ඔය ගොල්ලො වලත්තද ?(රීපොස්ට් නම් සොරි හොදේ......)
මේක එල නිසා දාන්න හිතුනා. .
මෙම ලිපිය "දුමීගේ කට කහන කතා" බ්ලොග් අඩවියෙන් ලබාගත් අතර මෙහි සම්පූර්ණ අයිතිය දුමි සතුයි.
http://dhumee.blogspot.com/2010/07/blog-post_05.html
මේ වෙඩින්ග් එකත් තිබුනෙ මාතරට ටිකක් එහා පලාතක හරිම පිටිසර ඒ වගේම හරිම ලස්සන ගම්මානයක් ඒක. කසාද බැන්දෙ අපේ බැන්ඩ් එකේ හිටපු එකෙක්ගේ යාලුවෙක්.
පොර අවුරුදු ගානක් ඉතාලියෙ ඉඳල ඇවිල්ල ඕං හා හාපුර කියල කසාද බඳිනවා. ඒ ගොල්ලො ඔය ගමේ යමක් කමක් තියෙන, වතු පිටි, හරක බාන තියෙන ගොවි කමෙන් ජීවත් වෙච්ච පවුලක්. ඔය ගම්මානවල මගුල් තුලා කටයුතු තියෙන කොට උත්සවය එක වරුවෙන් ඉවර වෙන්නෙ නැහැ. මොකද මුළු ගමටම කියල තමයි ඒ ගොල්ලො මගුල් කන්නෙ. ඉතින් උදෙන්ම කිරි බත් මේසයක් ඇරල පටන් ගන්න මගුල් ගෙදර දවස් දෙක තුනක් යනකන්ම ලොකු ලොකු හැලි වල මාළු බත් පිණි ඉවෙනවා හරිම රසට. කෑම ගැනනං කියල වැඩක් නෑ. ඒවගෙ කටට රහට මගුල් ගෙදරකදි කෑවමයි. ගමේ කුඹුරුවල අළුත් හාලේ රතු බතුයි, ගමේ හැදිච්ච එළවළු මාළු පිණි, හප්පා, ඒක මතක් වෙනකොටත් කටට කෙලත් එනවා. ඔය අපේ කොලඹ මගුල් ගෙවල් වගේ බුෆේ කියන නාමයක් අහලාවත් නෑ ඒ ගම්වල මිනිස්සු. මගුල් කෑම දෙන්නෙ වෙනම හදපු මඩුවක. මේසෙ මේ කොනේ ඉඳන් එහා කොන පේන්නෙ නැති තරමට දිගයි. එක පාරකට සීයකට විතර ඉඳගෙන කෑම කන්න පුලුවන්.
තව ඉතින් අනිත් පැත්තෙන් සීල් අරක්කු වගේම ගමේ ගහෙන් බාපු තෙලිජ්ජෙනුත් කට්ටියට හොඳට සංග්රහ කලා වගේ තමයි මට මතක.
පෝරුවෙ චාරිත්ර තියෙන දවසෙත් උදේ, දවල්, රෑ තුන් වේලටම ගමේ මිනිස්සු එනව කට්ටි වශයෙන්. මේක ඉතින් අපිටත් හරිම අපූරු අත්දැකීමක්. වෙහස කාරි උනත් අපිත් හරි ආසාවෙන් ප්ලේ කරපු වෙඩින්ග් එකක් ඒක. පෝරුවේ චාරිත්ර වලින් පස්සෙ තමයි අපේ පලවෙනි සෙෂන් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ දවල් කැමෙන් බීමෙන් පස්සෙ කට්ටිය සෙට් වෙනව පොඩ්ඩක් එහාට මෙහාට කැරකිල නටන්න කරන්න කාරිය එහෙම. සාමාන්යයෙන් වෙඩින්ග් එකකදි පැය 4 ක් වගෙ තමයි අපිට ප්ලේ කරන්න වෙන්නෙ. ඒත් මේකෙදි අපිට මුළු දවසම ප්ලේ කරන්න උනා. දවල් කෑමෙන් පස්සෙ චරිත්ර වාරිත්ර ඔක්කොම ඉටු කරල මනාල යුවල පිටත්ව ගියාට පස්සෙත් මගුල් ගෙදර ඉවරයක් නැහැ. තව තව ගමේ කට්ටිය එනව කාල බීල යන්න. ඉතින් අපිටත් සෙෂන්ස් දෙක තුනක්ම ප්ලේ කරන්න උනා. උදේ පටන් ගත්ත වැඩේ නැවතුනෙත් බොහෝම රෑ වෙලා තමයි.
මේ සිද්ධිය වෙනකොට ඔන්න ඉතින් අපේ කට්ටිය දවල් සෙෂන් එක ඉවර කරල කෑමට කලින් පොඩි එකකට සෙට් වෙලා තමයි ඒ වෙනකොට හිටියෙ. ඒ කියන්නෙ පොඩ්ඩක් සප්පායම් වෙමින්. හැමෝම වගේ දන්නවනෙ, මීවිතයි ගී පොතයි අතර තියෙන්නෙ හරිම හෘදයාංගම සම්භන්ධතාවයක්නෙ.අපරාදෙ කියන්න බැහැ මගුල් ගෙදර ඈයොත් අපිට මහ ඉහලින් සැලකුවා. කොලඹ ඉඳන් ආපු සංගීත කණ්ඩයමක් කියල ඉතින් අපිට ගමේ ඈයන්ගෙනුත් රජ සැලකිළි.
කොහොමත් ඔය තැන් තැන්වල ප්ලේ කරනකොට අපේ කණ්ඩායමේ අයට ගෑණු ළමයි බැල්ම හෙලන එක නවත්තගන්නත් බෑනේ. ගොඩක්ම ඉතින් ඔය වගෙ දේවල් සෙට් වෙන්නෙ ගොඩක්ම සිංදු කියන අයට තමයි. ඒවා ඉතින් ගොඩක් වෙලාවට වෙඩ්ඩින්ග් එක වෙලාවෙ වදින මල් හී සර පාරවල් දෙක තුනකට සීමා වෙනවා. එහෙමත් එකක් දෙකක් තමයි දිග දුර යන්නෙ. ඒත් වැඩිම මාසයක් දෙකක් වගේ තමයි. ඔන්න මම නම් බැන්ඩ් එකේ සිංදු කියුවෙ නැහැ. මම කී බෝඩ් ප්ලේ කලා විතරයි. ඉතින් ඔය තැන්වලදි ඇහැට කණට පේන ගෑණු ළමයෙක් දෙන්නෙක් දැක්කම අපේ එවුනුත් ඉතින් අරින්නෙ නෑ. පොඩ්ඩක් නග්ගල තියල ගන්නවා. ඔන්න එදත් මේ මගුල් ගෙදර ගැවසුනා ඇහැට කනට පේන ගමේ ගොඩේ නගාල කිහිප දෙනෙක්ම. අපේ එවුනුත් පුරුද්දට වගේ එහෙන් මෙගෙන් වදින මල් හී සර පහරවල් ග්රහණය කරමින් තමයි හිටියෙ.
මම කිව්වනේ ඒ වෙනකොට අපි මිදුලේ කොනක හීනියට සෙට් වෙලා හිටියෙ කියලා. ඔන්න එක පාරටම අර මම කියුව ගෑණු ළමයි දෙතුන් දෙනෙක් අපි ඉන්න දිහාවට හෙමිහිට ඇවිදගෙන ආවා. අපි ඉන්න තැනට ආපු ඒ කට්ටියෙන් එක්කෙනෙක්,
"අයියේ . . . ඔය ගොල්ලො වලත්තද ?" කියල අහපි.
අප්පට සිරි, මේ මොකක්ද බොලේ මේ කඩං පාත් උන ගිණි ගෙඩිය කියල අපි දැන් එක එකාගෙ මූන බලනව. හැමෝගෙම උගුර හිර වෙලා වගේ . වචන පිට වෙන්නෙත් නැහැ. ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු ඒ ගොල්ලො අපි මුකුත් කියන්නෙ නැති හින්ද ආපහු හැරිල යන්න ගියා.
ඔන්න ඉතින් අපි දැන් තාම තක්කු මුක්කු වෙලා වගේ. මෙච්චර වෙලා හීනියට දැනිච්ච වැදිච්ච කරන්ට් එකත් කොහේ ගියාද දන්නෙ නැහැ. ඔන්න ඉතින් අපි අපේ ලොකුම ‘මල් කුමාරයට’ දෝස් මුරේ දානව දැන්. උඹ හින්ද තමයි බං අපිටත් මේ වගේ කතා අහන්න වෙන්නෙ කියල අපි දැන් ඌට අම්බානෙකට බනිනවා.
"මචං මගේ මූනෙන් වලත්තයි කියල පේනවද ?" ඌත් අහනව . . .
"යකෝ උඹ විතරක් නෙවෙයි, උඹ හින්ද අපි ඔක්කොම වලත්තයි කියල තමයි උන් හිතාගෙන ඉන්නෙ . . " කියල අපේ තව එකෙක් ඌට බනිනවා.
"ටිකක් වලත්තයි තමයි. ඒත් ඕක එක එකාගෙන් ප්රසිද්ධියේ අහගන්න ඕනෙද ?" ඌත් අහනව.
ඔන්න තව ටික වෙලාවකට පස්සෙ උන් සෙට් එක ආපහු අපි ඉන්න දිහාවට එනවා තව කොල්ලෙකුත් එක්ක. අපේ දැන් ඇඟට හීන් දාඩියත් දාල. අපි දැන් හිතුවෙ අපි ගැන කියල කොල්ලෙක්ව එක්කං එනවා තමයි කියල ගේමට.
ආපහු අපි කිට්ටුවට ආපු ඒ ගොල්ලන්ගෙන් වෙන කෙල්ලෙක්,
"අයියල වලත්තෙයි ?" කියල ඔය දකුණෙ භාෂාවෙන්ම ඇහුවා .....
"ඇ . . ඇ. . ඇයි නංගි එහෙම අහන්නෙ ?" අපේ බෑන්ඩ් එකේ උන්නු වැඩිමල්ම එකා ඇහුවා.ඌටත් වචන ටැපලෙනවා
“ඔහෙලා වලත්තෙ මේ අයියලාගේ ගෙදර වෙඩින්ග් එකක් ගැහුවා කියල මේ අයිය කියනවා.”
හුටා . . . බලාගෙන යනකොට 'වලත්ත' කියන්නෙ ඒ පැත්තෙ තියෙන පොඩි ගමක නමක්.
අපේ දාඩිය හිඳිල ගිහිල්ල හිනා වෙලා මැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . . .
කෙල්ලො සෙට් එකත් මුන්ට මොකක්ද මේ උනේ කියල ටික වෙලාවක් බලාගෙන ඉඳල ආපහු හැරිල යන්න ගියා.