කොටුවක් ඔය මූණු වැහුන
ඉන් එහාට ඇතැයි කියන
ලොව දකින්නෙ කවදද මම..
අත්තම්මා කියලා දෙන
ලස්සන ඇළ දොල ගහකොළ
ඔහෙලට අගයක් නැතුවද..
මල් වල ඇති පාටක් ගැන
අම්මාගෙන් අසා තිබුන
කවියක් මා හට ඇහුනා..
ලොකු සාදුගෙ බණ පදයක්
ලෝකය ඇත්තේ බඹයක්
විතරැති මේ කය ඇතුලෙලු..
නිතර පත්තු වන එළි ඇති
ඔය පෙට්ටිය තුළත් අැතිනෙ
අර බඹයක් වැනි ලෝකය..
ලොකු සාදූ කියලා දෙන
නිවී යන්න හේතු සදන
ප්‍රඥාවේ එළියම ගැන..