ඔබ නියම බෞද්ධයෙකුදැයි මඳක් සිතුවාද?

noble

Member
Mar 16, 2011
96
21
0
ඔබ නියම බෞද්ධයෙකුදැයි මඳක් සිතුවාද?

aw001171.jpg


ඔබගේ ශාසනය තුල, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්, මාර්‍ග ඵල නැත්තන්, ආර්ය අෂ්ඨාංගිග මාර්ග බ්‍රහ්ම චරියාවේ පුරුදු පුහුණු කිරීමකුත් නැත්නම්, එය බුද්ධ ශාසනය නොවේ.

ඉහත මග ඵල ඔබ භක්තියෙන් යුතුව ලැබීමට උත්සහ ගන්නේ නැත්නම් ඔබ බෞද්ධයෙකුද නොවේ.

වනරුක්, චෛත්‍ය, පිළිම, රූ, ආදිය සරණ යන්නේ නම්ද, යාඥා කරන්නේ නම්ද ඔබ බෞද්ධයෙකු නොවේ.

ඔබ සංඝ ප්‍රතිරූපක තුලින් අසරණකම් නැතිකර, සරණ ලබා ගැනීමට වෙහෙසෙන්නේ නම් බෞද්ධයෙකු නොවේ.

බුදුන් වහන්සේ අනුදැන ඒ කටයුතු වදාලේ නැත. ඒ බමුණු පුද පූජා පිළිකුල් කොට අතහැරීමට දේශනා කරන ලදී. බමුණෙකු නොවී බෞද්ධයෙකු වන්න.

"සතං සමාගමො හොතු යාව නිබ්බාන පත්තයා"