Questions ඔව්...ඔයාට තමයි ...

Oct 7, 2010
1
1
3
colombo
හිසට වහලක් නැති
කන්ට අහරක් නොමැති
වතට රෙදිපිළි නැති
ඔවුන්ගෙන් අයදී
සදාචාරවත් සමාජයක්
ආශ්චර්මත් වෙනසක්

දනීද ඔවුන් දේශපාලනය
පොත් පෑන් නොමැති
අගයයිද ඔවුන් ජීවිතය
සිග්නල් නොමැති
රකියිද ඔවුන් සංස්කෘතිය
විවිධත්වය නොදුටු
දනීද ඔවුන් ආගම
දර්ශනයෙන් දුප්පත්

යුක්තිය පසිඳලීමට පෙර
පම්පෝරි ගැසීමට පෙර
උද්ඝෝෂණ කිරීමට පෙර
දුරලිය යුත්තේ එයයි
අද පිණිස නොව
හෙට පිණිස
යැපෙන ජාතියක් වෙනුවට
උපයන ජාතියක් උදෙසා...

- මාලන් විදානපතිරණ(2021/09/03)
 
  • Like
Reactions: s.p.n