ඔබ අන්ද කරන ග්ලෝකෝමා ගැන දැනගමු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඔබ අන්ද කරන ග්ලෝකෝමා ගැන දැනගමු

    ඇස දෙක අපේ ශරීරයේ ඇති වටින වස්තුවකි. මෙමෙ වටින වස්තුව අපිට නැති කරලා දන්නා පුළුවන් රෝග තත්වයක් ගැන මගේ එළකිරි යාලුවොන් ව දැනුවත් කරන්නී හදන්නේ.
    මෙය මුල සිටම දැනගෙන සිටියොත්, අවශ ප්‍රතිකාර කර හැක



    ග්ලෝකෝමා යනු කුමක්ද?
    ග්ලෝකෝමා යනු ඇස තුල පීඩනය වැඩිවීම නිසා ඇතිවන තත්වයකි.පීඩනය වැඩිවීම නිසා ඇසේ සියුම් පටක හා දෘෂ්ඨි ස්ථානයට හානි පැමිණේ.මෙසේ කාලාන්තරයක් තිස්සේ ඇසේ පටක වලට හානි වීම නිසා ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී සම්පූර්ණයෙන්ම අන්ධ විය හැක.මෙසේ පීඩනය වැඩිවීම එක් ඇසකට පමනක් ඇතිවිය හැකි වුවත් බොහෝවිට ඇස් දෙකටම බලපායි. ග්ලෝකෝමා තත්වයන් වර්ග කීපයකි.බහුලව දකින වර්ගයට Simple Glaucoma හෝ Chronic Glaucoma යයි කියනු ලැබේ.නිසිවේලාවට කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර ලබාගැනීමෙන් ග්ලෝකෝමා තත්වය වැඩිවී පෙනීම දුර්‍වල වීම (හෝ පසුව අන්ධ වීම )ප්‍රමාද කිරීමට හෝ වැලැක්වීමට හැකිය.
    රුධිර පීඩනය වැඩිවීම හා ඇසේ පීඩනය වැඩිවීම වෙනස් තත්වයන් වේ.

    මට ග්ලෝකෝමා තිබිය හැකිද?
    ඔනෑම කෙනෙකුට ග්ලෝකෝමා තත්වය තිබිය හැකිය.වයස යෑමත් සමග මෙය ඇතිවීම වැඩිය.අවුරුදු 40න් පසු අයගේ වැඩියෙන් මෙම රෝගය දැකිය හැකිය.මෙසේ ඇසේ පීඩනය වැඩිවීමට හේතු අපි නිසියාකාරව නොදනිමු.නමුත් එය පවුල් වල ආරයට යන බවක් පෙන්වයි.එනිසා ඔබ පවුලේ එක් තැනැත්තකුට ග්ලෝකෝමා තත්වය තිබේනම් ,වැඩිහිටි අනෙක් අයවත් සෝදිසි කර ගැනීම සුදුසුය.

    ග්ලෝකෝමා තත්වය දැනගන්නේ කෙසේද?
    රෝගයේ මුල අවස්ථාවේදී රෝග ලක්ෂණ නොමැත.කාලාන්තරයක් තිස්සේ ඇස් පෙනීම දුර්වල වීම එක් රෝග ලක්ෂණයකි.නමුත් මෙසේ ඇස්පෙනීම දුර්වල වීම ඉතා සෙමෙන් වන නිසා බොහෝවිට රෝගියාට එය නොතේරේ.මෙසේ පෙනීම දුර්වල වූ පසු එම පෙනීම බොහෝවිට නැවත ලබාගත නොහැක.නමුත් තව දුරටත් රෝගය උත්සන්න වීම වැලැක්විය හැක.

    මුලින් රෝගය සොයාගැනීමේ අවශ්‍යතාවය හා ප්‍රතිකාර
    ඇසේ ස්නායුවට වන හානිය හා එමගින් ඇතිවන පෙනීමේ දුර්වලකම් නැවත ලබාගත නොහැකි බව පෙර සදහන් කලෙමු.එනිසා රෝගය මගින් ඇසට හානි පැමිණීමට පෙර රෝගය සොයාගෙන එයට නිසි ප්‍රතිකාර කල යුතුය.මෙසේ කිරීමෙන් තවදුරටත් පෙනීම දුර්වලවීම වැලැක්වීමට හෝ ප්‍රමාද කිරීමට හැක.
    වයස අවුරුදු 40 වැඩි අය හා පවුලේ ඥාතීන් අතර ග්ලෝකෝමාව ඇති පුද්ගලයන් වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමා තත්වය ඇතිදැයි සෝදිසි කල හැක.බොහෝවිට සැකයක් ඇත්නම් අක්ෂි විශේෂඥයකු වෙත යාමට සිදුවේ.වයසක අයට බොහෝවිට ඇස්පෙනීම දුර්වල වීම වයස්ගත වීම නිසායයි සිතති.මෙසේ සිතීමෙන් පෙනීම දුර්වලවීම තවදුරටත් වැලැක්විය හැකි ග්ලෝකෝමා වැනි තත්වයක් සොයා ගැනීම ප්‍රමාදවේ.
    ග්ලෝකෝමා තත්වය හදුනා ගැනීමට යොදන පරීක්ෂණ බොහෝවිට වේදනාව ඇති නොකරන,අනතුරු රහිත පරීක්ෂණ වේ.

    ග්ලෝකෝමාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
    ග්ලෝකෝමාතත්වය සොයාගත් පසු එයට විධිමත්ව ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.ඇසට බෙහෙත් දියර දැමීමෙන් (Eye drops) ඇස් පීඩනය අඩුකර එය එම තත්වයෙන් තබාගත හැකිය.බොහෝවිට වර්ෂ ගණනාවක් හෝ ජීවිතාන්තය දක්වාම මෙසේ මෙසේ බෙහෙත් දියර දැමීම අවශ්‍යවේ.මුලදී ඇසට බෙහෙත් දියර දැමීම තරමක් අපහසු වුවත් ටික කාලයක් පුරුදු වූ පසු එය අපහසු නොවනු ඇත.
    බෙහෙත් දියර නියමාකාරව ,වෛද්‍යවරයා නිර්දේශකල පරිදිම ඇසට දැමීම ඉතා වැදගත්ය.බෙහෙත් වාර අතපසු නොකල යුතුය.සමහර අවස්ථා වලදී ග්ලෝකෝමා තත්වයට ශල්‍යකර්ම කරනු ලැබේ.එක එක රෝගියාගේ රෝග තත්වය අනුව වඩාම සුදුසු ප්‍රතිකාර ක්‍රම අක්ෂි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
    ග්ලෝකෝමා තත්වය ඇසට හානි කිරීමට පෙර රෝගය සොයාගත් අවස්ථාවලදී නිතිපතා ප්‍රතිකාර කිරීමෙන් පෙනීම දුර්වල වීම වලකාගත හැක.වෛද්‍ය සායන වල ගොස් ,ඇසේ පීඩනය මැන බෙහෙත් පාවච්චි කිරීම මේ සදහා වැදගත් වේ.රෝගය සොයාගන්නා විට ඇස්පෙනීම දුර්වල වී තිබුනිනම් ,බෙහෙත් ගැනීමෙන් තවදුරත් පෙනීම දුර්වල වීම වලකාගත හැක.මේ නිසා ග්ලෝකෝමා රෝගය කිනම් අවස්ථාවක වුවත් , නිතිපතා බෙහෙත් ගැනීම හා දිගටම වෛද්‍ය උපදෙස් පිලිපැදීම (Follow up) වැදගත් වේ.

    මේ රෝගය ගැන වැඩිවිස්තර ලබාගන්නේ කෙසේද?
    ඔබගේ වෛද්‍යවරයා හමුවී විමසන්න.

    ඉතින් මේ කරුණු ඔබට වැදගත් උන යි සිතමි.
    ඇස දෙක රැක ගන්න.

    එල කිරි
     
    Last edited: