ඔබ දන්නවාද ?

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    ඔබ දන්නවාද ඔබ යම් අයකුගේ මුහුණ හඳුනා ගන්නේ ඔබේ මොළයේ වම්පස කොටසෙන් බව.
    ඔබ දන්නවාද ලෝක ජනගහනයෙන් 11% ක් වමත්කරුවන් බව.
    ඔබ දන්නවාද සාමාන්‍ය පුද්ගලයකු මිනිත්තු 7ක් තුළ නින්දට වැටෙන බව.
    ඔබ දන්නවාද කෙළ සමග මුසු වන තෙක් ආහාරයක රස නොදැනෙන බව.
    ඔබ දන්නවාද ජනයාගෙන් 8% කට වැඩිපුර ඉළ ඇටයක් ඇති බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ කුඩා ම අස්ථිය ඇත්තේ කනෙහි බව.
    ඔබ දන්නවාද ලොව ජනගහනයෙන් 90% ක් හාදු හුවමාරු කර ගන්නා බව.
    ඔබ දන්නවාද ගෙදරදොර පාවිච්චි කරන ජලයෙන් 35% ක් වැසිකිළි සඳහා වැය වෙන බව.
    ඔබ දන්නවාද ඔබ දවසකට ගහන ඇසිපිල්ලම් ප‍්‍රමාණය පැය භාගයක් ඇස් පියාගෙන සිටියාට සමාන බව.
    ඔබ දන්නවාද කාන්තාවන් පිරිමින් මෙන් දෙගුණයක් ඇස්පිල්ලන් ගහන බව.
    ඔබ දන්නවාද ඔබේ එක් පාදයක ඇට 26 ක් ඇති බව.
    ඔබ දන්නවාද සාමාන්‍ය මිනිස් මොළයක 78% ක් ඇත්තේ ජලය බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ අස්ථිවලින් කාලක් (1/4ක්) ඇත්තේ ඔබේ දෙපාවල බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ ඉක්මනින් සුව වන කොටස ඔබේ දිව බව.
    ඔබ දන්නවාද ඔබේ උපන් දිනය තවත් මිලියන නවයක් දෙනා සමග සමරන බව.
    ඔබ දන්නවාද මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ඳුිය සම බව.
    ඔබ දන්නවාද ඔබේ ඇඟිලිවලින් වඩාත් සංවේදී ඇඟිල්ල දබරැඟිල්ල බව.
    ඔබ දන්නවාද ලෝකයේ ඉටි පන්දම් අලෙවියෙන් 96%ක් ම මිල දී ගන්නේ කාන්තාවන් බව.
    0.jpg

    ඔබ දන්නවාද පිරිමින් 42%ක් හා කාන්තාවන් 25%ක් පොදු වැසිකිළි භාවිතයෙන් පසු අත් නොසෝදන බව.
    ඔබ දන්නවාද ඔබ දිනකට 23,000 වරක් හුස්ම ගන්නා බව.
    ඔබ දන්නවාද මිනිස් ජංඝාස්ථිය කොන්කී‍්‍රට්වලටත් වඩා තද බව.
    ඔබ දන්නවාද අනික් සියලූ ම ආහාරවලට වඩා එළකිරි වැඩි දෙනකුට අසාත්මික බව.
    ඔබ දන්නවාද ඔබේ මුඛය තුළ දිනකට කෙළ ලීටරයක් නිපදවෙන බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ ජලයෙන් 1%ක් අඩු වූ විට ඔබට පිපාසය දැනෙන බව.
    ඔබ දන්නවාද ඉක්කාවක් සාමාන්‍යයෙන් මිනිත්තු 5කට වැඩිකාලයක් පවතින්නේ නැති බව.
    ඔබ දන්නවාද ඔබට රස දනවන රසාංකුර සියල්ල ම ඇත්තේ ඔබේ දිවේ නො වන බව. (ඒවායින් 10%ක් ඇත්තේ කම්මුල්වල ඇතුළු පැත්තේයි)
    ඔබ දන්නවාද අකුණු වැදීමේ ප‍්‍රවණතාව ගැහැනුනට වඩා පිරිමිනට 7 ගුණයකින් වැඩි බව.
    ඔබ දන්නවාද ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් 51%ක් කාන්තාවන් බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ වඩාත් සකී‍්‍රය පේශීන් ඇත්තේ ඇසේ බව.
    ඔබ දන්නවාද ඔබේ අක්මාව විවිධ කාර්යයන් 500ක් ඉටු කරන බව.
    ඔබ දන්නවාද ඔබ ආශ්වාස කරන ඔක්සිජන්වලින් 25%ක් අවශ්‍ය වන්නේ මොළයට බව.
    ඔබ දන්නවාද මිනිස් සිරුරක කි.මී 96,000ක් (සැ. 59,650ක්) දිග රුධිරවාහිනී ඇති බව.
    ඔබ දන්නවාද පිරිමි සිරුරක ගැහැනු සිරුරකට වඩා රතු රුධිර ෙසෙල 10%ක් වැඩියෙන් ඇති බව.
    ඔබ දන්නවාද ඔබ සතු පේශීන් ගණන දළඹුවකුට වඩා අඩු බව.
    ඔබ දන්නවාද ඔබේ මුහුණ රතු වන විට ඒ සමග ම ආමාශයේ ඇතුළත ස්තරය ද ප‍්‍රතිචාර දක්වන බව.
    ඔබ දන්නවාද ඔබේ සමෙහි එක් හතරැස් අඟලක ස්වේද ග‍්‍රන්ථි 625ක් ඇති බව.
    ඔබ දන්නවාද සෑම සති හතරකට වරක් ඔබේ සමෙහි සම්පූර්ණ ස්තරයක් ම හළන බව.
    ඔබ දන්නවාද ඔබේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් 99 (සෙල්සියස් 37ක් බව)
    ඔබ දන්නවාද රතු ෙසෙල නිපදවෙන්නේ ඇටමිදුළුවලින් බව.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    .
    ඔබ දන්නවාද ඔබ දවසකට ගහන ඇසිපිල්ලම් ප‍්‍රමාණය පැය භාගයක් ඇස් පියාගෙන සිටියාට සමාන බව.
    ඔබ දන්නවාද කාන්තාවන් පිරිමින් මෙන් දෙගුණයක් ඇස්පිල්ලන් ගහන බව.

    පැය භාගය ගෑණු කෙනෙක්ටද? පිරිමි කෙනෙක්ටද?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔබ දන්නවාද ශ්‍රීලංකා ප්‍රජාන්ත්‍රවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති මෛත්රිපාල සිරිසේන උතුමාණන් බව
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔබ දන්නවාද ලොව ජනගහනයෙන් 90% ක් හාදු හුවමාරු කර ගන්නා බව. :confused:
    +12
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඔබ දන්නවාද අනික් සියලූ ම ආහාරවලට වඩා එළකිරි වැඩි දෙනකුට අසාත්මික බව.
     

    Similar threads