ඔබ ඔබේ ගෙවත්ත හඳුනාගත්තාද ?
ගෙවත්ත වූ කලී මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරනු ලබන සජීවී වගා පද්ධතියකි. විවිධ ජන සංස්කෘතීන් සිටින අප රටේ ගෙවත්තට ද ආවේණික වූ විවිධ ලක්ෂණ සහ සංයුතීන් ඇත. කෙසේ වුවද පොදුවේ මහජනයාට මහත් වූ ප්‍රතිඵල දෙන ගෙවත්ත තුළින් අපි විවිධාකාර ප්‍රයෝජන ලබමු. පුද්ගල අවශ්‍යතාවය සහ කැප කිරීම මත ගෙවත්තෙන් ගත හැකි ඵලප්රයෝජන විවිධ වේ.
1. එදිනෙදා අවශ්‍ය ආහාර සපයා ගැනීම.
මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාය ජීවත්වීම සඳහා ආහාර ගැනීමයි. මේ සඳහා ගෙවත්ත සුවිශේෂී දායකත්වයක් දේ. මිනිසා උපයන මුදලින් සැලකිය යුතු මුදලක් පවුලේ ආහාර අවශ්‍යතා සඳහා වැය කරයි. එම ජීවන බර තරමත් දුරට සැහැල්ලු කිරීමට ගෙවත්තට හැකියාව ඇත. පවුලක දෛනික ආහාර අවශ්‍යතාවයට අනුව එළවළු ආහාර වේල් තුනකට හෝ අවම වශයෙන් වේල් දෙකකටත් අවශ්‍ය වේ.
මෙම එළවළු සහ අල වර්ග අවශ්‍යතාවය මැනවින් ගෙවත්තෙන් ඉටුකර ගත හැක. පවුලේ පලතුරු අවශ්‍යතාවය ද ඉටුකර කරගත හැක. අඹ, පැපොල්, කෙසෙල්, පේර, අන්නාසි, අනෝදා, අලිපේර, පලතුරු ගෙවත්තේ සිටුවා ගැනීමෙන් යම් මට්ටමකට එය නිපදවා ගත හැකි නම් ගුණාත්මයෙන් යුතුව පිරිසිදුව නැවුම්ව ගත හැකිවා පමණක් නොව ආත්ම තෘප්තියක්ද ලැබේ.
විශේෂයෙන්ම පලතුරු සහ එළවළුවලට රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් පරිභෝජනයට නුදුසුදු තත්ත්වයක් නිර්මාණය වෙයි. පළිබෝධනාශයක් යොදා දින 14ක් යනතුරු අස්වැන්න නෙළීම නොකටයුතු යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන් වෙත උපදෙස් දුන්නද, මුදල් අරමුණු කරගත් සමාජයක පසු දින හොඳ මිලක් තිබුණහොත් වහාම තොගයම ගලවා විකුණා දමයි. මෙය ඉතා භයානකය. මහජනතාව මේ ගැන දැන හෝ නොදැන පරිභෝජනයට ගනී. මේ නිසා නොයෙක් ලෙඩ රෝග හටගනී.
පලතුරු ගැන ද කිව යුත්තේ එයමය. මෑත කාලයේ පලතුරු පරිභෝජනය ඉහළ ගියද, අලෙවි සල් ඉහළ ගියද, ගුණාත්මයෙන් යුත් පලතුරු ලබාගැනීමට කිසිසේත්ම අවස්ථාවක් නොමැති කරම්ය. ඉදවීම සඳහා එතරල් ප්‍රතිකාර කිරීම, කාබයිට් යෙදීම ඉතා බහුල වී ඇත.
පේර පලතුරු මැස්සාගෙන් ආරක්ෂා කිරීම සඳහාත් නරක් නොවූ පේර වෙළෙඳපොළට එවීම සඳහාත්, කාබෝපියුරාන් රසායනිකය පේරවලට ඉසින බව දැන ගන්නට තිබේ. පාසල් ළමුන් විශාල වශයෙන් පේර පරිභෝජනය කරන බව දැක තිබේ. නොයෙක් අතුරු ආබාධ, ලෙඩ රෝග ඇතිවීමට මෙවැනි හේතු බලපායි. ගෙවත්තේ නිෂ්පාදනයන් කොයිතරම් වටිනවාද යන්න මේ කෙටි කරුණු තුළින්ම අවබෝධ වේ.
එළවළු පලතුරු පරිභෝජනයේදී පාරිභෝගිකයා ගුණාත්මක භාවයට වඩා මිල පිළිබඳ සැලකිලිමත්වන නිසා තත්ත්වයේ බරපතළකම වඩාත් උග්‍ර වී තිබේ. එසේ වුවුද ගෙවත්තේ යමක් වගා කළ හැකි නම්, මෙම උවදුරු බොහෝදුරට මඟහරවාගත හැකිය. පවුලකට අවශ්‍ය සියලුදේම ගෙවත්තෙන් සැපයිය නොහැක. එසේ වුවත් යම් තරමකට හෝ අඅවශ්යතා පිරිමසා ගැනීමට එය උපකාරී වේ.
2. දේශීය ඖෂධ අවශ්‍යතා සපුරා ගැනීම.
සිංහල බෞද්ධ ජනයා අතර පොදුවේ මහජනතාව අතරත් ආයුර්වේදය ඉතා ජනප්‍රියය, ජීවිතයට සමීප වෛද්‍ය කර්මයකි. සාමාන්‍ය ගම්වැසියා සාමාන්‍ය ලෙඩ රෝග සඳහා රෝහලට හෝ බටහිර වෛද්‍යවරුන් සොයා නොගියේය. ඔවුන් සතු දැනුම වැඩිහිටි සැමගේ දැනුම අවවාද ආභාසය ආශ්රයෙන් වෙද හෙදකම කරගත්හ. එසේ නොවුණත් ගමේ දේශීය වෛද්‍යවරුන් දෙතුන් දෙනෙක් වූහ. ඔවුහු එම ප්‍රතිකාර ලබා දුන්හ. ඒ සඳහා සෑම ගෙවත්තකම ඖෂධ පැළෑටි ගණනාවක් තිබූ අතර වර්තමාන ගෙවත්තෙන් ඒවා බොහෝ දුරට ඉවත්ව ගොස් ඇත. මිනිසාට පමණක් නොව ගෙදර ඇති කරන ගවයන්, එළුවන්, කුකුළන්, බල්ලන්, බළලුන් වැනි සතුන්ටද ප්‍රතිකාර කිරීම සඳහා ගෙවත්තෙන් ඖෂධ ගත්තේය.
සෑම නිවසකම පාහේ ඉඟුරු, කහ, බුලත්, වදකහ, පොල්පලා, ඉරිවේරිය, රසකිඳ, හාතාවාරිය, නවහන්දි, විෂ්ණුක්‍රාන්ති, සස්සඳ, කෝමාරිකා, නික, පාවට්ටා, තිප්පිලි, ඉඟුරුපියලි, කටුවැල්බටු, අරූද වැනි ඖෂධ දක්නට ලැබිණ. එහෙත් අද සිටින සමහර ජනයා මේවා හරිහැටි හඳුනන්නේ නැත. තියෙන නිවසකින් හෝ ආයතනයකින් ගෙනවිත් ගෙවත්තේ ඖෂධ ශාඛ සාදාගැනීම බෝහෝ ප්‍රතිඵලදායකය.
3. අමතර ආදායමක් උපයා ගැනීම.
ගෙවත්තක නිපදවෙන දේවල්වලින් අමතර ආදායමක් උපයාගත හැක. ළඟම පිහිටි කඩයට හෝ පොළට හෝ කාර්යාලයකට විකුණා අමතර ආදායමක් උපයාගත හැක. එළවළු මෙන්ම පලතුරුද විශේෂයෙන් කෙසෙල් වැනි දේවල් වලින් හොඳ ආදායමක් ලබාගත හැක. ඈත අතීතයේ ගෙවතු මෙන් නොව පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්රමණවලින් පසුව ගෙවත්තට කොකෝ, කෝපි, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, කරාබු, එනසාල් වැනි බෝගද එකතු වූ අතර යහපත් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි විය.
එළවළු පලතුරු පමණක් නොව මල් හා විසිතුරු පැළ සකස් කර වැඩි කොටස විකිණීමට පුළුවන. සමහර ප්‍රදේශවල මල් වගාව ජනප්‍රිය අතර මල්වලට වැඩි ඉල්ලුමක් පවතී. එසේම ගවයන් හතර පස්දෙනෙකු ඇති කිරීමෙන් කිරිනිෂ්පාදනය කර අමතර ආදායමක් ගත හැකිවා පමණක් නොව ගොම පොහොරක් ලෙස ගත හැක.
අමතරව මී මැසි පෙට්ටියක් දෙකක් තබා ගැනීමෙන් මී පැණිවලින් ආදායමක්ද උපයාගත හැක. සමහර ගෙවතුවල නිෂ්පාදනවලින් බිජ පැකට් සකස් කර විකුණනවා දැක ඇත. වගාවෙන් වැඩිපුර ඇති බිජ මෙලෙස සකස් කර විකිණිය හැක. ඒවාට හොඳ ඉල්ලුමක් ඇත. පිරිසිදු ගුණාත්මයෙන් යුත් පැළවීමේ ප්‍රතිශතය ඉහළ මෙම බිජ පැකට් කර පහසුවෙන් අලෙවි කළ හැක. මීට අමතරව කෝඩියල්, සෝස්, ජෑම්, චට්නි නිපදවීම, අච්චාරු, ලුණුදෙහි සහ එළවළු වේලා සකස් කර විකිණීම කරන අයද සිටී. මේවා පහසුවෙන් අනුගමනය කරගත හැකි ක්රමයන්ය. ගෙවත්තක රම්පේ පඳුරක්, කරපිංචා ගහක් තිබුණත් වර්තමානයේ ආදායමක් ගත හැක. සමහර ප්‍රදේශවල සුරතල් මසුන් ඇති කිරීම කරයි. විශේෂයෙන්ම මහවැලි ප්‍රදේශවල අක්කර බාගයක ගෙවත්තක් තිබෙන හෙයින් පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය ආයතනවලින් සුරතල් මසුන් ඇති කිරීම ද ව්‍යාප්ත කෙරිණි. ඒවා මිලදී ගැනීම ද ඒ ඒ ආයතනවලින් කිරීම නිසා තවත් පහසු විය.
4. නිවසේ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම.
ඈත අතීතයේ ඉන්ධන ලෙස දැව යොදා ගන්නා ලදී. දැනට වුවද ගම්බද ප්‍රදේශවල හා නගරයේ බොහෝ දෙනෙක්ද දැව ඉන්ධනයක් ලෙස භාවිතා කරයි. එහෙත් පරිසර හිතකාමී සහ අනතුරු අඩු දැව භාවිතය කර්මයෙන් අඩුවී යන්නේ දර ගැනීමට ඇති හැකියාව අඩුවීම නිසයි. බොහෝ ගෙවතුවල විශාල දැවමය ශාඛ වැවිය නොහැක. එහෙත් ග්‍රාමීය ප්‍රදේශ වලට මෙම ගැටලුව නැත. දැවමය ශාඛ වැවිය හැක. එසේ නොමැති වුවත් පහසුවෙන් සොයාගත හැක. නාගරිකව දැව ගත යුත්තේ මුදලටය. ඒවාද දිනෙන් දින ඉහළ යයි. තවමත් බොහෝ නගර ආශ්රයෙන් දර මඩුද, කරත්තවල දර රැගෙන යන අය දැකිය හැක. පොල් වතු ආශ්රිත ගෙවතුවල පොල් වතු කැබලි, දඬු, පිති, කොළපු, මටළු, ලෙලි ආදිය ඉන්ධන ගැනීමට දර වශයෙන් භාවිත කළ හැක. බොහෝ ගොවියන් සහ ග්‍රාමීය වැසියන් ඉන්ධන අවශ්‍යතාවයෙන් සම්පූර්ණ වී සිටීම අතීතයේදී විශේෂත්වයකි. මධ්‍යම පළාතේ කරන ලද සමීක්ෂණයකට අනුව දළ වශයෙන් දර කිලොග්‍රැම් 117ක් එක් ගොවි පවුලකට මසකට අවශ්‍ය බව සොයාගෙන තිබේ. එසේනම් ගෙවත්තෙන් තම දර අවශ්‍යතාවය සපුරා ගැනීමට සුළුවෙන් හෝ ඉවහල් කර ගැනීම ප්රයෝජනවත්ය. ගව පාලනය වැනි සත්ව පාලනය කරන්නේ නම් පහසුවෙන් ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට ජීව වායු ඒකකයක් සාදාගත හැක. ජීව වායු ඒකකය මගින් බොහෝ ප්‍රයෝජන ගත හැක. ගෙවත්තේ ඇති අපද්‍රව්‍යන් හා සත්ව මල යොදා මෙය සකසා ගත හැක. ඉන්ධන බලය දීම හැර ඉතිරි ද්‍රව්‍යන් පොහොර ලෙස යොදාගත හැක.
5. අලංකාරය සලසා ගැනීම.
පැරණි ගෙවතුවල ක්රමාණුකූල බවක් නොමැති අතර, වර්තමාන ජනතාව දැනුම අතින් ඉහළ බැවින් ක්රමාණුකූල අලංකාරයකින් ගෙවත්ත නිර්මාණය කිරීමට හැකියාව තිබේ. රටාවකට අනුව ගොටුකොළ, මුකුණුවැන්න ආදියද බඳුන්වල සිටුවන ලද තක්කාලි. බටු, මිරිස්, මල්, මාළුමිරිස්, ආදිය තුළින්ද විවිධත්වයක් මෙන්ම අලංකාරයක් ගත හැක. භුමි අලංකරණයට ද ගෙවතු බෝග යොදාගත හැක. වැල් වර්ග, ගෙඩි හටගන්නා බෝග මේ සඳහා යොදාගත හැක. ඖෂධ පැළෑටිද මේ සඳහා යොදාගත හැක. නව හන්දි, රසකිඳ වැල්, ඉඟුරු, කහ වැනි දෑ ද අලංකරණය සඳහා මිශ්‍රව වගාකළ හැක.
6. පවුලේ එකමුතුකම රැකගැනීම සහ කායික ව්‍යායාම සහ මානසික සුවය ගත හැකිවීම.
ගෙවත්ත සංවර්ධනය කිරීම පවුලේ සියලු දෙනාම එකතු වී කළ යුතුය. සාමයෙන් සහයෝගයෙන් එකමුතුව ගෙවත්ත තනාගත හැක. විවේක ඇති විටෙක ඕනෑම වේලාවක කෙනෙකුට ගෙවත්තේ වැඩවල යෙදිය හැක. මෙය කායිකව ලැබෙන ව්‍යායාමකි. මානසිකව ලැබෙන සහනයකි. ඖෂධයකි. ගෙවත්ත පවුලේ සාමාජිකයන් අතර කොටස කොටස වෙන්කර දීමෙන් ඔවුන් තම වගකීම ඉටු කිරීමට පෙළෙඹේ. එසේම යමක් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ද පුළුවන. කම්කරුවෙකු යොදා ගන්නේ නම් දිනකට කෑම දී රුපියල් 400.00 සිට 1000.00 දක්වා මුදලක් ගෙවිය යුතුය. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය. පවුලේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් එවැනි ගෙවීම් ඉතිරි කර ගැනීමට පුළුවන. කම්කරුවන් යෙදීම අවශ්‍ය නොවේ. මෙය පවුලේ ප්‍රයෝජන සඳහා වගා කිරීමකි. ගෙවතු වගාවල යෙදෙන ළමුන්ද තව තවත් උනන්දු වීම සේම ඔවුන් උනන්දු කළ යුතුය. ළමුන් විසින් නිෂ්පාදනය කරන ද්‍රව්‍යයය අගේ කළ යුතුය. වටිනාකම පහදා දිය යුතුය. සාමූහික වගකීම්, සමගිය, සමාදානය, අධිෂ්ඨානය, දුක සැප බෙදා හදාගැනීම ජග්‍රහණය වැනි කරුණු ප්‍රායෝගිකව අත්හදා බැලීමට ගෙවත්ත ඉතා හොද තක්සලාවකි.
රාජකාරිය නිමවී හෝ පාසල නිමවී එන දෙමාපියන් දූ දරුවන්ට ගෙවත්ත මානසික සුවය දෙන තෝතැන්නකි. දිනකට පැයක් හෝ පැය භාගයක් වැනි කාලයක් මේ සඳහා මිඩංගු කිරීම ප්රමාණවත්ය. කාණු කැපීම, ශුද්ධ කිරීම, වළවල් කැපීම වැනි ශරීරය වෙහෙසන ක්‍රියා තුළින් කායික ව්‍යායාමයන්ද ගත හැක.
7. සෙවණ හා ආගමික කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය ගැනීම.
නිවසකට හා එහි වැසියන්ට යම් දුරකට සෙවණ අවශ්‍ය වේ. ඒ සඳහා ගෙවත්ත පිහිට වේ. ගෙවත්තේ ක්රමාණුකූලව බහු වාර්ගික ශාඛ වගා කිරීමෙන් ගත හැක. අඹ වැනි පලතුරු වගා කිරීමෙන් පලතුරු ද, දැව ශාඛ වගා කිරීමෙන් දරද ගැනීමට පුළුවන. සෙවණද ගත හැක. එසේම සමන් පිච්ච, අරලිය, දාස්පෙතියා, ඉද්ද වැනි මල් වර්ග වෙනත් මල් වර්ග ද වගාකර ආගමික කටයුතු සඳහා යොදාගත හැක. පොල් ගසේ ද්‍රව්‍ය නොයෙක් සැරසිලි වලට, පුවක් ගසේ මල් ආදිය ආගමික කටයුතු වෙනත් දේව පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා භාවිතා කිරීමටද යොදා ගැනේ. තවද කිතුල් වැනි ශාකවලින් රා මැදීම, පැණි හකුරු ගැනීම, කිතුල් පිටි ගැනීම වැනි දේ කළ හැක. ඉතාම ප්‍රයෝජනවත් ශාකයකි.
8. ආදර්ශයක් දීම.
ගෙවත්ත හොඳින් නඩත්තු කිරීම තුළින්, එය අනෙකුත් අයට, අසල්වැසියන්ට ආදර්ශයක් ගෙන දේ. මනා තත්ත්වයක් ඇති තිරසාර ගෙවතු නැරඹීමට සමහර පාසල් සිසුන් පැමිණේ. ඔවුන් එයින් ආදර්ශයක් ලබා ගනියි. පාසලක ගෙවත්ත තුළින් ළමුන් බොහෝ දෙනෙක් කෘෂිකර්ම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගනී. කාර්යාලයක ගෙවත්තක් ඇත්නම් කාර්යාලයේ සේවය කරන අය මෙන්ම, කාර්යාලයට පැමිණෙන පොදු මහජනතාව ආදර්ශයක් ගනී. අපට ගොවිකමෙන් කෘෂිකර්මයෙන් බැහැර විය නොහැක. ජීවිතය එය යම් දිනක අනිවාර්යෙන්ම යෙදිය යුතු දෙයකි. එබැවින් පාසල් අවධියේදීම ඒ ගැන අත්දැකීම් ගැනීම මහෝපකාරී වේ.
මේහැර ගෙවත්තේ තෘණ වර්ග, කුළුබඩු වර්ග, උත්තේජක වර්ග වන බුලත්, පුවක්, කෙඳි වර්ග, උණ පඳුරු, වේවැල් වැනි වර්ග, වසුන් සඳහා යොදන මානා වැනි වර්ගද වගා කළ හැක.
මෙවැනි විවිධවූ ප්‍රයෝජන රැසක් ඇති ගෙවත්ත වගා කිරීමෙන් අත්දැකීම් රැසක් ගත හැක. මොනවා හෝ දෙයක් ඔබගේ ගෙවත්තේ වගා කිරීමට උනන්දු වන්න. එය හැම විටම ප්‍රතිඵල දායකය. ඒ අනුව පවුලේ සමගිය, සමදානය, එකමුතු බව තහවුරු කර ගැනීමටත්, දැනුම හා අවබෝධය ගැනීමටත් ඊළඟ පරම්පරාවට පර්යේෂණය කිරීමටත් හැකියාව ලැබේ.

Last edited:

..rep +