ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!

    ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!


    Mary Did You Know






    downloadnow.png




    wmv.jpg
    Windows High Quality



    :love::love::love:

    Mary Did you Know? With Sinhala Subtitle

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මා බලවත් කරනා | Ma Balawath Karana

    ගායනය: ගරු ටෙරන්ස් පෙරේරා පියතුමා

    මා බලවත් කරනා සමිඳාණන් තුල
    සියල්ල කළ හැකි වේ
    සියල්ල කළ හැකි වේ...//

    නැත මා සිතේ සැකයක් බියක්
    සමි‍ඳෝ බලවතාණෝ...//
    රැකගන්න මා සමි‍ඳේ
    ගෙ‍වෙනා සෑම මොහොතේ...//

    පිසදා කඳුළු සනසා අපව
    මුදවා සෑම නපුරෙන්...//
    සමිඳා ඔබයි නිබ‍ඳේ
    තුති වේ ප්‍රශංසා වේ...//

    ගිනි දැල් හදේ සුසුමන් සිතේ
    නිවනා සමිඳු ඔබ වේ...//
    ඉඩ දෙන්න මට සමි‍ඳේ
    රැඳවෙන්න ඔබ සුරතේ...//

    දිළිඳුන් අතර දිළි‍ඳෙක් විලස
    වැඩියේ ඔබයි සමි‍ඳේ...//
    කල්වාරි කඳු මුදුනේ
    ගැලවීම දුන් රජීඳේ...//




    DOWNLOAD

    MORE

    Sinhalageethika
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කුරුසේ නැග අත් විහිදා

    කුරුසේ නැග අත් විහිදා

    කුරුසේ නැග අත් විහිදා
    කුරුසේ නැග අත් විහිදා
    මුළු ලෝ තුරුලට වඩලා
    සිටිනා දෙවි පුත් රදුණේ
    ඔබෙ පා සිඹිමින් වඳිමු

    සිරසේ කිරුළේ මිණි සේ
    බැබළේ බිඳු වැල් සිරි ලේ
    කුරුසේ සිටිනා දෙවිඳේ
    ඔබෙ පා සිඹිමින් වඳිමූ

    දෙනෙතේ කඳුළුයි ඔබගේ
    දෙතොලේ ලේ වැල් කැටි වේ
    ඇණලා සිරවී තිබෙනා
    ඔබෙ පා සිඹිමින් වඳිමූ

    පහරින් නිල් වූ සිරුරේ
    දහරා ගලමින් දිලිසේ
    මෙලෙසේ පණ දුන් දෙවිඳේ
    ඔබෙ පා සිඹිමින් වඳිමූ

    ඔබ හා කුරුසේ නැඟලා
    ඔබෙ දෑසින් ලොව බලලා
    ඔබ සේ කරුණා පාලා
    කුරුසේ හිඳිනා සමිඳේ

    හිඳිනා ලෙස මා කැඳවා
    කල්වාරිය මත නංවා
    ඔබ හා මා හා සිටිමු
    කුරුසේ හිඳිනා සමිඳේ
     
    • Like
    Reactions: nelik