ඔමික්‍රොන් කත ගැන දැනගත්තේ පැමිණ දින 9කට පසු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

    ඒ අනුව 24 වනදා මෙරටට පැමිණි ඇය 25 වැනිදා තම නිවසට පැමිණ ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ඇය ගැන දැනගත්තේ දින 9 කට පසු 3 වැනිදා වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

    රෝග ලක්ෂණ නොමැති බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීම සඳහා ඇය එවා ඇතත් ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වා නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

    ඉකුත් 25 වැනිදා නිවසට පැමිණ ඇති ඇය හමුවන්නට නොයෙක් පිරිස් ආ ගිය බව ප්‍රදේශවාසින් පවසන බවත්, පී සී ආර් සාම්පල ලබා ගන්නැයි වසංගත රෝග අංශය විසින් ඉකුත් තුන්වනදා දැනුම් දෙන තුරු එවැනි අයෙකු තම බල ප්‍රදේශයේ සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැන නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

    නයිජීරියාවේ ආගමික සමුළුවකට සහභාගි වෙමින් මාසයක් එහි සිට ඇති ඇයත් ඇගේ සැමියාත් කොවිඩ් රෝගය සඳහා වන කිසිදු එන්නතක් ලබා ගෙන නැති බවත් පි සී ආර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් යනවිට පවා ඔවුන් පැමිණ ඇත්තේ මුව ආවරණයක් වත් නැතිව බවත් උපුල් රෝහණ මහතා කියා සිටියේය.

    මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අන්තර් ආයතන සම්බන්ධතා තබාගැනීමේ වැදගත්කම සියලු දෙනා අවබෝධ කර නොගතහොත් ඔමික්‍රෝන් වයිරසය රට පුරා පැතිර යාම වැළැක්විය නොහැකි වනු ඇතැය ද හෙතෙම සඳහන් කළේය



    https://elakiri.com/threads/ඔමික්‍රෝන්-මෙරටට-ඇතුළුවීම-වැලැක්වීමට-රජය-සියලූ-ක්‍රියාමාර්ග-ගෙන-අවසන්-–-ක්‍රීඩා-ඇමති.2020383/


    ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ක්‍රීඩා අමාත්‍යනෙ කියන්නෙ..ඌට කොහොමත් මේ ඔක්කොම සෙල්ලමක් නෙ!!

    මොළේ කළඳක් නැති පිම්පියොන්ට තනතුරු දුන්නම ඔහොම වෙන එක සාමාන්‍යයි... 😂😂😂
     

    Similar threads