ඔබ දන්නවද? ඔබට වැඩිපුරම රිදවන්නේ ඔබට ගොඩා&#348

akila1988

Member
May 11, 2015
138
46
0
ඔබ දන්නවද? ඔබට වැඩිපුරම රිදවන්නේ ඔබට ගොඩා&#348

11168915_943651225681177_1077068347390258746_n.jpg



ඡායාරූපයකට කිව හැකි දේ බොහොමයි. එය ඔබත් මමත් හොඳින් දන්නා කරුණක් වුවත් මේ ගැන යම් දෙයක් කියන්න ඕන කියලා හිතුනා.
ඔබ දන්නවද? ඔබට වැඩිපුරම රිදවන්නේ ඔබට ගොඩාක් ආදරය කරන අය බව?
සැබවින්ම ඔවුන් ඔබට රිදවන්නේ ඔබට රිදවීමට ඇති අවශ්‍යතාවයක් නිසාද?
සමහරක්විට ඔවුන් සිහිනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති ඔබට රිදවන්න.....
ඔවුන් ආදරය කරන විලාසය ඇතැම් විට රිදවීමක් වෙන්න පුළුවන්.....
එලෙස රිදවන්නෙ ඔවුන්ට ඔබේ ආදරය අවශ්‍ය නිසා නොවේද?
ඔබ ඔබේ ආදරය කරන කෙනා ගැන සැබවින්ම සිතා බැලුවද ?
කොපමණ රිදෙවුවත් ඒ හැම දේකටම වැඩා ඔවුන් ඔබට ආදරය කරනවාද නැද්ද යන්න සොයා බැලුවද?
ඔබට රිදවන කෙනකුට ලබා දිය හැකි හොදම ඖෂදය නම් ඒ වෙනින් දෙයක් නොව තව තවත් ඔබේ ආදරය ලබාදීමයි.........
කෙනෙකුට ආදරය කිරීමට කිහිපදෙනෙක් සිටිනවා නම් ඔවුන්ට රිදවන්නවත් තරම් වෙලාවක් නැතුව කාර්ය බහුල ඇති, මන්ද තම පටු අරමුණු ඉටු කරගන්න කිහිප දෙනෙකුටම එක වර ආදරය කරන බැවින්...... එවැනි කෙනෙකුගේ ආදරයකට රැවටීමට ඔබ බොහෝ සෙයින් ඉඩ ඇත, මන්ද ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකරගැනීමේ චාටු බස් හමුවේ ඔබත් ඔබේ ආදරයත් සිහින ලොවක අතරමං වන නිසා......
ඒ වන විට ඔබ පමා වී අවසන්.......
සැබවින්ම ඔබට රිදවන අයෙක් සමග ඔවුන්ගේ අඩුපාඩුකම් ඉවත් කර ඔබට තවදුරටත් ආදරය කිරීමට හැකිනම් සැබෑවටම ඔබේ ආදරය දිනෙන් දිනම ශක්තිමත් වන පූජනීය ආදරයක් වේවි.........
ඔබට ලැබුණු ආදරය ගැන සතුටුවෙන්න, ආඩම්බරවෙන්න,
සැබවින්ම ඔබ, ඔබට ගොඩාක් ආදරය කරන කෙනකු රිදවුවොත් ඔවුන්ව හැරයාමට පෙර දෙවරක් හිතන්න. මන්ද ආදරය කිරීමටත් රිදවිමටත් ඔවුන්ට ඉන්නේ ඔබ පමණක් නිසා....ඔබට එවන් අයෙකු නැවතත් මෙලොව තුල හමුනොවෙනු නිසැකයි.....
ඔබ එවන් අයෙක් අහිමි කරගත්තත් ඔවුන් හදවතින් සැමදා ඔබට ආදරය කරනු නියතයි.....
එදා ලූෂන් බුලත්සිංහලයන් කියූ කථාව අදටත් සත්‍යකි,
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ......
එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ......
වෙන් වී ගියවුන් සදාකල්ම පෙම්වතුන් ලෙස ජීවත්වේ..... "
අමතක කරන්න එපා,
ඔබට සැබවින්ම ආදරය කරන කෙනෙකු නැති කරගැනීම යනු කළුගල් සොයා යන ගමනේ ඔබ සතු වූ දියමන්තිය අහිමිකරගන්නවාක් මෙනි.........