ඔබ කරන පිංකම් තුළ මෙවන් ප්‍රාර්ථනාවක් බලවත්ව තබාගන්න,.........

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔබ කරන පිංකම් තුළ මෙවන් ප්‍රාර්ථනාවක් බලවත්ව තබාගන්න,.........

    පස්පව් කරන, දස අකුසල් කරන, මව්පියන් හට නොසලකන, තුණුරුවන් ගැන ශ්‍රද්ධා ගෞරව නැති, කළගුණ නොදන්නා අසත්පුරුෂ දුර්ජන පුද්ගලයන් ගැන මට අසන්නත් නොවේවා, දකින්නත් නොවේවා, ඇසුරු කරන්නත් නොවේවා, කතා කරන්නත් නොවේවා , එවැන්නන් මට පිළිගන්නට නොවේවා !!!

    සිල්වත්, ගුණවත්, ණැනවත්, බෝසත් ගුණ පුරන උතුමන්, ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤ්ඤා පුරන උතුමන්, බුදු පසේබුදු මහරහත් උතුමන්, කල්‍යාණමිත්‍ර උතුමන් ගැන මට අසන්නට ලැබේවා, මට දකින්නත් ලැබේවා, මට ඇසුරු කරන්නත් ලැබේවා, එවැනි උතුමන්ගේ වචනය අනුව මට නිවන් මඟ යන්න වාසනාව ලැබේවා !!!

    ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රන් රිදී මුතු මැණික් ආදී භෝග සම්පත් කොපමණ ලැබුණත් ඇති, ඇති යැයි සෑහීමක් මිනිස් සන්තානයේ උපදින්නේ නැත්තේ යම් ලෝභයක් තෘෂ්ණාවක් නිසාද? , එවන් ලෝභයක් ආසාවක් මගේ සිතේ බලවත් නොවී තෘෂ්ණා රහිත නිර්ලෝභී සිතින් දන් පිංකම් කරමින් මට නිවන් මග යන්න ලැබේවා !!!

    මිනිසුන් තමන්ගේ සිතේ හටගන්නා වූ තරහව,වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රොධය, පලිගැනීම, පටිඝ සංඤාව නිසා ආයුෂයෙන් පිරිහේ, සැපයෙන් පිරිහේ, වර්ණයෙන් පිරිහේ, කාය බලයෙන් පිරිහේ , ප්‍රඤ්ඤාවෙන් පිරිහේ, භවගෝග සම්පත් ආදී සැම දෙයකින් ම පිරිහේ, එවන් පිරිහීමකට හේතුවන තරහව,වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රොධය, පලිගැනීම, පටිඝ සංඤාව නිවන් දකිනා තුරු මගේ සිතෙහි පහල නොවේවා !!!

    මගේ සිත සෑම මොහොතකම මෛත්‍රී සිතුවිලි වලින් පිරී සුවසේම නිවන් මඟ වඩා ගැනීමට ලැබේවා !!!
     
    • Like
    Reactions: kinkon and NRTG