ඔයාගෙ වටිනාකම ❓🤔💲

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඔයාගෙ වටිනාකම ❓🤔💲

    රීපෝස්ට් නම් සමාවෙන්න🙏



    දවසක් පුංචි දරුවෙක් එයාගේ සීයගෙන් මෙහෙම ඇහුවලු

    ”සීයේ මගේ ජීවිතේ වටිනාකම කීයද ❓"

    සීය දරුවාට ගලක් දීලා කිව්වා ලු "මේ ගලේ වටිනාකම හොයාගෙන එන්න හැබැයි කාටවත් විකුණන්න එපා" කියලා

    මේ පොඩි ළමයා මේ ගල අරන් මුලින්ම ගියාලු එලවලු වෙළෙන්දෙක් ළඟ ට
    ගිහින් ඇහුවලු මේ ගලේ වටිනාකම,
    වෙළෙඳ කිව්වලු "මම මේ ගලට එළවළු මල්ලක්ම දෙන්නම්" කියලා

    මේ ළමය ඊ ලගට ගියාලු ආභරණ වෙලෙන්දෙක් ළඟට
    ඒ වෙළෙන්දා මේ ගලට රත්තරං මාල දෙකක් දෙන්නම් දෙන්නම් කිව්වලු

    ඊට පස්සේ මේ ලමය ගියාලු මැණික් වෙළෙන්දෙක් ළඟ ට ..මේ වෙළෙන්දා මේ ළමයගෙන් ඇහුවලු
    "පුතේ මේ ගල ඔයාට කොහෙන්ද" කියලා ..මේ ලමය වෙළෙන්දට කිව්වලු,
    "ඕක මගේ සීයා දුන්න ඕකේ වටිනාකම හොයන්න එන්න කියලා හැබැයි කාටවත් විකුණන්න එපා කියලා "

    මේ වෙළෙඳ කිව්වලු
    "මේ ගල මිලදී ගන්න මගේ හැම සතයක්ම එකතු කරත් මදි කියලා"

    මේ දරුව මැණික් වෙළඳ ටත් ස්තුති කරලා සීයා ලඟට ගිහින් ඇහුවලු
    " ඉතින් සිය කියන්න මගේ ජීවිතයේ වටිනාකම කීයද කියලා❓ "
    සීයා කිව්වලු"
    ඒකට උත්තරය තමයි පුතේ ඔයා මේ හොයාගෙන ආවේ.


    එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුම හැටියට ඒ ඒ කෙනාගේ අවංක කම හැටියට ඔයාගේ ජීවිතේ වටිනා කම තීරණය කරයි..
    සමහරු කියයි කිසිම වටිනාකමක් නෑ කියලා..
    සමහරු ඔයා ගැන හරියට නොදැන පොඩි වටිනා කමක් දෙයි ..

    ඒත් කවදා හරි හරිම කෙනා කෙනා ආවම ඔයාගේ ජීවිතේ නියම වටිනාකම කියා දෙයි .
    ඔයා කොච්චර වටින කෙනෙක් ද කියලා ඔයාට පෙන්වල දෙයි
    ඒ නිසා ඔයා ඔයාව විශ්වාස කරන්න
    ඔයාගේ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා
    කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා
    තමන්ට ගරු කරන්න......





    අදහස Gayan JB


    මං ගත්තේ මෙතනින් : https://m.facebook.com/story.php?story_fbid=1538623896183133&id=251789241533278&_rdr
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    ඕවා අද කාලේ ලංකාවෙ ඉන්න කෙල්ලොන්ට තමා වටින්නේ..:D
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    දැන් කාලෙ ඔහොම අරන් ගියොත් කොල්ලට ගලත් කපාගෙන තමයි එන්න වෙන්නෙ
     

    blue_in_rio

    Well-known member
  • දැන් කාලෙ ඔහොම අරන් ගියොත් කොල්ලට ගලත් කපාගෙන තමයි එන්න වෙන්නෙ


    අද කාලේ හැටියට උබ කියන එක හරි. ඒත් බන් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශේ විතරක් ගනින්. කොතනත්, මොන දේක උනත්, ගත යුත්තක් සහ බැහැර කළ යුත්තක් තියෙනවා. ගත යුත්ත විතරක් තෝරලා බේරලා ගන්න අපි දක්ශ වෙන්න ඕනි මචන්. :yes::yes: