ඔබ කාන්තාවන් අතර කෙතරම් ආකර්ශනීය අයෙක්ද?

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    ඔබ කාන්තාවන් අතර කෙතරම් ආකර්ශනීය අයෙක්ද?

    ඔබ කාන්තාවන් අතර කෙතරම් ආකර්ශනීය අයෙක්ද සහ කාන්තාවන් ඔබට කෙතරම් දුරට ආකර්ශනය වන්නේදැයි දැන ගැනීමට කැමතිද?​
    :rolleyes: :rolleyes:

    එසේ නම් පහත දැක්වෙන ප්‍රශ්නාවලියට පිලිතුරු දී ඊට ලැබෙන ලකුණු ප්‍රමාණය හා සසඳා ඔබ අයත් වන්නේ කුමන කොටසටදැයි බලන්න. මෙම ප්‍රශ්නාවලිය කායික සහ මානසික යන දෙඅංශයම පදනම් කොට නිර්මාණය කොට ඇති බැවින් ඔබ ඊට පිලිතුරු දීමෙන් පසු ඔබගේ බිරිඳ, පෙම්වතිය සහ මිතුරියන්ටත් ඔබ ආශ්‍රයෙන් පිලිතුරු දීමට ඉදිරිපත් කරන්න. ඒ පිලිතුරුත් ඔබ දුන් පිලිතුරුත් සන්සන්දනය කිරීමෙන් ඔබ, ඔබ ගැන සිතන ආකාරය සහ ඔවුන් ඔබ ගැන සිතන ආකාරය ගැන ඔබට අවබෝධ කර ගත හැකි වනු ඇත.:yes:

    1. ඔබව කෙදිනක හෝ නොදැක ඇති කාන්තාවකට ඔබ ඔබගේ සිරුර පිලිබඳව විස්තර කරන්නේ කෙසේද?
    a. ව්‍යායාම කිරීමෙන් මනාව සකසා ගෙන තිබේ
    b. හීන්දෑරිය
    c. පිරුනු හැඩැතිය

    2. පුරුෂයින් පිලිබඳ මාගේ විශ්වාසය වන්නේ,
    a. 100% ක්ම එක් කාන්තාවකට සීමා විය යුතුය.

    b. එක් කාන්තාවකට පමණක් සීමා වීම වැදගත්ය. නමුත් ඉඳහිට හෝ අන් කාන්තාවක් ඇසුරු කිරීම දිගුකාලීන සබඳතාවයක් ශක්තිමත් වීමට හේතු විය හැකිය.
    c. සීමා මායිම් වලින් තොර වූ සබඳතාවයක් වඩා වැදගත්ය.

    3. ඔබගේ තට්ටම් ප්‍රදේශය පිලිබඳව කාන්තාවන් විසින් සිතනු ඇත්තේ,
    a. පලල් සහ පිරුනු
    b. කුඩා සහ මනා හැඩැති
    c. සිහින් සහ පැතලි

    4. ඔබගේ හිසකෙස්,
    a. හිසින් අඩක් පමණක් තිබේ.
    b. හොඳින් වැවී තිබේ.
    c. තට්ටය පෑදී හෝ බූ ගා තිබේ.

    5. ඔබගේ මුව ප්‍රදේශය පිලිබඳව කාන්තාවන් විසින් සිතනු ඇත්තේ,
    a. ප්‍රීතිමත්ය
    b. උදාසීනයි
    c. මෘදු සහ කාරුණික

    6. හාස්‍යය පිලිබඳව ඔබට ඇත්තේ කුමනාකාර හැඟීමක්ද?
    a. ඒ පිලිබඳව කිසිම හැඟීමක් නැත.
    b. මා සිටින තැන සිනා සාගරයකි.
    c. ඒ පිලිබඳව යම් උනන්දුවක් ඇත.

    7. ඔබගේ දෑස් පිලිබඳව කාන්තාවන් විසින් සිතනු ඇත්තේ,
    a. දුරස්ත නමුත් ශාන්තය
    b. කෙලිලොල් සහ දඟකාරය
    c. මෘදු සහ කාරුණික

    8. කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් ඔබ විසින් ඔබගේ නාසය සහ නිකට පිලිබඳව විස්තර කරනු ලබන්නේ,
    a. සාමාන්‍යයි, නමුත් මුහුනට ගැලපේ.
    b. නාසය ශක්තිමත්ය, නිකට සහ හනු මනාව තිබේ.
    c. කුඩා නාසයක් සහ නිකටකි.

    9. ඔබගේ කලවා ප්‍රදේශය,
    a. ශක්තිමත්ය, හැඩැතිය.
    b. කෙට්ටුය, දිගැතිය.
    c. මසින් පිරී තිබේ.

    10. ඔබගේ ආදායම,
    a. සාමාන්‍ය මට්ටමට වඩා අඩුය, නමුත් වෙහෙස වී හරිහම්බු කිරීමට කැමැත්තෙන් පසු වෙමි.
    b. මාගේ වයස සහ අත්දැකීම් අතින් බලන කල සාමන්‍යයි.
    c. සාමන්‍ය මට්ටමට වඩා ඉහලින් පවතී.

    11. ඔබගේ Waist Size එක Hips Size එකෙන් බෙදා 100 න් වැඩි කරන්න. ඔබගේ පිලිතුර වන්නේ,(උදාහරනයක් ලෙස, ඔබගේ Waist Size එක අඟල් 36 සහ Hips Size එක 42 යැයි සිතන්න. එවිට පිලිතුර වන්නේ 85.7%)
    a. 100% හෝ ඊට වැඩිය.
    b. 85%-95%
    c. 85% ට අඩුය.

    12. කාන්තාවකගේ අත, වැරදීමකින් හෝ ඔබගේ උදර ප්‍රදේශයේ වැදුනහොත් ඇයට හැඟෙනු ඇත්තේ,
    a. මසින් පිරුනකි.
    b. ව්‍යායාම කිරීමෙන් මනාව සකසා ගෙන තිබේ.
    c. පැතලි මතුපිටක් ලෙසිනි.

    13. පුරුෂ ලිඟුවේ ප්‍රමාණය පිලිබඳව කාන්තාවන්ගේ අදහස වනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේ,
    a. ප්‍රමාණය වැදගත් නොවේ.
    b. ප්‍රමාණය යම් පමණකට වැදගත්ය.
    c. ප්‍රමාණය අතිශය වැදගත්ය.

    14. සිතන්න, රූමත් කාන්තාවන් බොහෝ දෙනෙක් සහභාගි වන උත්සවයකට ඔබටත් ආරාධනාවක් ලැබී ඇතැයි කියා. එහිදී ඔවුන්ගේ අවධානය ගැනීම සඳහා ඔබ විසින් ඇඳීමට තෝරා ගනු ලබන ඇඳුම් කට්ටලය වන්නේ,
    a. මසා නිම කරන ලද කලිසමක්, කමිසයක් සහ පොලිෂ් කරන ලද සපත්තු.
    b. ක්‍රීඩා කිරීම සඳහා භාවිතා කරන ඇඳුම් සහ සපත්තු.
    c. සාමාන්‍ය කලිසමක්, කමිසයක් සහ සපත්තු.

    15. යම් කාන්තාවක් දුකින්, කණස්සල්ලකින් සහ පසුතැවීමකින් පසු වේ නම්,
    a. සමහරවිට මා විසින් හඳුනාගනු ඇත.
    b. වහාම මා විසින් හඳුනාගනු ඇත.
    c. ඇය සමග යම් වේලාවක් කතා කලහොත් බොහෝවිට මා විසින් හඳුනාගනු ඇත.

    16. බොහෝවිට මම,
    a. මුහුණ පුරා රැවුල වවමි.
    b. සම්පූර්ණයෙන්ම රැවුල කපමි.
    c. දින තුනකට පමණ පසු රැවුල කපමි.

    17. විවිධ විෂයයන් පිලිබඳව මාගේ දැනුම වන්නේ,
    a. මම බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක්මි.
    b. විවිධ විෂයයන් පිලිබඳව මා සතුව සැලකිය යුතු දැනුමක් ඇත.
    c. මාගේ විෂය පථය පිලිබඳව පමණක් මා හට පෘථූල දැනුමක් ඇත.


    ප්‍රශ්න අංක 1
    a. 7
    b. 5
    c. 3

    ප්‍රශ්න අංක 2
    a. 9
    b. 1
    c. 0

    ප්‍රශ්න අංක 3
    a. 3
    b. 7
    c. 5

    ප්‍රශ්න අංක 4
    a. 3
    b. 5
    c. 4

    ප්‍රශ්න අංක 5
    a. 3
    b. 1
    c. 5

    ප්‍රශ්න අංක 6
    a. 1
    b. 9
    c. 4

    ප්‍රශ්න අංක 7
    a. 1
    b. 4
    c. 5

    ප්‍රශ්න අංක 8
    a. 3
    b. 5
    c. 1

    ප්‍රශ්න අංක 9
    a. 5
    b. 3
    c. 1

    ප්‍රශ්න අංක 10
    a. 3
    b. 5
    c. 9

    ප්‍රශ්න අංක 11
    a. 3
    b. 7
    c. 5

    ප්‍රශ්න අංක 12
    a. 1
    b. 5
    c. 4

    ප්‍රශ්න අංක 13
    a. 5
    b. 3
    c. 1

    ප්‍රශ්න අංක 14
    a. 5
    b. 1
    c. 3

    ප්‍රශ්න අංක 15
    a. 1
    b. 9
    c. 7

    ප්‍රශ්න අංක 16
    a. 3
    b. 4
    c. 5

    ප්‍රශ්න අංක 17
    a. 9
    b. 7
    c. 3


    ලකුනු 90 වඩා ලබා ගත්තේ නම්,

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ කාන්තාවන් ඉදිරියේ කාන්දමක් මෙනි. ඒ ඇයිද යත් ඔබ සතුව පවතින අවම පහසුකම් භාවිතා කොට කාන්තාවන් අතර කැපී පෙනීමේ සහ ඔවුන්ගේ ආකර්ශණය ලබා ගැනීමේ විශ්මිත විධි ක්‍රමය ඔබ දන්නා බැවිනි. නමුත් දැනට ඔබ සතුව පවතින මෙම හැකියාව තව තවත් වර්ධනය කරගැනීමට යෑමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත්ය. එවිට සමහර විට කාන්තාවන් විසින් එය, ඔවුන් රවටාගැනීමට ඔබ විසින් යොදන ලද උපක්‍රමයක් හෝ ඔබ ආත්මාර්ථකාමී අයෙක් ලෙස සිතීමටද ඉඩ ඇති බැවින් සහ එසේ සිතීමෙන් ඔබගේ ආකර්ෂණය අඩු විය හැකි බැවිනි. විශේෂයෙන්ම ආත්මාර්ථකාමී පුරුෂයන් කාන්තා ආකර්ෂණයෙන් තොරය. ඒ ඇයිද යත් කන්ණාඩිය ඉදිරියේ තම සහකරු සමග තරඟ වැදීමට කාන්තාවන් දැඩිව අකමැති බැවිනි.

    ලකුනු 47 - 89 අතර නම්

    බොහෝ පුරුෂයින් අයත් වන්නේ මෙම කොටසටය. කාන්තා ආකර්ෂණයේදී ඔබ සතුව ඇත්තේ සාමාන්‍ය හැකියාවකි. නමුත් ඔබ ලබා ගත් ලකුණු ප්‍රමාණය 89 ට වඩාත් ආසන්න නම් ඔබට දියුණු කර ගැනීමට වැඩි යමක් නොමැත. එබැවින් ලකුණු අඩුවෙන් ලබා ගත් ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම පමණක් සෑහේ. එහෙත් ඔබ ලබා ගත් ලකුණු ප්‍රමාණය වඩාත් සමීප වන්නේ 47 දෙසට නම්, කාන්තා ආකර්ශණය ලබා ගැනීම පිලිබඳව ඔබ සතුව යම් අවබෝධයක් තිබෙන අතරම ඒ පිලිබඳව උවමනාවෙන් කටයුතු කලහොත් අනිවාර්යයෙන්ම දියුණු විය හැකිය.

    ලකුනු 46 හෝ ඊට අඩු නම්

    ඔබ ඔබගේ පිරිමි මිතුරන් කාන්තාවන්ට වඩා සිය දහස් ගුණයකින් අගය කරන්නෙකි. එමෙන්ම ඔබට කාන්තාවන් ගැන සිතීමට වඩා පෙර කී මිතුරන් සමග සතුටු සාමිචියේ යෙදීම අතිශය වැදගත්ය. එහෙත් ඔබට යම් විටක කාන්තා ආකර්ශණයක් ලබා ගැනීමට අවශ්‍යයැයි සිතුනහොත් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍යය. එහිදී ඔබ විසින් අවබෝධ කර ගත යුතු කරුනු කාරණා කීපයක් තිබේ. එනම් කාන්තා ආකර්ෂණය ලැබීමට නම් ඔබ සතුව මනා පෞර්ෂයක්, ඔවුනගේ මුවගට සිනහවක් ඇති කරවීමේ හැකියාවක්, ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමේ සංවේදීතාවයක්, දියුණුවීමේ අභිලාෂයක් සහ ජීවිතයේ ඉදිරියට යෑමට හොඳ නුවණක් තිබිය යුතු බවයි. විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ පෙර දැක්වූ සියළු ගුණාංග උවමනාව ඇත්නම් ඕනෑම කෙනෙකුට වර්ධනය කර ගතහැකි බවයි.


    සැයු:- උපුටා ගැනීම බුකියෙනි.. ;) ;)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    I dont care thamai banz,godak ewata mata suit wenne :P
    Ehema ekak meke na ne habai,
    eka eka kohoma hithuwath mata wedak na pelak ewa :(

    mata nam lakunu 0 thamai ehema baluwama set wenne