ඔමුආමුවා පිටසක්වළ යානයක් නොවෙයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔමුආමුවා පිටසක්වළ යානයක් නොවෙයි

    ඔමුආමුවා පිටසක්වළ යානයක් නොවෙයි

    image_dd336d3fdc.jpg

    2017 වසරේ ඔක්තෝබර් 19 වැනිදා, අසාමාන්‍ය දිගටි හැඩයකින් යුත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය අසලින් ගමන් කළේය. මේ වස්තුව ග්‍රහකයක් බව මූලික නිරීක්ෂණවලින් පෙනී ගියේය.
    අසාමාන්‍ය හැඩය පමණක් නොවෙයි, මෙම වස්තුව සුවිශේෂීවීමට තවත් හේතුවක් තිබුණි. ඒ, පිටසක්වළ ජීවීන් ඇතිදැයි විමසිල්ලෙන්, පිටසක්වළ යානා ගැන උනන්දුවෙන් විශ්වයට නෙත් හෙළා බලා සිටින තාරකා විද්‍යාඥයන්ට මෙම ග්‍රහකය අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූයේ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට වීමය.
    ග්‍රහකයක් යැයි නාසා ප්‍රමුඛ තාරකා විද්‍යාඥයන් තහවුරු කළත්, පිටසක්වළ ජීවීන් ගැනත් පිටසක්වළ යානා ගැනත් උනන්දුවක් දක්වන විද්‍යාඥයන් සහ විද්වතුන් පවසන්න වූයේ මේ අසාමාන්‍ය වස්තුව පිටසක්වළින් ආ පිටසක්වළ ජීවීන්ගේ ඔත්තු බැලීමේ යානයක් කියාය. ඒ අනුව, මේ වස්තුව ගැන පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
    මේ අසාමාන්‍ය වස්තුව මුලින්ම දකින්න ලැබුණේ ඇමෙරිකාවට අයත් හවායි දූපත් තාරකා විද්‍යාඥයන්ටය. ඒ අනුව ඔවුන් ග්‍රහකය නම් කළේ ‘ඔමුආමුවා’ (oumuamua) යන නමිනි. ඒ, හවායි බසිනි. හවායි බසින් ‘ඔමුආමුවා’ යන්නෙහි අර්ථය ‘දුර ඈතින් ආ පළමු පණිවුඩකරුවා’ යන්නය. බැලූ බැල්මට යෝධ සුරුට්ටුවක් සිහිගන්වන මෙම ග්‍රහකය වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් පැමිණියේ යැයි විද්‍යාඥයන් තහවුරු කළේ එය ආ ගමන් මඟත්, එය අප සෞරග්‍රහ මණ්ඩලය පසු කර ගිය ගමන් මඟත් ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් පසුවය. ‘ඔමුආමුවා’ අප සෞරග්‍රහ මණ්ඩලය පසුකර යද්දී පවා විද්‍යාඥයන් ඒ ගැන විමසිලිමත් වූවා පමණක් නොව, දිගටම දත්ත රැස් කරන්න විය. අසාමාන්‍ය හැඩයකින් යුක්ත වුවත් එම හැඩය ස්වභාවික බවත්, ‘ඔමුආමුවා’ පිටසක්වළ යානයක් නොවන බවත් ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි විද්‍යා විශ්ව විද්‍යාලයේ මහාචර්ය මැතිව් නයිට් පැහැදිලි කරයි.
    ‘ඔමුආමුවා සම්බන්ධයෙන් රහස් රැසක් තිබෙනවා. ඒ සියල්ල තවමත් අපට අබිරහසක්. කෙසේ නමුත් ඔමුආමුවා පිටසක්වළ යානයක් නොවන බව අප තහවුරු කරගෙන තිබෙනවා. ඒ ගැන සැකයක් සිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ’ යැයි මහාචර්ය මැතිව් නයිට් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ. පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන විද්වතුන් කියා සිටියේ මෙම අසාමාන්‍ය හැඩැති වස්තුව ග්‍රහකයක් ලෙස වෙස්වළා ගනිමින් අප පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට ආ පිටසක්වළ යානයක් විය හැකි බවය. පෘථිවි අප විශ්වය ගවේෂණය කරන අයුරින්, ඈත මන්දාකිණියක බුද්ධිමත් ජීවීන් පිරිසක් අපේ රහස් සොයන්න ආ අවස්ථාවක් ලෙස බොහෝ දෙනා ඔමුආමුවා ගැන අදහස් දක්වමින් 2017 දී පැහැදිලි කර තිබුණි.
    ‘ඔමුආමුවා’ ග්‍රහකය මීටර් 400 ක් දිගින් යුක්තය. මෙතරම් දැවැන්ත ග්‍රහකයක් මීට පෙර දකින්න ලැබී නැත. ග්‍රහකයේ අසාමාන්‍ය දිගැටි හැඩය සැබැවින්ම විද්‍යාඥයන් මවිතයට පත් කළේය. ‘ඔමුආමුවා’ අප සෞරග්‍රහ මණ්ඩලයේ දකින්න ලැබෙන ග්‍රහකවලින් වෙනස්ය. වෙනත් ග්‍රහමණ්ඩල නිර්මාණය වුණේ කෙසේදැයි යන්න දැන ගැනීමට ‘ඔමුආමුවා’ වැනි ග්‍රහක උපකාරී වන බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. විද්‍යාඥයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ‘ඔමුආමුවා’ අප සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි ග්‍රහ වස්තුවක් කියාය. ‘ඔමුආමුවා’ ග්‍රහකය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන් සතු සියලු පහසුකම් යෙදවිණි. 2017 දී ‘ඔමුආමුවා’ ග්‍රහකය දැක ගැනීමට මුලින්ම සමත් වූයේ හවායි දූපත්හි පිහිටුවා ඇති ‘පැන් ස්ටාර්ස්’ දුරේක්ෂයටය. ග්‍රහකය නිරීක්ෂණය කරමින් ඒ ගැන පළමුවෙන් වාර්තා සටහන් කළේ තාරකා විද්‍යාඥ කැරන් මීච් ඇතුළු විද්‍යාඥ කණ්ඩායම යැයි පැවැසිණි. ඉන්පසු ‘ඔමුආමුවා’ වඩාත් හොඳින් අධ්‍යනය කිරීමට කැනේරී දූපත්වල පිහිටුවා ඇති ‘නෝර්ඩික් ඔප්ටිකල්’ දුරේක්ෂයත්, ඇරිසෝනියාවේ ටුස්කන්හි පිහිටුවා ඇති ‘කිට් පීක්’ දුරේක්ෂයත් හවුල් කර ගත්තේ යැයි ද වාර්තා විය.
    ‘ඔමුආමුවා’ ග්‍රහකය ගැන සවිස්තරාත්මක ලිපි පෙළක් ‘නේචර්’ විද්‍යා සඟරාවේ පළවිය. ඒ අනුව බොහෝ දෙනකු මේ අසාමාන්‍ය හැඩැති වස්තුව ගැන උනන්දු විය. ග්‍රහකය අප සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථයේ එසේත් නැතිනම් කිරි සයුරේ එහෙ මෙහෙ අවුරුදු මිලියන සිය ගණනක් ගමන් කරමින් සිටින්න ඇති බවත් එය 2017 දී අපේ සෞරග්‍රහ මණ්ඩලය පසු කළ බවත් මහාචර්ය මැතිව් නයිට් පැහැදිලි කර තිබේ. ‘දශක ගණනාවක් තිස්සේ අප අදහස් පළ කර තිබුණා තාරකාන්තර එසේත් නැතිනම් තරු අතර මෙවැනි ඇති වස්තූන් ඇති බව. ඒ ගැන දැන් අපට පැහැදිලි සාක්ෂියක් ලැබී තිබෙනවා. අප දැනුවත්ව අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආ තාරකාන්තර වස්තුව මෙයයි. ඒ නිසා මේක සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක්. අපේ සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිරව ඇති ග්‍රහමණ්ඩලයක් ගැන අධ්‍යනය කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්’ යැයි නාසා ආයතනයේ විද්‍යා මෙහෙයුම් අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී තෝමස් සුර්බූකන් ‘ඔමුආමුවා’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටී.
    ‘ද සන්’ ඇසුරිනි
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    ඔමුආමුවා? මෙකෙ ඉන්නේ English බැරි උං නෙමෙයි හු..! ඕක English letter වලින් දාපන් මළ විකාර කරන්නේ නැතුව. Google කරන්න වත් පුළුවන් ද Hutto ඕක
    ගොං bijja ඔමුආමුවා puke ගහල puka පොලේ ගහපං
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    oumuamua


    thanks for comments
    ඔමුආමුවා? මෙකෙ ඉන්නේ English බැරි උං නෙමෙයි හු..! ඕක English letter වලින් දාපන් මළ විකාර කරන්නේ නැතුව. Google කරන්න වත් පුළුවන් ද Hutto ඕක
    ගොං bijja ඔමුආමුවා puke ගහල puka පොලේ ගහපං
     
    Last edited:

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඔමුආමුවා? මෙකෙ ඉන්නේ English බැරි උං නෙමෙයි හු..! ඕක English letter වලින් දාපන් මළ විකාර කරන්නේ නැතුව. Google කරන්න වත් පුළුවන් ද Hutto ඕක
    ගොං bijja ඔමුආමුවා puke ගහල puka පොලේ ගහපං

    හුත්තෝ ඒක😜💪