ඔබ සැමටපිං බර වෙසක් මංගල්‍යක් වේවා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඔබ සැමටපිං බර වෙසක් මංගල්‍යක් වේවා

    බෞද්ධයින්ගේ විශාලතම උත්සවය වන වෙසක් උත්සවය වෙසක් මාසයේ දින දෙකක් පුරා පවත්වන අතර එම දින දෙකෙන් පළමු දිනය වෙසක් පුරපසළොස්වක දිනය වන අතර අනෙක ඊට පසු දිනය
    වෙසක් සමරන වෙනත් ජාතිකයින් එම උත්සවය, වෙසක් පුර පසළොස්වක පෝය දිනයේදී පමනක් සමරයි. එය අතීතයේ සිටම බෞද්ධයින්ගේ පූජනීය දිනයයි. නමුත් 1950 දී සිට ශ්‍රී ලංකාවෙ නීත්‍යානුකූලවම මේ අයුරින් සැමරීම ලෝකවාසී බෞද්ධ ජනතාවට දැක ගත හැකි විය.
    සමහර අවස්ථා වලදී වෙසක් යනු බුදුන්ගේ උපන් දිනය ලෙස පැවසුවද තවත් අවස්ථා වලදී එය බුදුන්ගේ දිනය ලෙස හැඳින්වීය පසුව බුදුන් වහන්සේගේ උපත, සත්‍යාවබෝධය (නිර්වාණය) සහ සම්බුද්ධ පරිනිර්වාණය යන බුදුන් වහන්සේ හා සම්බන්ධ සියළු කරුණු මුල්කරගෙන උත්සව පැවැත්වීම, උපන්දිනය වෙනුවෙන් පමණක් උත්සව පවත්වනවාට වඩා ඉතා නිවැරදි බවට ප්‍රකාශවිය.

    බුදු දහමේ ආරම්භක ස්ථානය වන ඉන්දියාවෙන් ලොව පුරා ඇති බොහෝ සංස්කෘතීන් බුදු දහම උකහා ගන්නා බැවින් බුදු දහම හා වෙසක් පවත්වන ආකාරයන් රටින් රටට වෙනස්වේ අප මෙහිදී මූළිකවම සොයා බලනනේ ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ සම්ප්‍රදායන් ගැනයි.
    ශ්‍රී ලංකාවේ වෙසක් සමයේදී සියළුම සුරා සැල් හා සත්ව ඝාතකාගාර රජයේ නියමයෙන වසා දැමේ. මධ්‍යසාර හා නැවුම් මස් විකිණිමට හෝ මිලට ගැණීමට කිසිවෙකුට අවසර නැත. වෙසක් සඳහා ප්‍රධාන දීන දෙකක් ඇතිමුත් වෙසක් පුර පසළොස්වක දිනයට පසුව ඇති සතිය පුරාම උත්සව පැවැත්වීමට බොහෝදේ ඇත. වෙසක් පැමිණීමත් සමගම බහුලවම දැකිය හැකි ලක්ෂණය වන්නේ තොරණ නමින් හඳුන් වන දීප්තිමත් ඩිජිටල් ආලෝක නිර්මාණයන්ය. මේවා කොළඹ, නුවර සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නගරවල ඉදි කරයි. මේවා ප්‍රදර්ශනය කරන්නේ ප්‍රසිද්ධ ජාතක කථාවක් දර්ශනීයව පෙන්වීමටයි. දෙවන ප්‍රධාන සංකේතය වන්නේ වර්ණවත් පහන් කූඩු පාර දෙපස හා නිවෙස් අසල තබා තිබීමයි. එමෙන්ම පාර දෙපස පිහිටුවා ඇති ආපන ශාලා වලින් නොමිලේ ආහාරපාන බෙදා දෙන ආකාරය ඔබට දැකිය හැක. භක්ති ගී නමින් හැඳින් වෙන බෞද්ධ ආගමික ගීත ගායනා කරමින් නගරය පුරා සැරිසරන සංගීත කණ්ඩායම්වල ගීත ඔබට ඇසෙනු ඇත. ශ්‍රී ලාංකීය සංචාරකයින් වෙසක්දින වලදී සිදු කරන සමහර දේවල් පහත දැක්වේ.

    කොළඹ ඇති ආලෝක දර්ශන මග නොහරියි. දර්ශනීය තොරන ආලෝක සියැසින් දැක ගැනීමට දිවයිනේ සියළුම ප්‍රදේශ වලින් අග නගරය වෙත ජනයා ගලා එති. එමෙන්ම උණපතුරු වලින් රාමු සකස්කර වර්ණවත් කඩදාසි වලින් සරසා මනා ලෙස සකස් කල පහන් කූඩු නැරඹීමට ද ඔවුන් එති. මෙම විශාළ කඳන් කොලඹට ඒමට ප්‍රධාන හේතුව පහන්කූඩු තරඟ පවත්වා ත්‍යාග ලබා දීමයි. කෙටියෙන් කිවහොත් පෙනෙන මානයම දීප්තිමත්ය.
    කොළඹ සිට සැතපුම් 10 පමන දුරින් පිහිටි කැළණිය රජමහා විහාරය නරඹන්න. බෞද්ධ ජනශ්‍රැතියට අනුව බුදුන් වහන්සේගේ අවසාන ලංකා ගමනය මගින් මේ සිද්ධස්ථානය පූජනීයත්වයට පත්විය. උන්වහන්සේ මැණික් ගල් ඇල්ලූ සිංහාසනයක වැඩ හිඳ ධර්මය ඉගැන්වූ බව පැවසේ. විහාරය තුල බුදු පිළිම ඉදිකර ඇති අතර බුද්ධ චරිතය හා ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ සිතුවම්ද නිරූපණය කර ඇත. මෙම සිතුවම්දේශීය සිත්තරකු වන සෝලියස් මෙන්ඩිස් විසින් නිර්මාණය කර ඇති නිසා ශ්‍රී ලංකාවේදී මේවාට වැඩි වටිනාකමක්ඇත.
    මහනුවර නගරයේ ඇති ජාතික කෞතුකාගාරයට ගමන් කරන්න. එය දිවයිනේ හදවත බඳු මධ්‍ය කඳුකරයේ පිහිටා ඇත. එහි 18,19 සහ 20 වැනි සියවස් වලට අයත් ශ්‍රී ලාංකීය කලා කෘති දහස් ගණනක් ඇත මේ කාලයේදී මහනුවර ප්‍රබල රාජධානියක් විය. මෙම කෞතුකාගාරය රජ මාළිගයේ කොටසක් වන අතර ඊට යාබදව දළදා මාළිගයද පිහිටා ඇති නිසා මෙහි ගවේෂණය කිරීමට බොහෝ දේ ඇත.
    වසරේ වර්ණවත්ම සහ ප්‍රීතිමත්ම කාලය දැක ගැණිමට ඔබ වෙසක් සමයේ ශ්‍රී ලංකාවේ සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ඉතිහාය ගැන හැදෑරීමට සහ අපේ භූමියත් ශ්‍රී ලංකාවත් අතර ඇති වෙනස ඉගෙනීමටත් සුදුසුම කාලය එයයි.

     
    • Like
    Reactions: su1993

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද අධිපොසොන් පෝය දිනය...
    කොහොම උනත් ධර්මානූකූලව කටයුතු කරන්න පිටුවහලක් වෙනවනම් ආතියේ දවස් හතම උනත් වෙසක් පෝය දවසක් කරගන්න බාධාවක් නෑ...
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අද අධිපොසොන් පෝය දිනය...
    කොහොම උනත් ධර්මානූකූලව කටයුතු කරන්න පිටුවහලක් වෙනවනම් ආතියේ දවස් හතම උනත් වෙසක් පෝය දවසක් කරගන්න බාධාවක් නෑ...

    paka thamai. international vesak day.loke inna hamotama vesak ada.
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    paka thamai. international vesak day.loke inna hamotama vesak ada.

    Poya should be in chandra masa system
    There is no need of essentially on May
    If you want correct vesak poya day you should do it considering only 12 poya for year and calculating from the original date
    then you would get the correct poya day and it may be sometime on the other end of the year not on may
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Poya should be in chandra masa system
    There is no need of essentially on May
    If you want correct vesak poya day you should do it considering only 12 poya for year and calculating from the original date
    then you would get the correct poya day and it may be sometime on the other end of the year not on may

    > Standard Deviation
     
    • Like
    Reactions: Standard Deviation

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙසක් උස්සවෙත් බලෙන් දින වෙනස් කරවපු රනිල වගේ තිරිසන් පාලකයෙක් .. මීලග මැතිවරනවලදීවත් බුද්ධිමත්ව චන්දය බාවිතාකරමු..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ උබල වගේ මීහරක්, දිනේ ප්‍රශනයක් කරගන්ඩ එපා..බලපිය අතගාල අo එනවද කියල..

    උඹත් එක්ක මේ වගේ දේවල් වලට වාද කරන්නේ නෑ...
    ඒක සමහරක් හිපාටු නරියන් බලා ඉන්න දෙයක් නිසා...
    උන්ගේ සමහර ත්‍රෙඩ් වල අරමුණ අනවශ්‍ය වාද ඇති කරලා පෘථග්ජන අපේ සීමාසහිත දැනුම දඩමීමා කරගෙන පහර ගහන එක.