ඔබ නොදන්න දෑ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0



ලෝකයේ ජනයාගේ ජීවන මට්ටම සංකීර්ණ වීමත් සමග විවිධාකාරයේ බේද බින්න කම් සමාජය තුළ හටගන්න පුලුවන්. මෙය විවිධ මට්ටමින් විවිධාකාරයෙන් සිදුවීමට පුලුවන්. මේ සටහනෙන් මම දක්වන්න යන්නේ බහුල ලෙස නූතන සමාජයේ පවතින එවැනි පැතිකඩයක් කිහිපයක් පිළිබදවයි.

යම් කිසි කෙනෙකුගේ ජාතිය හෝ ගෝත්‍රය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘති කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය සරලව ජාතිවාදය ලෙස හදුන්වන්න පුලුවන්.
මෙය English වලින් Racism. උදාහරණයකට අරාබි ජාතිකයන් සමස්ථයක් වශයෙන් ත්‍රස්තවාදින් ලෙස හංවඩු ගැසීම, කළු ජාතිකයන් පහත් ජාතිකයන් වශයෙන් අරථ ගැන්වීම වශයෙන් සදහන් කරන්න පුලුවන්.


යම් කිසි කෙනෙකුගේ ආගම පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ආගම්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ආගම් වාදියෙකි. මෙය English වලින් Religism ලෙස හදුන් වන්න පුලුවන්. උදාහරණයකට කතෝලිකයන් හෝ බෞද්ධයන්ව ආගම නිසා පීඩනයකට ලක්කිරීම හෝ කොන් කිරිමකට ලක් කිරිම ලෙස එය හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම යම් කිසි සුළු පිරිසක් කරන වැඩ වලින් සමස්ථ කුලකයක එකම රාමුවකට දැමිම වැරදි සහගත ක්‍රියාවක් ලෙස සලකන්න පුලුවන්.


යම් කිසි කෙනෙකුගේ වයස පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකට හෝ විචනයකට ලක්කරනවා නම් එය වයස්වාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ වයස් වාදියෙකි. මෙය English වලින් Ageism ලෙස හදුන් වන්න පුලුවන්. මේක ගොඩක් බහුල දෙයක් බහුතර වැඩිමල්ලන් සිතන්නේ බාලවයස් කාරයන් මුග්ධ අය කියලයි නමුත් එය එසේ නොවෙන්නත් පුලුවන්.
වර්තමානයේ අන්තර්ජාලය නිසා බාල පරපුර වැඩිමල්ලන්ට වඩා අද ලෝකය ගැන දන්නවා, ඔවුන්ගේ තරුණ කුතුහලය ,තාක්ෂණයේ දියුණුව සමග මිශ්‍රවී සමාජ දැනුම ඔප මට්ටම් වෙන්න පිටිවහලක් වෙන්න පුලුවන්.


යම් කිසි කෙනෙකුගේ කුලය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය කුලවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ කුල වාදියෙකි. මෙය English වලින් Casteism ලෙස හදුන් වන්න පුලුවන්. සරල උදාහරණයකට සිංහලයන්ගේ තියෙනවා උඩරට, පහතරට, කරා,බොදි ගොවි. දෙමළ අයගේ ලංකික දෙමළ, ඉන්දියන් දෙමළ ද, මුසල්මානුවන්ගේ යෝනක, මැලේ යනාදි කුල දක්වන්න පුලුවන්.


යම් කිසි කෙනෙකුගේ ලිංගය පාදක කොට ගෙන එම පුද්ගලයාව ඒකාකෘතික කිරිමකටම හෝ විචනයකට ලක්කරනවා නම් එය ලිංගවාදය ලෙස හදුන් වන්න පුලුවන් එසේ කරන්නේ ලිංගවාදියෙකි. මෙය English වලින් Sexism ලෙස හදුන් වන්න පුලුවන්. සමාජයේ බහුල ලෙස පවතින මතයක් තමයි කාන්තාවක් යනු පිරිමියෙකුට වඩා දුර්වල ,මෝඩ, තමන් ගැන පමණක් සිතන පිරිසක් හැටියටයි. මේක නිසා සමහර ආයතන වල විශේෂයෙන් බටහිර මොවුන්ට පඩි ගෙවීමේදි අර්ධ වශයෙන් සලකුණු ලබනවා. නමුත් ඒක තාත්වික වශයෙන් වැරදි දෙයක් නිදර්ශනයක් වශයෙන් නූතන ලෝකයේ විශ්ය විද්‍යාල වලට ඇතුලත් වෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩියි පිරිමින්ට වඩා එම උදාහරණය මෙම ඒකාකෘතික කරණය සහා විචනය මුලාවක් හෝ ව්‍යාජයක් බව පැහැදිලි ලෙස සනාථ කරනවා.


ඒක නිසා ඉහත සදහන් තත්වයන් වලට නොවැටි සමාජය දිහා විවෘත මනසකින් සිතන්න අද සිට පෙළඹෙන්න එවිට තමන්ට බොහෝ ඈත දර්ශනයන් වගේම, අන් අයට නොපෙනෙන දෑ පෙනෙන්න පුලුවන්.


Dead Island
 
  • Like
Reactions: Dishta Didin