"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා" කවුර&

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    "ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා" කවුර&





    ඔන්න උදේ පාන්දර අරාශුයි හෙලේනායි බෙරිහන් දෙනවා.......

    "this was just meant to be...... you are coming back to me

    coz this is pure love, coz this is pure love.........."



    උදේම නිදා ගන්නවත් නෑනෙ. එහා ගෙදර මිනිස්සු හයියෙන් රේඩියෝ එකක් දාලාද කොහෙද. මම නින්දෙන්ම හිතුවා.

    ඊලඟට අරාශ් නිශ්ශබ්ද වුණා.

    ඔන්න ඒ පාර තේරෙන්නෙ නැති භාශාවකින් කවුද ගෑණු කෙනෙක් කෑගහනව. වචනයක් වත් තේරෙන්නෙ නෑ.



    Quien eres tu
    Donde has estado?
    He removido cielo y tierra y no te encontre


    මම තරහෙන් හොඳට ඇස් දෙක තවත් තද කරලා වහගත්තා. ඒත් දිගින් දිගටම සින්දුව ඇහෙනව.



    Na main samjha, na main jaana
    Jo bhi tumne mujhse kahaa hai Senorita



    ඊළඟට ආයෙමත් අරාශ්....




    "this was just meant to be...... you are coming back to me

    coz this is pure love, coz this is pure love.........."




    "මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා එකම සින්දුව දාන්නෙ......" මම අම්මා එක්ක බැන්න.

    "ඒක තමයි, පොලිසියට කියන්න ඕනා, වෙන රටවල් වල නම් මෙහෙම නෑ."අම්මත් මට එකතු වුණා.

    ඒත් එක්කම මට දැනුණා කවුරු හරි මාව හොල්ලනවා වගේ. ඒ කවුද? තොටියගෙ හිල්ඩා කුමාරිවත්ද? මාව ගැස්සිලා ඇහැරුණා. අනේ නෑ. මගෙ අම්මා මං දිහා බලාගෙන ඉන්නව.

    "පුතේ තේ එක බීලා නිදාගන්න"



    කවුද එතකොට මාත් එක්ක එහා ගෙදර මිනිස්සුන්ට බැන්නෙ? එතකොට තමයි මීදුම් පටලයක් තුනී වෙනවා වගේ මට සියල්ල පැහැදිලි වෙන්න පටන් ගත්තෙ. අපේ ගෙදරට එහා ගෙදරක් නෑනෙ. තියෙන්නෙ පොල් වත්තක්. ඒකෙ එහා මෙහා පියාඹන පොල් කුරුමිණියො ටිකයි, රතු ගුල්ලො ටිකයි ඇරෙන්න කවුරුත් නෑ සින්දු දාන්න.

    තවත් තත්පරේකට පස්සෙ මට තේරුණා මම අඩ නින්දෙන් හීනෙන් මිනිස්සුන්ට බැනලා..... අම්මා බනිනවා දැකලා ........

    ඒත් එක්කම මට මතක් වුනා අර වචන තේරෙන්නෙ නැති සින්දුවයි අරාශ්ගෙ සින්දුවයි මගෙ සිම් දෙකේ ringing tonesදෙක . මාව ඇහැරවන්න අම්මා ඒ දෙකට මාරුවෙන් මාරුවට ring කරලා.

    ඒවා කොහෙද..... මාව නම් ඇහැරවයි.!!



    *උපුටා ගැනීමකි