Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබ මේ සංසාරය තුළ ඉපදුනු වාර ගණන අනන්තය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ නිවනට දොර විවර වන පින ~

අපේ අතින් නම් පව් කෙරෙන්නෙ නැහැ. ඒ නිසා පන්සල් නොගියට අමුතුවෙන් පින් නොකළට කමක් නැහැ. කියන අය කොතෙකුත් අප අතර සිටිති. තමන් කරන පින්, පව් අනුව දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, කුලවත්, කුලහීන යන මේ කුමන තරාතිරමක ඉපදුණත් ඒ කරන ලද පින් පව් සසර පුරාම පවතිනවා දැයි සිතා බැලීම වටී.

තෙරක් නොමැති මේ සසර ගමනේ අප කොතෙක් නම් ඉපදෙන්නට ඇතිද? තවත් කොතරම් වාර ගණනක් උපත ලබාවි දැයි කාහට නම් කිව හැකි ද? උපාලි ගෘහපතිතුමා තමන් මිය ගිය පසු කිසිවකුත් මිහිදන් නොකළ තැනක තමන් මිහිදන් කළ යුතු යැයි පවසා තැනක් පෙන්වා අසවල් තැන මිහිදන් කළයුතු යැයි පැවසූ විට බුදුරදුන් වදාළේ ඔහු එතැනම පන්සිය වාර ගණනක් මිහිදන් කළ බවයි. මේ අනුව බලන විට අප උප්පත්තිය ලැබූ සහ ලබන්නට ඇති වාර ගණන් කොතෙක් දැයි නිශ්චය කළ හැකි ද? තිරිසන්, ප්‍රේත, අමනුෂ්‍ය ආත්ම භාවවල අප කොතෙකුත් ඉපදෙන්නට ඇත. එසේ අති දීර්ඝ සංසාර ගමනක් ආ අප මෙලෙස මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නට කවදා හෝ කළ කුසල කර්මයක් හේතුවන්නට ඇත.

සත්වයා උපදින ස්ථාන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. එහිදී උන්වහන්සේ වදාළේ මනුෂ්‍ය ලෝකය තරම් වටිනා අන් තැනක් නොමැති බවයි. උන්වහන්සේ එසේ වදාළේ මනුෂ්‍ය ලෝකය තරම් පින් රැස් කර ගත හැකි වෙනත් ආත්මභාවයක් නොමැති බැවිණි. එසේ නම් පවක් සිදු නොවෙතැයි සිතමින් පිනක් දහමක් නොකර ජීවත් වන්නන් වාලේ ජීවත් විය යුතු ද? පින් සිදු කර ගන්නට ඉඩ ලැබුණු මෙම මහඟු අවස්ථාවේ හැකිතාක් පින් රැස් කර ගෙන ජීවිතය හරවත් කර ගැනීමට උත්සාහ කරනවා දැයි තීරණය කළ යුතු ය. රහතන් වහන්සේ නමකට කුඩා දෙයක් පූජා කිරීමෙන් එකණෙහිම මියගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබූ අවස්ථා ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන්ව ඇත. දෙවිවරුන් පවා පින් රැස් කර ගැනීමට ඝන කයක් මවා ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බැව් අසන්නට ලැබේ. ශක්‍ර දේවේන්ද්‍රයෝ එක් අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් පූජා කිරීමට සිතා මහලු වෙස්ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දන් පැන් පූජා කළහ. එම පූජා කළ ද්‍රව්‍යයන් තුළින් අමුතු සුවඳක් වහනය වීම නිසා ඒ ඇයි දැයි උන්වහන්සේ දිවැසින් බලන කල දානය පූජා කළේ සක් දෙවියන් බැව් දැන සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එම අවස්ථාව නොදී එසේ කළේ, ඇයි දැයි විමසූහ. එවිට සක්දෙවියන් ප්‍රකාශ කළේ මනුෂ්‍යයන්ට වගේම දෙවියන්ටත් පින් අවශ්‍ය වන බවයි. බොහෝ පින් කම් කොට දිව්‍ය ලෝකයන්හි, උපත ලැබූවත් එම දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගැනීමට තව තවත් පින් රැස් කළ යුතු බැව් මින් පැහැදිලි නොවන්නේ ද? පින අවසන් වූ පසු දෙවිවරු පවා වෙනත් ආත්මභාවවල උපත ලබති. හොඳ උප්පත්තියක් වගේම සසරේ සැප සම්පත් ලබන්නට ද පින් අවශ්‍ය වේ. එසේම නිවන් අරමුණු කරගෙන යන ගමනේදීත් පින් අවශ්‍ය වේ. පින් නැති අයෙකුට ඒ සඳහා අවබෝධයක් කැමැත්තක් ඇති නොවේ. ගෞතම බුදුන් වහන්සේ බෝසත් අත්බැව් හි සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා නොයෙකුත් ආත්මභාවයන්හි ඉපිද බොහෝ පින්කම් කළ බැව් ධර්මයෙහි සඳහන් වේ. එසේම බුදුරජාණන් වහන්සේ එකල මහා ධනවතුන් සිදු කළ මහා පින්කම් පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් දේශනා කළහ.

විෂම වූ සමාජයක් තුළ ජීවත්වන අප අතින් කිනම් හෝ මොහොතක කුමන හෝ අකුසලයක් සිදුවීමට ඉඩ ඇත. යම් විදියකින් කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් සතර අපායට වැටුණහොත් කෙතරම් කාලයක් නිරයේ දුක් විඳින්නට සිදුවේ දැයි කිව නොහැකිය. සසර ගමන ඉතා බියකරු බව බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. උන්වහන්සේ වදාළේ යමෙකු නිරයේ හෝ තිරිසන් අපායේ වැටුණහොත් මනුෂ්‍ය ආත්මභාවයක උප්පත්තිය ලැබීම කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසු බවයි.

යමෙක් භවභෝග සම්පත් ඇතිව උපදින්නේත්, තවෙකෙක් දුප්පත්ව උපදින්නේත් කරන ලද කුසලා කුසල කර්ම විපාක අනුවය. දාන, ශීල, භවනා දී පින්කම් සසර සැපවත් කර ගැනීමට මෙන්ම බොහෝ භවභෝග සම්පත් ලබන්නට ද හේතුවේ. ලෝසක හාමුදුරුවන් හට රහත් වූ අන්තිම ආත්මභාවයේත් දානය වළඳන්නට නොහැකි වූයේ සසරේ කරන ලද බලවත් අකුසල කර්මයක විපාක වශයෙනි. පෙර භවයක රහතන් වහන්සේ නමකට දානය වළක්වාලීමේ පාපය හේතුවෙන් පිරිනිවන් පාන තෙක්ම උන්වහන්සේට දානය වළඳන්නට නොහැකි විය.

යමෙකු මිය ගිය පසු එම තැනැත්තාට ඥාතීන් විසින් දෙනු ලබන පින් අනුමෝදන් වන්නට හැකි වන්නේ ද සුදුසු ආත්මයක සිටියහොත් පමණි. නිරය, ප්‍රේත, තිරිසන් ආත්මභවයක උපත ලද හොත් පින් අනුමෝදන් වන්නට නොහැකි ය. තිරිසන් ආත්මභාවයක උපන්නත් සැප විඳින සත්වයෝ ද සිටිති. එසේ වනුයේ ද කරන ලද පින් පව් අනුවය. තෝදෙය්‍ය නම් බමුණා පින්කම් නොකොට මසුරු සිත් ඇතිව මියගොස් තම නිවසේම සුනඛයෙක්ව උපන්නේ ය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක දහම් පදයක් ඇසීමෙන් මාර්ග ඵල ලැබූ අය සිටියහ.

බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවක එම ස්ථානයේ සිටි ගෙම්බෙක් හදිසියේ මිය ගොස් දිව්‍යලෝකයක උපත ලැබීය. දාරුචීරිය මරණාසන්න අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමෙන් සුගතිගාමී විය. එසේ බුද්ධෝත්පාද කාලයක ධර්මය සැණෙකින් අවබෝධ කර ගත හැකි වනුයේ ධර්මය පුරුදු පුහුණූ කළ අයෙකුට පමණි. ඉපදුන සියලු සත්වයෝම කෙදිනක හෝ මරණයට පත්වෙති.එවිට හිස් මිනිසුන් ලෙස මිය යනවාට වඩා ධර්මය පුරුදු පුහුණු කළ සාරධර්ම වලින් හෙබි පිරිපුන් මිනිසුන් ලෙස මිය යන්නට ලැබුණොත් කෙතරම් අගනේ ද?

කොසොල් රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකා දේවිය බුදුන් වහන්සේ කෙරෙහි ඉතා භක්තිමත් බොහෝ සෙයින් පිනට ලැදි නොයෙක් පින් දහම් කටයුතුවල නිතර යෙදුණ කාන්තාවකි. එහෙත් මිය යන මොහොතේ ඇති වූ අයහපත් සිතිවිල්ලක් නිසා ඇයට සතියක් අපායගාමී වන්නට සිදු වූවා ය. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ චාරිකාවක වඩිද්දී ඊරියක් දැක සිනහ පහළ කළහ. බුදුකෙනෙක් එසේ සිනහ පහළ නොකරන බව දත් ආනන්ද හිමියෝ එසේ සිනහ පහළ කළේ ඇයි දැයි බුදුහිමියන්ගෙන් විමසූහ. පෙර ආත්මයක කිකිළියක්ව ඉපිද පිරිත් හඬට කන්දීමෙන් දිව්‍යලෝකයක උපත ලැබූ බවත් නැවත ඊළඟ ආත්මයක රජකුලයක ඉපිද මඩ වගුරක සිටි පණුවන් දුටු එම කාන්තාව අනිත්‍යය මෙනෙහි කිරීම නිසා බ්‍රහ්ම ලෝකයක උපත ලැබූ බවත් බුදු හිමියෝ අනඳ හිමියනට වදාළහ. මොහොතක ඇති වූ පින් සිතිවිල්ලක් නිසා ඒ අයුරින් උපත ලැබුවත් පුණ්‍ය ශක්තිය අවසන් වීමෙන් පසු නැවත තිරිසන් භවයක උපත ලැබීය.

පවක් සිදු නොකරන නිසා පින් අවශ්‍ය නැතැයි සිතුවත් පෙර කළ පින් අවසන් වූ පසු කුමන ආත්මභාවයක උපත ලබාවි දැයි කිසිවකුටත් කිව නොහැක. සසර ගමනේ ඇති අවදානම මින් පැහැදිලි නොවන්නේ ද?

පෙර බෞද්ධයන් අතර පින් පොතක් පැවතිණි. තමන් කරන ලද පින්කම් ඒ පොතේ සටහන් විය. මිය යන මොහොතේ තමන් කරන ලද පින්කම් සිහිපත් කර ගැනීමට මෙම පින් පොත ඉවහල් විය. සසර ගමන යහපත් කර ගැනීමට නම් අප පින් රැස් කර ගත යුතු ය. ජීවිතයේ අවසන් මොහොතේ පිහිට වන්නේ තමන් කර ගන්නා ලද පින්කම් ය. ගමේ පන්සල ඒ සඳහා අපට ඇති උතුම්ම ආයතනයයි.

පස් පවින් වැළකී සුචරිතවත් මිනිසුන් ලෙස දිවි ගෙවීම ඉතා යහපත් ය. එහෙත් එපමණකින් සෑහීමකට පත් නොවී ලැබූ මනුෂ්‍ය ආත්මභාවයෙන් උපරිම පළ නෙළාගන්නට උත්සාහවත් විය යුතු ය.දාන, ශීල, භාවනා දී පින්, කුසල් වඩමින් ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සුක වෙමු.

[QUOTE="asliyanage, post: 30421455, member: 8764"] ~ නිවනට දොර විවර වන පින ~ අපේ අතින් නම් පව් කෙරෙන්නෙ නැහැ. ඒ නිසා පන්සල් නොගියට අමුතුවෙන් පින් නොකළට කමක් නැහැ. කියන අය කොතෙකුත් අප අතර සිටිති. තමන් කරන පින්, පව් අනුව දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, කුලවත්, කුලහීන යන මේ කුමන තරාතිරමක ඉපදුණත් ඒ කරන ලද පින් පව් සසර පුරාම පවතිනවා දැයි සිතා බැලීම වටී. තෙරක් නොමැති මේ සසර ගමනේ අප කොතෙක් නම් ඉපදෙන්නට ඇතිද? තවත් කොතරම් වාර ගණනක් උපත ලබාවි දැයි කාහට නම් කිව හැකි ද? උපාලි ගෘහපතිතුමා තමන් මිය ගිය පසු කිසිවකුත් මිහිදන් නොකළ තැනක තමන් මිහිදන් කළ යුතු යැයි පවසා තැනක් පෙන්වා අසවල් තැන මිහිදන් කළයුතු යැයි පැවසූ විට බුදුරදුන් වදාළේ ඔහු එතැනම පන්සිය වාර ගණනක් මිහිදන් කළ බවයි. මේ අනුව බලන විට අප උප්පත්තිය ලැබූ සහ ලබන්නට ඇති වාර ගණන් කොතෙක් දැයි නිශ්චය කළ හැකි ද? තිරිසන්, ප්‍රේත, අමනුෂ්‍ය ආත්ම භාවවල අප කොතෙකුත් ඉපදෙන්නට ඇත. එසේ අති දීර්ඝ සංසාර ගමනක් ආ අප මෙලෙස මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නට කවදා හෝ කළ කුසල කර්මයක් හේතුවන්නට ඇත. සත්වයා උපදින ස්ථාන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. එහිදී උන්වහන්සේ වදාළේ මනුෂ්‍ය ලෝකය තරම් වටිනා අන් තැනක් නොමැති බවයි. උන්වහන්සේ එසේ වදාළේ මනුෂ්‍ය ලෝකය තරම් පින් රැස් කර ගත හැකි වෙනත් ආත්මභාවයක් නොමැති බැවිණි. එසේ නම් පවක් සිදු නොවෙතැයි සිතමින් පිනක් දහමක් නොකර ජීවත් වන්නන් වාලේ ජීවත් විය යුතු ද? පින් සිදු කර ගන්නට ඉඩ ලැබුණු මෙම මහඟු අවස්ථාවේ හැකිතාක් පින් රැස් කර ගෙන ජීවිතය හරවත් කර ගැනීමට උත්සාහ කරනවා දැයි තීරණය කළ යුතු ය. රහතන් වහන්සේ නමකට කුඩා දෙයක් පූජා කිරීමෙන් එකණෙහිම මියගොස් දිව්‍ය ලෝකයේ උපත ලැබූ අවස්ථා ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන්ව ඇත. දෙවිවරුන් පවා පින් රැස් කර ගැනීමට ඝන කයක් මවා ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බැව් අසන්නට ලැබේ. ශක්‍ර දේවේන්ද්‍රයෝ එක් අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් පූජා කිරීමට සිතා මහලු වෙස්ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දන් පැන් පූජා කළහ. එම පූජා කළ ද්‍රව්‍යයන් තුළින් අමුතු සුවඳක් වහනය වීම නිසා ඒ ඇයි දැයි උන්වහන්සේ දිවැසින් බලන කල දානය පූජා කළේ සක් දෙවියන් බැව් දැන සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එම අවස්ථාව නොදී එසේ කළේ, ඇයි දැයි විමසූහ. එවිට සක්දෙවියන් ප්‍රකාශ කළේ මනුෂ්‍යයන්ට වගේම දෙවියන්ටත් පින් අවශ්‍ය වන බවයි. බොහෝ පින් කම් කොට දිව්‍ය ලෝකයන්හි, උපත ලැබූවත් එම දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගැනීමට තව තවත් පින් රැස් කළ යුතු බැව් මින් පැහැදිලි නොවන්නේ ද? පින අවසන් වූ පසු දෙවිවරු පවා වෙනත් ආත්මභාවවල උපත ලබති. හොඳ උප්පත්තියක් වගේම සසරේ සැප සම්පත් ලබන්නට ද පින් අවශ්‍ය වේ. එසේම නිවන් අරමුණු කරගෙන යන ගමනේදීත් පින් අවශ්‍ය වේ. පින් නැති අයෙකුට ඒ සඳහා අවබෝධයක් කැමැත්තක් ඇති නොවේ. ගෞතම බුදුන් වහන්සේ බෝසත් අත්බැව් හි සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා නොයෙකුත් ආත්මභාවයන්හි ඉපිද බොහෝ පින්කම් කළ බැව් ධර්මයෙහි සඳහන් වේ. එසේම බුදුරජාණන් වහන්සේ එකල මහා ධනවතුන් සිදු කළ මහා පින්කම් පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් දේශනා කළහ. විෂම වූ සමාජයක් තුළ ජීවත්වන අප අතින් කිනම් හෝ මොහොතක කුමන හෝ අකුසලයක් සිදුවීමට ඉඩ ඇත. යම් විදියකින් කරන ලද අකුසල කර්මයක් හේතුවෙන් සතර අපායට වැටුණහොත් කෙතරම් කාලයක් නිරයේ දුක් විඳින්නට සිදුවේ දැයි කිව නොහැකිය. සසර ගමන ඉතා බියකරු බව බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. උන්වහන්සේ වදාළේ යමෙකු නිරයේ හෝ තිරිසන් අපායේ වැටුණහොත් මනුෂ්‍ය ආත්මභාවයක උප්පත්තිය ලැබීම කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසු බවයි. යමෙක් භවභෝග සම්පත් ඇතිව උපදින්නේත්, තවෙකෙක් දුප්පත්ව උපදින්නේත් කරන ලද කුසලා කුසල කර්ම විපාක අනුවය. දාන, ශීල, භවනා දී පින්කම් සසර සැපවත් කර ගැනීමට මෙන්ම බොහෝ භවභෝග සම්පත් ලබන්නට ද හේතුවේ. ලෝසක හාමුදුරුවන් හට රහත් වූ අන්තිම ආත්මභාවයේත් දානය වළඳන්නට නොහැකි වූයේ සසරේ කරන ලද බලවත් අකුසල කර්මයක විපාක වශයෙනි. පෙර භවයක රහතන් වහන්සේ නමකට දානය වළක්වාලීමේ පාපය හේතුවෙන් පිරිනිවන් පාන තෙක්ම උන්වහන්සේට දානය වළඳන්නට නොහැකි විය. යමෙකු මිය ගිය පසු එම තැනැත්තාට ඥාතීන් විසින් දෙනු ලබන පින් අනුමෝදන් වන්නට හැකි වන්නේ ද සුදුසු ආත්මයක සිටියහොත් පමණි. නිරය, ප්‍රේත, තිරිසන් ආත්මභවයක උපත ලද හොත් පින් අනුමෝදන් වන්නට නොහැකි ය. තිරිසන් ආත්මභාවයක උපන්නත් සැප විඳින සත්වයෝ ද සිටිති. එසේ වනුයේ ද කරන ලද පින් පව් අනුවය. තෝදෙය්‍ය නම් බමුණා පින්කම් නොකොට මසුරු සිත් ඇතිව මියගොස් තම නිවසේම සුනඛයෙක්ව උපන්නේ ය. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ එක දහම් පදයක් ඇසීමෙන් මාර්ග ඵල ලැබූ අය සිටියහ. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවක එම ස්ථානයේ සිටි ගෙම්බෙක් හදිසියේ මිය ගොස් දිව්‍යලෝකයක උපත ලැබීය. දාරුචීරිය මරණාසන්න අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගෙන් දහම් ඇසීමෙන් සුගතිගාමී විය. එසේ බුද්ධෝත්පාද කාලයක ධර්මය සැණෙකින් අවබෝධ කර ගත හැකි වනුයේ ධර්මය පුරුදු පුහුණූ කළ අයෙකුට පමණි. ඉපදුන සියලු සත්වයෝම කෙදිනක හෝ මරණයට පත්වෙති.එවිට හිස් මිනිසුන් ලෙස මිය යනවාට වඩා ධර්මය පුරුදු පුහුණු කළ සාරධර්ම වලින් හෙබි පිරිපුන් මිනිසුන් ලෙස මිය යන්නට ලැබුණොත් කෙතරම් අගනේ ද? කොසොල් රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකා දේවිය බුදුන් වහන්සේ කෙරෙහි ඉතා භක්තිමත් බොහෝ සෙයින් පිනට ලැදි නොයෙක් පින් දහම් කටයුතුවල නිතර යෙදුණ කාන්තාවකි. එහෙත් මිය යන මොහොතේ ඇති වූ අයහපත් සිතිවිල්ලක් නිසා ඇයට සතියක් අපායගාමී වන්නට සිදු වූවා ය. දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ චාරිකාවක වඩිද්දී ඊරියක් දැක සිනහ පහළ කළහ. බුදුකෙනෙක් එසේ සිනහ පහළ නොකරන බව දත් ආනන්ද හිමියෝ එසේ සිනහ පහළ කළේ ඇයි දැයි බුදුහිමියන්ගෙන් විමසූහ. පෙර ආත්මයක කිකිළියක්ව ඉපිද පිරිත් හඬට කන්දීමෙන් දිව්‍යලෝකයක උපත ලැබූ බවත් නැවත ඊළඟ ආත්මයක රජකුලයක ඉපිද මඩ වගුරක සිටි පණුවන් දුටු එම කාන්තාව අනිත්‍යය මෙනෙහි කිරීම නිසා බ්‍රහ්ම ලෝකයක උපත ලැබූ බවත් බුදු හිමියෝ අනඳ හිමියනට වදාළහ. මොහොතක ඇති වූ පින් සිතිවිල්ලක් නිසා ඒ අයුරින් උපත ලැබුවත් පුණ්‍ය ශක්තිය අවසන් වීමෙන් පසු නැවත තිරිසන් භවයක උපත ලැබීය. පවක් සිදු නොකරන නිසා පින් අවශ්‍ය නැතැයි සිතුවත් පෙර කළ පින් අවසන් වූ පසු කුමන ආත්මභාවයක උපත ලබාවි දැයි කිසිවකුටත් කිව නොහැක. සසර ගමනේ ඇති අවදානම මින් පැහැදිලි නොවන්නේ ද? පෙර බෞද්ධයන් අතර පින් පොතක් පැවතිණි. තමන් කරන ලද පින්කම් ඒ පොතේ සටහන් විය. මිය යන මොහොතේ තමන් කරන ලද පින්කම් සිහිපත් කර ගැනීමට මෙම පින් පොත ඉවහල් විය. සසර ගමන යහපත් කර ගැනීමට නම් අප පින් රැස් කර ගත යුතු ය. ජීවිතයේ අවසන් මොහොතේ පිහිට වන්නේ තමන් කර ගන්නා ලද පින්කම් ය. ගමේ පන්සල ඒ සඳහා අපට ඇති උතුම්ම ආයතනයයි. පස් පවින් වැළකී සුචරිතවත් මිනිසුන් ලෙස දිවි ගෙවීම ඉතා යහපත් ය. එහෙත් එපමණකින් සෑහීමකට පත් නොවී ලැබූ මනුෂ්‍ය ආත්මභාවයෙන් උපරිම පළ නෙළාගන්නට උත්සාහවත් විය යුතු ය.දාන, ශීල, භාවනා දී පින්, කුසල් වඩමින් ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සුක වෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom