ඔවුන්ට යමක් වැරදුනා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔවුන්ට යමක් වැරදුනා


    නමුත් ඔවුන්ට යමක් වැරදුනා,



    වත්මන් ව්‍යවස්ථා අර්බූදය සම්බන්ධයෙන්






    ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගාල්ලේදී මෙම අදහස් පල කලේය.

    2015 යහපාලන ජයග්‍රහණය පිටුපස අදිසි බලවේග රැසක් හිටියා . බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්. ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්‍යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්‍රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා. ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

    නමුත් ඔවුන්ට යමක් වැරදුනා . 33 (2) වගන්තිය අනුව ජනාධිපත්වරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

    අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

    අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි. කිසිසේත්ම නැහැ. ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත් , පාර්ලිමේන්තු මැතිවරනයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

    ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණයල් 2019 එන්නෙ නැහැ. අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා. ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දියයුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට. නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අන පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි. ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

    දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව. අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාටවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමටවත් අවශ්‍ය නැහැ මේ ආකාරයට බලයේ සිටින්නට. අපට අවශ්‍ය මැතිවරණයකට යන්නයි. ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දෙන්නයි.

    – නාලක ගොඩහේවා FB
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,747
    113
    හස්තිශෛලපුර
    බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.-


    ඇත්ත වෙන්න පුළුවන් අවුරුදු 2ක් කලින් චන්දෙ තියන්න තීරණයට
    අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්..



    ලොකු බුද්ධිමතෙක් කියලා පේනවා මෙතුමා... :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වැරදිලා නෙමේ නේ ජනමත විචාරණයක් නැතුව ඕක අයින් කරන්න බැරි නිසානේ අයින් කලේ නැත්තේ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.-


    ඇත්ත වෙන්න පුළුවන් අවුරුදු 2ක් කලින් චන්දෙ තියන්න තීරණයට
    අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්..



    ලොකු බුද්ධිමතෙක් කියලා පේනවා මෙතුමා... :lol::lol::lol:

    යකෝ, හෙනගැහුවා වගේ මිනිස්සු ලිඳේ දානවද බං??:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    මහින්ද නැති කුණු ගොඩක් ඔළුවේ හලා ගත්තා. නිදාගෙන හිටපු යූඑන්පී කාරයො දැන් ඇහැරිලා. මහින්දට එන්න තිබ්බ පාවෙන ඡන්ද ප්‍රතිශතයෙන් කොටසකට දේශපාලනය එපා වෙලා. 26 කරපු දේ මහින්දට වඩා මෛත්‍රීගේ උවමනාවකට වෙච්ච දෙයක්. මෛත්‍රීට ඕන උනා රනිල්ට ටොක්ක අනින්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි මහින්ද අගමැති උනේ. 2/3ක් නැතුව ඔය කියන කිසිම වගන්තියක් සම්මත කරන්න බෑ. 2/3ක් එජාපයට නෑ. ඒ වගේම ජනමතයකට ගියොත් ඕව කොහොමත් රිජෙක්ට් වෙනව. මහින්ද කලබල වෙලා කරගත්තු දේට දේශප්‍රේමී අර්ථයක් දෙන්න කරපු කතාවක් විතරයි.