ඔබ Aliion හෝ Premio වාහනයක් පදින කෙනෙක්ද? එහෙනම් Auto gearbox එකේ ඇති ගැටළු

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    52
    18
    ඔබ Aliion හෝ Premio වාහනයක් පදින කෙනෙක්ද? එහෙනම් Auto gearbox එකේ ඇති ගැටළු එකින් එක බලමු. Aliion හෝ Premio වල CVT automatic transmission එක්ක තමා කාර් එක ඇවිල්ල තියෙන්නේ.

    1. Auto gearbox එක අධික ලෙස රත් වීම

    ඔබ වාහනය පදින විට ඉතා අඩු කාලයකින් gearbox එක අධික ලෙස රත් වන බවක් දැනෙනවාද?

    Toyota Premio, Allion Auto gearbox එක අධික ලෙස රත් වීමට හේතු

    අඩු Gear oil level,

    දෝෂ සහිත gear coolant / radiator

    ක්‍රියා විරහිත වූ heat stabilizer

    අධික බර වැනි විවිධ සාධක නිසා විය හැකිය.

    හැකි විසඳුම් අතර නිතර Gear oil පරීක්ෂා කිරීම සහ නැවත පිරවීම, gear coolant හෝ රේඩියේටරය අලුත්වැඩියා කිරීම හෝ replace කිරීම, heat stabilizer සවි කිරීම හෝ replace කිරීම සහ අධික බර පැටවීම වැළැක්වීම ඇතුළත් වෙනවා.

    අපි හැමදාමත් කියනවා වගේම Gear oil වල තත්වය හා ප්‍රමාණය මෙම gear box heat එකට හොදීම බලපානවා. CVT gearbox නිසා CVT gear Oil එකක්ම යොදා ගන්න අමතක කරන්න එපා.

    අංක 02 : Gear Slip වීම

    පාරේ වාහනය පදවාගෙන යන විට සමහරවිට accelerate කරන විට නියමිත පරිදි වීගය වැඩි වෙන්නේ නැති බව අත් විද තිබෙනවාද? නැති නම් නියත වේගයකින් යන විට වාහනය වේගය අඩු වැඩිවීම් වලට ලක්වෙනවාද? accelerate කරන විට නියමිත පරිදි RPM එක වැඩි වෙන්නේ නැත්ද? එසේ නම් ඔබත් Gear Slip වීම ඇත විද ඇති කෙනෙක්.

    එනම් ඔබගේ gearbox එකේ Torque Converter එකේ හෝ අභ්‍යන්තර Clutch වල ඇති ගැටළු මෙයට හේතු විය හැකියි.

    මෙයට ඇති හොදම විසදුම වන්නේ ඉතා ඉකමනින් සුදුසු Autogear ගරාජයකට රැගෙන යාමයි. නැවත එවන් ගැටලුවකට මුහුණ නොදීමට නම් නියමිත කාලයේදී Autogear box එකේ services හා Oil changes කර ගැනීමයි.

    අංක 03 – Gear Oil Leak වීම

    ගොඩක් Allion Premio අයිතිකරුවන් විටින් විට Auto gear Oil leakages ඇති බව කියන අතර, වාහනවලට යටින් සමහරවිට එක පාරටම Oil එකතු උන සලකුණු තිබෙන බව දැක තිබෙනවා. මෙය ගෙවී ගිය seals, gaskets හෝ damage උන transmission pan එකක් නිසා වෙන්නත් පුළුවන්.

    එම නිසා නිතරම ඔබගේ gear box එක නියමිත කාලයේදී service කර ගැනීම හා Oil මට්ටම පරික්ෂා කිරීම ඉතා වැදගත්. එමගින් මෙවැනි Oil leakages වලට හේතුවන දේවල් පිළිසකර කරගෙන, වැඩි වියදමකට පාර කැපෙන gearbox හානිවීම් වලින් වලකින්න පුළුවන්.

    අංක 04 – Solenoid එකේ දෝෂ

    ඇත්තෙන්ම Solenoid එක යනු කුමක්ද? Autogear box එකේ Oil Flow එක පාලනය කිරීම සඳහා තමයි සොලෙනොයිඩ් ක්‍රියා කරන්නේ.. සමහර අවස්ථාවලදී, මෙම සොලෙනොයිඩ් අක්‍රිය විය හැකි අතර, ගියර් Slip වීම හෝ ගියර් නිසි ලෙස මාරු නොකිරීම වැනි ගැටළු ඇති කරනවා.
    මේකට තියෙන විසදුම විදියට කියන්න පුළුවන් දේ තමයි මුලින්ම හොද garage එකකින් Autogearbox එකේ inspection එකක් කර ගැනීම. ඊට අමතරව TCM Reprogramming එකක් කර ගන්නත් පුළුවන්. එත් ප්‍රශ්නය විසදුනේ නැත්නම් Auto gear Oil change එකකින් විසදා ගන්නත් පුළුවන්.

    අංක 05 – ECM එකේ දෝෂ

    Allion හා Premio කියන්නේ තාක්ෂනය අතින් ඉතාමත් හොදින් වදිදුයුනු උන වාහන කාණ්ඩයක්.
    එවැනි වාහනයකට ECM (Electronic Control Module) එක කියන්නේ ඉතාමත් වැදගත් unit එකක්. මෙහි ඇතිවන දෝෂ වාහනයේ ඕනෑම දෙයකට බලපෑමක් ඇති කරන්න පුළුවන්.
    ඔබට Gear මාරු කරන විට තද බවක් දැනෙනවානම්,
    Automatically Gear මාරු වන විට ගැස්සෙනවානම් ,
    Automatic Gear මාරු වීම අක්‍රමවත් නම්
    බොහෝ විට ECM එකේ දෝෂයක් වෙන්න පුළුවන්. ECM එකේ දෝෂයක් යනු කල් දමන්න හොද නැති දෙයක්. එම නිසා ඉතාමත් ඉක්මනින් ගරාජයක් වෙත වාහනය ගෙන යන්න.

    ඔබගේ වටිනා වහ්හනයේ වටිනා gear box එක ආරක්ෂා කර ගන්න හොදම උපදෙස් අපෙන් හැමදාමත්. අපි Automan Transmission. Contact us for more details.

    දිගටම අප සමග රැදී සිටින්න.

    https://automantransmission.com/allion-premio-වල-ඇති-වන-autogear-ගැටළු-මොනවාද/
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    podi kandaka lawata pickup karaddi passata gihin dok gala haiyen saddayak enne ai. premio /allion hama ekema wage mata meka note wela thiyenawa.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Oya dekama patta parana wahana, dan oya lankawe paddata wena ratawal wala (japan wahana padina aya) use karannema nathi tharam. Poddak man kiyana ekama ahnne nathuwa ona nam oka eka ratawal wala wanaha website wala balapanko.
    And also anik ratawal godak use karanne SUV nisa wennath puluwan owa use karanne natte wediya. kohoma unath lankawe maha amuthu market tiyenne vehicle walata.
     
    Last edited:
    • Sad
    Reactions: Asmodeus

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕවට මුලික හේතුව කම්මැලි කම .වාහනේ basic ටික වත් බලන්න දන්නැති හැත්ත වාහන වලට ඔහොම වෙනවා.දුවල දුවල ලෙඩක් එකකොට තමයි මතක්වෙන්නේ මේක වාහනයක් මේකේ oil එහෙම බලන්න ඕනේ කියල.ඊටපස්සේ කොහෙහරි ගිහින් අටෝගන්නවා ඊටපස්සේ හොටු ගැනි බදාගත්ත වගේ තමයි
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,678
    3,054
    113
    TFS X-trail hybrid ewage gearbox eke issue eka mokakda? aluth gearbox ekak nathiwa goda da ganna barida
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මෝඩ පඟය CVT ගියර් බොක්ස් ගැන කියන්න පටන්ගන්නවා. අංක 2 ඉඳන් ටෝක් කන්වට ගැනයි ක්ලච් ගැනයි කියනවා. එතැනින්ම නැවැත්තුව.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Toyota Auto Gear box have .. reliability eka 100%
    Ne. Mewa CVT. 150000km replace or repair.

    Oya dekama patta parana wahana, dan oya lankawe paddata wena ratawal wala (japan wahana padina aya) use karannema nathi tharam. Poddak man kiyana ekama ahnne nathuwa ona nam oka eka ratawal wala wanaha website wala balapanko.
    And also anik ratawal godak use karanne SUV nisa wennath puluwan owa use karanne natte wediya. kohoma unath lankawe maha amuthu market tiyenne vehicle walata.
    Japan wala nam oka sell une nethi tharam. Godakma kei car nethan suv, cuv walata giya.
    ------ Post added on Apr 24, 2024 at 1:58 PM
     
    • Like
    Reactions: SLHodahitha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    kande mada nawaththala apahu yaddi da? ae wage welawaka apahu tikak passata yana eka nam normal. saddayak enewa nam eka wena case ekak.

    ow ehema passata gihin aye pickup karaddi hirawela wage dak gala saddayak enawa

    S eke aulak na.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ow ehema passata gihin aye pickup karaddi hirawela wage dak gala saddayak enawa

    S eke aulak na.
    Cvt eka rollback wenawa. Loku pallamak nam D ekata dammath neutral kala wage passata yanawa. Apahu forward clutch eka eka parata engage weddi oya sadde enne. Ae welawata hand barake use karanna. S eke nsm race wenewa wedyi ne. Eke impact ea danne ne.
     
    • Like
    Reactions: luk3r