුපැහැදිලි, ඉබේ ක්‍රියාත්මක වෙන ජංගම දුරකතන කැමරා, රහස් කැමරා, පෑන් කැමරා,බොත්තම් කැමරා වගේ බොහොමයක් දේවල් තාක්ෂණයේ දියුණුව එක්ක සමාජගත වෙලා තියනවා.

    ලිංගික එක්වීමක් අතරේ එය ඡායාරූපයට හෝ වීඩියෝවට නැගීම මානසික ආබාධයක්. මොකද ආදරණීය කායික උණුහුමක් හැඟීමෙන් විඳිනවා මිසක සැබෑ ආදරවන්තයෙක්ට, සෙනෙහෙබර සැමියෙක්ට එය ඡායාරූප හෝ වීඩියෝගතකර ලඟතබාගන්න වුවමනාවක් නෑ. මොකද ලිංගිකත්වය කියන්නේ අතිශය පුද්ගලික කාරණයක් නිසා.

    යම් හෙයකින් යම්කිසි මානසික ආබාධයක් පවතින සහකරුවෙක් තමන්ගේ සහකාරියගේ ඡායාරූප හෝ වීඩියෝ ලඟතබාගන්නවා වෙන්න පුළුවන්, ආරක්ෂාකාරීව තිබුණත් වර්තමානගේ ඔබේ පරිගණක හා ජංගම උපාංගවල දත්ත ඉබේම අන්තර්ජාලයට එක්වෙන ක්‍රම ඇතිනිසා වගේම වෙනත් මාර්ග වලින් (මිතුරන් හිතාමතා දත්ත සොරකම් කිරීම, අලුත්වැඩියා කරන ස්ථානවලින් දත්ත සොරකම් කිරීම වැනි) ඔබේ ලිංගික දර්ශන අඩංගු දත්ත අන්තර්ජාලයට යොමුවෙන්න පුළුවන්.

    ප්‍රධානම කාරණය ඔබේ සහකරුවා මෙහෙම වීඩියෝ ගතකරනවානම් එයට විරුද්ද වෙන්න, එය වලක්වන්න. එවන් තැනකදී ඔබේ නිරුවත හෝ ඔබේ අනන්‍යතාව සඟවාගන්න. එවැනි තැනකින් වහාම පිටවී යන්න. බලකිරීමක් කලත් කෙසේ හෝ එතැනින් ඉවත්වෙන්න. එසේ කිරීමට බැරිවු‍ණොත් උපක්‍රමශීලීව අදාල වීඩියෝ සහ ඡායාරූප delete කරන්න.

    ඒ කිසිම දෙයක් කරන්න බැරිව ඔබේ වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්වෙලානම් හෝ කව්රුන් හේ එහෙම කරන බවට තර්ජනය කරනවානම් ඔබේ යහපත වෙනුවෙන් වහාම නීතිමය පියවර ගන්න. ඒ ඔබේ සැමියාද, පෙම්වතාද, මිතුරාද කියලා අදාල නෑ. අද බොහොමයක් වෙලාවට කාන්තාවන්ට මේ හිරිහැරය වෙන්නේ පිරිමි මිතුරන් හරහායි. නීතිමය පියවර වෙනුවෙන් පොලීසියේ ළමා හා කාන්තා අධිකාරිය, පරිගණක අපරාධ පරීක්ෂණ ඒකකය, නීති ආධාර කොමිෂන් සභාව සහ කාන්තා පිහිට වැනි ආයතන ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා.

    හැබැයි දෙයක් සිද්ධවුනාට පස්සේ මොන දේ කලත් අතිවෙන කැළල මකාගන්න අමාරු නිසා හොඳම දේ තමයි මේ වගේ දෙයක් වෙන්න පෙරාතුවම වලක්වාගන්න එක. ලිංගිකත්වය කියන අතිශය පුද්ගලික කාරණය විශ්වාසවන්තම සහකරුවෙක් වෙත විතරක් නිරාවරණය කරනවා වගේම ලිංගික ගනුදෙනු අතිශය පුද්ගලිකව දෙදෙනා අතරේ පමණක් තියාගන්න එක ඉතා වැදගත්.

    උපුටා ගැනීම - www.her.lk
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    'අසහනකාරී පිරිමි ජීවිත ලක්ෂ ගාණක් ඒවා නරඹනවා'


    මේක ලියපු ගොබිලට වැලක් දැක්කම නගින්නේ නැතිලුද .