ඔයා මට ආදරෙයි නේද?

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
ඔයා මට ආදරෙයි නේද?

සීතලයි ඔය අත්ල,
පුදුම සිනිඳුයි,
මොහොතකට වුණත්,
හිත නතරවුණා...


ඇස් දෙක මාව මඟහැරියත්,
හිත ගැස්සුනා කියලා,
මට දැනුනා...
ඇඟිලි තුඩුවලින් මගේ අත,
මිරිකගත්තේ ඒ නිසා නේද?





නමවත් දන්නේ නෑ,
හමුවුණෙත් මොහොතකට,
ඒ වුණත්,
දැනගෙන හිටියා වගේ,
ආත්ම ගානක්....


මමත් ඔයාගේ,
අත්පොඩිය තවත් මිරිකගත්තේ,
සිනිඳු ඔය අත්ලේ සීතල,
හිතට දැනුනු නිසා,
ආත්මයට කා වැදුණු නිසා....


ඒ අත්ල,
සිපගන්න තිබුණානම්,
තුරුළුකරගත්තානම්,
සුවපත් වෙන්න තිබුණා,
මගේ හිත,
තවත් ආත්ම ගානකට....





අහිංසකකම පිරිච්ච,
ඔය ඇස්,
මං දිහා බැලුවා මතකද?
දෙතුන් වතාවයි....


ඒත් ඇස් මට කීව කතාව,
හරිම දිගයි,
මගෙ හිත ඔයාට දැනුණා,
"ඔයා මට ආදරෙයි නේද?"
එහෙම නේද ඇහුවේ?
මට දැනුණා....





ඒත්,
මොහොතකින්,
මාව දාලා යන්න ගියා....
නමවත් කිව්වේ නෑ!
මගේ නම ඇහුවෙත් නෑ!


ඒත් මට හිතුණා,
ආපහු හම්බවේවී,
කවදා කොතනකදී හෝ,
ඒ නිසා,
සමුදුන්නා මොහොතකට.....


මුණ ගැහුණාම ආපහු,
මතක් කරන්නම් හමුවීම,
ඔයාට අමතකවෙලා තිබුණොත්,
ඒ පුංචි කාලෙට....




ඔයාලටත් මේ වගේ දැනිලා තියනවද ? :love::love::love:
 
  • Like
Reactions: djmahendra