ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

    මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට වීමි. මිනිසුන් ඒ සා ප්‍රමාණයක් ලේ හළමින් තිබූ කලෙක කිසියම් පිරිමි ළමයෙකු තිත් මුවන්ගේ සිරුරු සම්බන්ධයෙන් වැළපිය යුත්තේ මන්ද යන්න අවබෝධකර ගැනීම ඇත්ත වශයෙන්ම දුෂ්කර විය.

    මා මුවකු ගැන වැළපුණ නමුත් ගුවන් විදුලියෙන් යුද පෙරමුණේ පුවත් ශ්‍රවණය කළ විට, මරා දමනු ලැබූ ජර්මානුවන්ගේ සංඛ්‍යාවෙන් මම ද උද්දාමයට පත් වීමි.

    ජර්මානුවන් මනුෂ්‍යයන් සේ දැකීමට මට නොහැකි විය.

    1944 දී මගේ මව් මා ආපසු මොස්කව් වෙත ගෙන ගියාය. එහිදී මම ප්‍රථම වරට සතුරා දුටිමි. මගේ මතකය නිවැරදි නම් ජර්මානු යුද සිරකරුවන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් එක ම පේලියකට මොස්කව් වීදි ඔස්සේ ඇවිද්ද වීමට නියමිතව තිබිණ. සොල්දාදුවන් සහ පොලීසිය විසින් බාධක දමා වෙන් කෙරුණ වීදිවල නරඹන්නෝ රැස් කකා සිටියහ.

    ජන සමූහයා බෙහෙවින්ම සමන්විත වූයේ කාන්තාවන්ගෙනි. දුෂ්කර වැඩ මගින් අත් ගොරෝසු වුණු, සායම් නොගෑවුණ තොල්වලින් යුතු වූ සහ යුද්ධයේ බර අඩක් දැරීම මගින් කුදු ගැහුණු කාන්තාවන්ගෙනි. ඔවුන්ගෙන් හැම කෙනෙකුටම හෝ ජර්මානුවන් විසින් මරා දමනු ලැබූ පියකු හෝ ස්වාමිපුරුෂයකු හෝ සහෝදරයෙකු හෝ පුතකු සිටියහ.

    වෛරයෙන් පිරුණ කාන්තාවෝ, සිරකරුවන් පේලිය දිස්වීමට නියමිතව තිබූ දිසාව දෙස නෙත් දල්වාගෙන සිටියෝය.

    අන්තිමේදී අපි ඔවුන් දුටිමු.

    නට්සි සෙන්පතිවරු පෙරමුණේ ම ගමන් කළහ. ඔවුන්ගේ නිකටවල් උද්ධච්ඡ ලෙස නෙරා තිබිණ. ඔවුන්ගේ තොල් කෙළවර අවඥා සහගත ලෙස බිමට යොමා තිබිණ. ඔවුන්ගේ මුළු මහත් විලාසයම සැකසී තිබුණේ, සිය ග්‍රාම්‍ය ජයග්‍රාහකයන් අභිබවන්නා වූ උසස්බව ප්‍රදර්ශනය කරනු පිණිසය.

    "වේස බල්ලෝ ළඟ සෙන්ට් ගඳයි." ජන සමූහයා ළඟ සිටි කාන්තාවක් වෛරයෙන් කෙළ ගැසුවාය.

    වැඩ කිරීමෙන් දිරාපත් වූ කාන්තාවන්ගේ අත, මිට මෙලවී තිබිණ. සොල්දාදුවෝ සහ පොලිස් භටයෝ ඔවුන් වළකාලීමට ඔවුනට කළ හැකි සියල්ල කළහ.

    ඉන්පසු හදිසියේ ම මෙම කාන්තාවන්ට යමක් සිදු විය.

    රත්තරං ටික ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
    Yevgeny Yevtushenko | යෙව්ගිනි යෙව්තුෂෙන්කො

    පරිවර්තනය- T. Andradi | ටී. අන්ද්‍රාදි
    බූන්දි, අඟහරුවාදා, මාර්තු 20, 2018 18:42:00
    මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට වීමි. මිනිසුන් ඒ සා ප්‍රමාණයක් ලේ හළමින් තිබූ කලෙක කිසියම් පිරිමි ළමයෙකු තිත් මුවන්ගේ සිරුරු සම්බන්ධයෙන් වැළපිය යුත්තේ මන්ද යන්න අවබෝධකර ගැනීම ඇත්ත වශයෙන්ම දුෂ්කර විය.

    මා මුවකු ගැන වැළපුණ නමුත් ගුවන් විදුලියෙන් යුද පෙරමුණේ පුවත් ශ්‍රවණය කළ විට, මරා දමනු ලැබූ ජර්මානුවන්ගේ සංඛ්‍යාවෙන් මම ද උද්දාමයට පත් වීමි.

    ජර්මානුවන් මනුෂ්‍යයන් සේ දැකීමට මට නොහැකි විය.

    1944 දී මගේ මව් මා ආපසු මොස්කව් වෙත ගෙන ගියාය. එහිදී මම ප්‍රථම වරට සතුරා දුටිමි. මගේ මතකය නිවැරදි නම් ජර්මානු යුද සිරකරුවන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් එක ම පේලියකට මොස්කව් වීදි ඔස්සේ ඇවිද්ද වීමට නියමිතව තිබිණ. සොල්දාදුවන් සහ පොලීසිය විසින් බාධක දමා වෙන් කෙරුණ වීදිවල නරඹන්නෝ රැස් කකා සිටියහ.

    ජන සමූහයා බෙහෙවින්ම සමන්විත වූයේ කාන්තාවන්ගෙනි. දුෂ්කර වැඩ මගින් අත් ගොරෝසු වුණු, සායම් නොගෑවුණ තොල්වලින් යුතු වූ සහ යුද්ධයේ බර අඩක් දැරීම මගින් කුදු ගැහුණු කාන්තාවන්ගෙනි. ඔවුන්ගෙන් හැම කෙනෙකුටම හෝ ජර්මානුවන් විසින් මරා දමනු ලැබූ පියකු හෝ ස්වාමිපුරුෂයකු හෝ සහෝදරයෙකු හෝ පුතකු සිටියහ.

    වෛරයෙන් පිරුණ කාන්තාවෝ, සිරකරුවන් පේලිය දිස්වීමට නියමිතව තිබූ දිසාව දෙස නෙත් දල්වාගෙන සිටියෝය.

    අන්තිමේදී අපි ඔවුන් දුටිමු.

    නට්සි සෙන්පතිවරු පෙරමුණේ ම ගමන් කළහ. ඔවුන්ගේ නිකටවල් උද්ධච්ඡ ලෙස නෙරා තිබිණ. ඔවුන්ගේ තොල් කෙළවර අවඥා සහගත ලෙස බිමට යොමා තිබිණ. ඔවුන්ගේ මුළු මහත් විලාසයම සැකසී තිබුණේ, සිය ග්‍රාම්‍ය ජයග්‍රාහකයන් අභිබවන්නා වූ උසස්බව ප්‍රදර්ශනය කරනු පිණිසය.

    "වේස බල්ලෝ ළඟ සෙන්ට් ගඳයි." ජන සමූහයා ළඟ සිටි කාන්තාවක් වෛරයෙන් කෙළ ගැසුවාය.

    වැඩ කිරීමෙන් දිරාපත් වූ කාන්තාවන්ගේ අත, මිට මෙලවී තිබිණ. සොල්දාදුවෝ සහ පොලිස් භටයෝ ඔවුන් වළකාලීමට ඔවුනට කළ හැකි සියල්ල කළහ.

    ඉන්පසු හදිසියේ ම මෙම කාන්තාවන්ට යමක් සිදු විය.

    ඔවුහු සාමාන්‍ය සොල්දාදුවන් දුටහ. කෙට්ටු, රැවුල් නොකැපූ, ලේ වැකි කිලිටි බැන්ඩේජ්වලින් වෙළනු ලැබූ හෝ, කිහිළිකරුමත හෝ සිය සගයන්ගේ උරහිස්වලට වාරු වෙමින් හෝ අපහසුවෙන් ගමන් කරමින් සිටියා වූ සාමාන්‍ය ජර්මානු සොල්දාදුවන් දුටහ. එම සොල්දාදුවන් හිස් පහතට හෙළා ගෙන ගමන් කළහ.

    වීදි එහෙම පිටින්ම නිහඬ විය. එකම හඬ වූයේ බූට්ස් ඇදී යන හඬ සහ කිහිලිකරු තැබෙන හඬ පමණි.
    සොල්දාදුවෝ තවදුරටත් හතුරෝ නොවූහ.
    ඔවුහු ජනතාව වූහ.
    ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ.
    ( -"සෝවියට් කිවියෙකුගේ ස්වයංචරිතාපදානයක්" -යෙව්ගිනි යෙව්තුෂෙන්කෝගේ 'A Precious Autobiography'- කෘතියෙහි ටී. අන්ද්‍රාදි කළ සිංහල පරිවර්තනයෙන්- )