ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද

    ඔබ දන්නවාද? මින් පෙර දැන උන්නාද

    ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

    --------------------------------------------------------------------

    බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.

    වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

    --------------------------------------------------------------------

    ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා‍ව තුලයි.

    --------------------------------------------------------------------

    සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

    --------------------------------------------------------------------

    ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.

    --------------------------------------------------------------------

    මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්‍යවරයෙක් විසිනි.

    ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

    --------------------------------------------------------------------

    තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය.

    --------------------------------------------------------------------

    පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

    --------------------------------------------------------------------

    ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

    --------------------------------------------------------------------

    තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

    --------------------------------------------------------------------

    ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම් පැත්තට බරවය.

    source: e-mail
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    --------------------------------------------------------------------

    බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.
    ඔව් මචන් දැන් ගොඩක් airbus වලට liter ලක්ෂ දෙකකට වඩා ගහන්න පුළුවන්..:(
    හරිම භයානකයි ඉතින් land කරන වෙලාවට.. :(
    මරණීය දණ්ඩනය සඳහා යොදාගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්‍යවරයෙක් විසිනි.
    අපෙත් ඉන්නේ දන්ත වෛද්‍යවරයෙක් මූ මොනවා
    අපිට කරලා යයිද දන්නේ නැහැ..:frown:

    ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹා එන්නේ නිතරම වම් පැත්තට බරවය.
    ඒ කියන්නේ වවුලොත් වමට බරයි....... :nerd:

    source: e-mail