ඔයා ජයග්‍රාහකයෙක්

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    FB_IMG_1605781634401.jpg

    විද්‍යාඥයින් කියන විදිහට .......

    වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

    ඉතින්,

    තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

    නමුත් ....😞

    ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300-500 ක් විතරමයි

    ඉතිරි ශුක්‍රාණු .....😢

    වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300-500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

    ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

    1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .

    2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .

    3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

    4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

    ඔයා ජයග්‍රණය කරන අතරතුර .....

    🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

    🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

    🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

    🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

    🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

    එත් ඔයා අද ......

    යමක් සිදු වූ විට ඔබ කලබල වේනවා
    ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
    ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
    ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
    දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

    ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගතතා .

    මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
    ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
    ඇයි ඔයා කලකිරෙන්නේ?
    ඔයාට සමහර දේවල් අහිමි වන්නවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

    ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

    ......................................................................

    The idealist පිටුවේ පළවූ ලිපියක් ඇසුරෙන් සැකසු සිංහල පරිවර්තනයකි .

    - හසිකා විජේතුංග -