ඔබ සිංහල ද..? දෙමළ ද..?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    ඔබ සිංහල ද..? දෙමළ ද..?

    V-publish-11.jpg




    මරීසා ද සිල්වා
    මට ඇත්තටම, කියන්න බැහැ කී වරක් මේ ප්‍රශ්නය ඔබෙන් අසා තිබෙනවාද කියා. , සාමය, පවත්නා මේ දින වලදි ද නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය නගා තිබෙනවා.

    පළමුව කොළඹ දී. දැන් යාපනයේ දී.

    යාපනය කියන්නේ ඇත්තටම එහි පදිංචිකරුවන්ගෙන් සියයට අනූනවයක්ම ජීවත් වෙන්නේ දෙමළ ජාතිකයන්. මේ ප්‍රශ්නය ඔවුන්ෙගන් දැනුත් අසනවා. නමුත් ඒ මොන හේතුවක් නිසාද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබීමෙන් කිසිවෙකුට තක්සේරු කළ හැක්කේ කුමක් ද? පරීක්‍ෂා කරන ස්ථාන වලදි හෝ වෙනත් ස්ථාන වලදී දෙමළ, සිංහල ජාතීන් දෙකටම එකම ලෙස සළකනවා නම් මේ ප්‍රශ්නය නැගීමට කිසිම හේතුවක් නැහැ.


    යම් දෙයක් පමණට වඩා උලුප්පා දැක්වීම ඒ කියන්නේ කුඩා දෙයක් ලොකු කන්දක් ලෙස මවාපෑම. හරි.. එය එළෙසනම් මේ ප්‍රශ්නය තවමත් අපෙන් අසන්නේ කුමක් මත ද? මා කතාකරන ලද කිසිම පුද්ගලයෙක් මේ පැනයට අර්ථවත් තේරුමක් දී නැහැ. අපි දැන් හිතාගනිමු. හමුදා නිලධාරින්ට සෑම පුද්ගලයෙක්ගෙන්ම මේ ප්‍රශ්නය ඇසීමට උපදෙස් දී තිබෙනවා කියා. තවත් ප්‍රශ්නයක් අහනවා. සමහරවිට හමුදා නිලධාරින් හා රජය දිනපතා යම්කිසි ස්ථානයකින් මාරුවන (එහාමෙහා යන) සිංහල හා දෙමළ ජාතිකයින් කොපමණදැයි යන්න පිළිබඳ රහස්‍ය සමීක්‍ෂණයක් කරනවා ද? එසේනම්, මුස්ලිම්වරුන් හා ලන්සි ජනයා පිළිබඳ තත්ත්වය කුමක් ද? මේ වගේ සමීක්‍ෂණයකට එම ජාතීන් දෙක ඇතුළත් වන්නේ නැද්ද?


    හරි..? අපි ඉක්මණින් මේ ඇතුලාන්තය දෙස බලමු. අපි, පරීක්‍ෂා කරන ස්ථානයකට කී වරක් ගොස් තිබේ ද? හා.. මේ ප්‍රශ්නය අපගෙන් කී වතාවක් අසා තිබේද? අපි මෙයට ඉතා සතුටෙන් , අපි සිංහල…, යන වචනය කී වරක් භාවිත කර තිබේ ද? ඇත්තටම අපේ වාහනයේ දෙමළ මිත්‍රයින් හෝ පවුල් සිටියදීත් හුදෙක් අපගේ පහසුව සඳහා නොවේ ද අප එළෙස කියන්නේ. සමහර අවස්ථාවන්හිදි අපේ දෙමළ මිත්‍රයන් මෙළෙස කටයුතු කිරීමට අපව උනන්දු කළා විය හැකිය. ඒ ආරක්ෂක නිලධාරින් විසින් අසන ප්‍රශ්න මාලාව අඩුකර ගැනීමට.

    දින කීපයකට පෙර මාගේ යහලුවෙකු සමඟ ඔහුට අවට පෙන්වීම සඳහා කිරිමලෛයි ප්‍රදේශයට යන විට අධි ආරක්‍ෂක කලාපයට බාහිරව පරීක්‍ෂා කරන ස්ථානයකදි අප නතර කරන ලදි. ඒ අවස්ථාවෙහි ඇය මා හට කොඳුරා , සිංහලෙන් කතා කරන්න යැයි , මා හට කොඳුරන තෙක් මා නිශ්ශබ්දව සිටියෙමි. ඒ අවස්ථාවේදි මට ඇය සිංහල යැයි පැවසීමට මා හට දැනුම් දුන්නේ එය ප්‍රවේශම් සහිත හා ප්‍රශ්න මාලාවෙන් ගැලවීමට යැයි මට දැනුණි.

    ඉතා පහසු මාර්ගයක් ඔස්සේ යාම පහසු බවට දැනට අපට දැනුමක් ඇති බැව් මේ දක්වා අපට අවධාරණය නොවිණි. එක් අවස්ථාවක හැඳුනුම්පත නොමැතිව සිටි මාගේ යහලුවාට සිංහල හොඳට කතා කළ හැකි මාගේ දෙමළ ජාතික යාලුවෙකු පරීක්‍ෂා කරන විටකදී නවතන ලදි. ප්‍රමාද දෝෂයකින් හැඳුනුම්පත ගෙදර තබා ඇති බව පැහැදිළි කිරීමේදි , අපේ එක්කෙනෙක්නේ මල්ලි, ඉතිං කමක් නැහැ. හැබැයි එනපාර හැඳුනුම්පත ගෙදර තියලා එන්න එපා මල්ලි. මගේ යාලුවා ඔහුගේ ජාතිය පිළිබඳව පැහැදිළි කිරීමක් කිරීමට පැහැදිළි හේතුවක් මත උත්සාහයක් නොදරණ ලදි. ඔහු වහා එය අනුමත කොට එම ස්ථානයෙන් පිටව යන ලදි.

    මේ අපේ එක්කෙනෙක් නොවන පුද්ගලයෙකුට මෙය පරිවර්ථනය කරන්නේ කෙසේ ද? දෙමළ ජාතිකයින් අහිංසකයන් ලෙස ඔප්පු කරන තෙක් ඔවුන් චූදිතයන් ලෙස සළකනු ලැබේ. අප සියලුදෙනාම එය පිළිගෙන ඇත. සිංහල හා දෙමළ යන ජාතීන් දෙකම මෙයට විරුද්ධව කතා නොකරන දෙමළ ජාතිකයින් සාධාරණය කළ හැක.

    සිංහල මනාලෙස කතාකරන මාගේ නාගරිකව වාසය කරන දෙමළ ජාතික මිත්‍රයෙකු අහිංසක සිනාවක් පා , මා ශ්‍රී ලාංකිකයෙකු , ලෙස උත්තර දෙයි. තවත් දෙමළ ජාතිකයින් කී දෙනෙකුට මෙය කළ හැකිද? එම ප්‍රශ්නයට නියම පිළිතුර මෙය ද? හෝ එම ප්‍රශ්නය කිසිවිටෙක නොඇසිය යුතු ද?

    (www.groundviews.org වෙබ් අඩවියේ පළවූ “Oya Sinhalade? Demalade?” – Questioning a question in post-war Sri Lanka ලිපියෙ සිංහල පරිවර්ථනය යි.)


    Source: http://vikalpa.org/?p=2395