ඔරයන් තරු රටාව (Orion Constellation)

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ඔරයන් තරු රටාව (Orion Constellation)



  • තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක.
  • උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැක
  • මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් සමන්විතවේ
  • මිට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී
  • මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එහි අරය අප සුර්යාගේ මෙන් දහස් ගුණයක් පමණ විශාලවේ
  • Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යාමෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි
  • ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තරු 3න මෙහි විශේෂත්වයක් උසුලයි
ග්‍රීක පුරාවෘත්තය



ග්‍රීක පුරාවෘත්ත වලට අනුව ඔරායන් යනු ඉතා ජවසම්පන්න දඩයක්කරුවෙකි.ඔහුගේ මරණයෙන් පසු සියුස් දෙවියන් විසින් ඉහල අහසේ තරු අතර රැඳ වූ බව පැවසේ. රාත්‍රී අහසේ ඔරායන් ,ඊට ආසන්න තරු රටාව වූ ගවයා (Taurus) සමග සටනේ යෙදෙන බව පුරාණ ග්‍රීකයන්ගේ මතය විය.

ඔරායන් පිලිබඳ විවිධ පුරාවෘත්ත රාශියක් පවතී.ඉන් එකකින් පැවසෙන පරිදි ඔහු, සාගරයට අදිපති ග්‍රීක දෙවියන් වූ පොසේයිඩන් (Poseidon) ගේ පුත්‍රයෙකි. තම පිය උරුමයෙන් දියමත ඇවිදයාමේ හැකියාවක් ඔහු සතු විය. දිනක් අධික ලෙස මත්පැන් පානය කල ඔහු දියමත ඇවිද ගොස් Chios නම් දුපතට පැමිණ එහි ප්‍රධානියාගේ දියණියට බලපෑම් කරන ලදී. එහිදී ප්‍රධානියා විසින් කල පහරදීමකදී ඔරායන් අන්ධභාවයට පත්විය. පසුව ග්‍රීක හිරු දෙවියන්වූ හිලියස් විසින් නැවත පෙනීම ලබා දෙන ලදී.

තම දඩයම් කිරීමේ හැකියාව පිලිබඳ මහත් ආඩම්බරයට පත් ව හිස උදුම්මවා ගත් ඔරායන්, තමා විසින් මිහිපිට සිටින සියලුම දෙන විනාශ කරන බවට සපත කරන ලදී. මින් කෝපයට පත් පොළොවට අදිපති දෙවගන වූ Gaia විසින් දැවැන්ත ගොනුස්සෙකු (scorpion) ඔරායන් විනාශ කිරීමට එවන ලදී.එහිදී ඇතිවූ බිහිසුණු සටනින් දෙදෙනාම ජිවිතක්ෂයට පත් වූ අතර, දෙදෙනාම ඉහල අහසේ තරු අතර රඳවන ලදී


රාත්‍රී අහසේ පෙනෙන අයුරු




ඔරායන් තරු රටාවේ ප්‍රධාන තරු ලෙස Betelgeuse, Meissa, Bellatrix, Alnitak, Alnilam,Mintaka,Saiph,Rigel,M42 ආදී තරු හඳුන්වා දිය හැක.

උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2016/02/orion-constellation.html
 

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Alnitak, Alnilam,Mintaka, m42 තරුවලින් සැදිලා තියන ඊතලයක සලකුෙනන් උතුර ෙසායන ක්‍රමයක් තිෙයනවාද?