ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු...

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු...

    එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා

    කොහෙද උඹ යන්නේ. අදත් අරකි හම්බවෙන්නද ?!? (මවු තුමිය ගෝරනාඩුවක ) ගුනේ අයිය ගේ හිසට මල් වෙඩිල්ලක් පත්තු උනා වගේ ඔලුව කැරකැවෙන්න විය. මලා...... අම්මා ෂානි ගැන දැනගෙනවත්ද?!!!!
    නෑ.... ගුනේ අය්යා පුටුවේ වාදිවී පත්තරයක් අතට ගත්තේ ඒක කියවන්න නම් නෙමේ ආත්මාරක්ෂව සදහා මූන වසා ගැනීමටය.
    මව: මට උබේ හොරේ අහු උනා...
    ගුනේ: මොකද මේ
    මව: උබ කවුරු හරි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවා.
    ගුනේ: අම්මට පිස්සු
    මව: මට පිස්සු නෑ උබට තමයි. තවම ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්.
    ගුනේ: ලියුමක් අහු උනාද.
    මව: නෑ
    ගුනේ: එහෙනම් කාගේ හරි බේගලයකට අහු උනාද?
    මව: මම උබ වගේ ඔය එක එක තේ උඩිච්චියන්ට අහු වෙන්නේ නෑ. මෙන්න මේක ඇය කුඩා පෙට්ටියක බහා තිබූ යමක් එලියට ගෙන ඉතා සුරක්ෂිත ලෙස මා හට පෙන්නුවේ පරලවූ කපුවකු ලෙසිනි.
    ගුනේ: ආ..... කේෂ දාතූන් වහන්සේ නමක්.
    මව: ඔව් ........කේෂ දාතූන් වහන්සේ නමක් උබේ හොර වාහෙගේ. මම උබේ කමිසේ හෝදන කොට මේ දිග කෙස් ගහ කොලරයේ ඉදන් පල්ලෑහැට එල්ලිලා තිබුනා. තෝ මට බොරු කරනවා. මම හොයාගන්නම්...හොයාගන්නම්...!! හොයගෙන ඕකිව පෙති ගහලා, කීතු කීතු වලට ඉරලා, ඔකිගේ රීරී මාoශ බෙලෙන්ඩරේ දාලා කොටලා, ඇට ටික තම්බලා සුප් හදලා දන්සලක් දෙනවා (මව්තුමිය කිව්වොත් කිව්වා දැන් ඉතින් දන් සැලක් දෙන්න ලෑස්ති වෙන්න වෙයි. )
    මවු තුමියද නිකන් සිටියේ නැත. ලoකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිලිබද චිර ප්‍රසිද්ධියක් දරන කපු මහතකු ගෙන්වා මහා මැතිරිල්ලකට සූදානම් වූයේය. මවද කොසු පොලු මුගුරු රැගෙන සිටියේ කෙස් ගස හිමි ලේලිය පිලිගැනීමටය.
    කපුවා මැතිරිල්ල පටන් ගත්තේය.....
    .....ඕo නමෝ නමෝ අසoකෙය්ය කල්ප ලක්ෂ ගනන් මුලුල්ලේ මේ ආතුරයාට වින කටිමින් පැමිනෙන්නාවු, අනවින කරමින්, සූනියම් කරමින්, ඇස් ගසමින්, ඔලුව රැහැනින් බදිමින්, මේ නර පනුවාගේ රීරී මාoශ උරා බොමින් පැමිනෙන්නාවූ යම් යක්ෂනියක් වේවා, කෑල්ලක් වෙවා, සක්කර වට්ටමක් වේවා, අල්ලපු ගෙදර කෙල්ලක වේවා, වැඩකාරියක වේවා, පුද්ගලික ලේඛම් වරියක වේවා. සිටීනම් මේ ආතුරයාගේ කුනු ගද ගහන පoචස් කන්දයට, අටලොස් රියනක් සන්ධි වලට, තෙසැත්තෑ බඩවැල් වලට, කෙල කෝටියක් තන්තු වලට, අසූ තුන් කෙලක් රෝම කූප වලට මෙකී නොකී දෙතිස් මහා කුනූප කොටස් වලට තෘෂ්නාවෙන්, එහෙන් මෙහෙන් පැලූ ඇදුම් වලින්, හැට හතර මායම් වලින් දිෂ්ටි දමා, බැල්ම හෙලා, දපනේ දමා මේ ආතුරයා සමග වන්නම් දහ අටම නටා, දහ අට සන්නිය නටා, දහ අට වන්ගු දමා ඒ කේශ කල්යානය මේ නර පනුවාගේ පoචස්කන්දයෙහි දමා ගිය නර දූතිකාව හෝ වේවා, හොර ගෑනියක හෝ වේවා, චූටි කෑල්ලක හෝ වේවා, රතු මුහුදින් එපිට සිටියත්, අල්ලපු ගෙදර සිටියත්, හද්ද වන්නියක සිටියත්, සක්වල ගලෙන් එපිට සිටියත්, කොන්ඩෙ කඩගෙන වර, පර්වත පෙරලාගෙන වර, පයින් වර, ස්කූටරෙන් වර, බඩගාගෙන වර, ඔලු පලාගෙන වර,.....වර... වර ඕ බන්ධ ඕඩු... ඕඩු... ඒස්වාහO....!!!!???
    ෂානි නoගි ගෙදරට කඩාගෙන පනීදේ බයින් ගුනේ අය්යාද වික්ෂිප්තව බලා සිටියි. කිසිවකු පෙනෙනතෙක් මානයේ නැත.
    මේ වෙලාවේ තමයි සිප්පියා ඔලුව දන්වෝ කියාගෙන ගෙදරට දුවගෙන ආවේ යක්ෂාවේෂයෙන් වගේ දොඩවමින්....
    මලා හුටා ගුනේ අය්යට වැඩේ තේරුනේ දැන්නේ සිප්පියා කොන්ඩේ වවලා දැන් කෙල්ලෙකුට වැඩියේ දිගයි. මේ මැටි රිලවා නිසා තොවිල් කරන්නත් උනා.... කොහොම කොහොම හරි ගුනේ අය්යා ඒමරාලෙනුත් බේරුනා....
    ප.ලි:
    ගුනේ අය්යා කිසිම කෙල්ලකුගේ හෝ කොල්ලකුගේ අතින්වත් අල්ලා නැති පිවිතුරු, නිකලැල්, නිර්මල කොල්ලෙකි. එමනිසා සිප්පියාගේ කොන්ඩ ගහ කොහොමද කොලර් එකේ රැදුනේ කියලා නම් අහන්න එපා.....හොදේ ඌ දන්නෙත් නැතුව ඇති....

    ----------------------------------------------------------------------------------
    මෙන්න තවත් ඉන්ටනෙට් එකෙන් සල්ලි හම්බ කරන විදියක් මේක ඉතාම සරලයි. විසිටර්ස්ලා ගෙන්නන්න තමයි තියෙන්නේ තමුන්ගේ රිෆරල් ලින්ක් එකෙන්. හොයලම බලන්න පහත තියන ලින්ක් එකට ගෙඩ වෙන්න

    http://bit.ly/1f0ROWy

    http://bit.ly/1f0ROWy
     

    srijayasampath

    Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    Hello guys a secret i want to share for increasing your E money . I am using a website, from there i earning money. you just wont to send the visitors to your referral link. it is very easy and money can be obtained through a cheque...... Check the following link for more
    http://bit.ly/1f0ROWy