ඔසප් කාලය ගැන ඔළුව අවුල්කරන කතා..
කාන්තාවක් වීම තුළ ඇයට ආවේණිකව පිහිටන කායික සහ මානසික ලක්ෂණ මොනවද කියලා her.lk නිතර කියවන ඔබට හොඳ අවබෝධයක් තියනවා ඇති. ආර්තවය, මාස් ශුද්ධිය, එහෙමත් නැත්නම් menstruation කියන්නේ කාන්තාවටම සුවිශේෂී සංසිද්ධියක්. ඉතින් මේ ගැනත් බොහොමයක් දෙනා වැරදි මත ගොඩක් ඔළුවේ තියාගෙන තමයි ජීවත් වෙන්නේ.
ආර්තවය කියන්නේ සරලවම ගත්තොත් කාන්තාවකගේ ශරීරයේ තිබෙන ඩිම්බයක් සංසේචනය වී නැතිනම් ශරීරයෙන් ඉවත්වීමට අදාල ක්‍රියාවලියයි. මේ සම්බන්දව දීර්ඝව සහ විද්‍යාත්මකව ඉස්සරහට කියන්නම්.
මාස්ශුද්ධිය පවතින දවස්වලට ස්නානය කරන එක වැරදි පුරුද්දක් කියලා, එහෙමත් නැත්නම් නාන එක අගුණයි කියලා මතයක් තිබෙනවා. මේක වෛද්‍ය විද්‍යාත්මකව කිසිඳු සත්‍යතාවයක් නැති මතයක් බව කිව යුතුමයි. මේ දිනවලට කාන්තා ඔබ වෙනදටත් වඩා පිරිසිදුව සිටිය යුතුමයි.
ඒ වගේම මේ කාලෙට ක්‍රීඩා හෝ ව්‍යායාම කරන්න හොඳ නෑ කියලා මතයක් තිබෙනවා. ඒකෙත් කිසිම සත්‍යතාවයක් නෑ. විශේෂයෙන්ම මේ කාලයට ශරීරයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ව්‍යායාම කරනවා කියන්නේ කොහොමත් යහපත් සෞඛ්‍ය පුරුද්දක්. අනිත් වැදගත් දේ තමයි අාර්ථවය පවතින දින කිහිපය තුළ sex කිරීම හෙවත් ලිංගිකව එකතුවීම. ඒ කාලයට දෙන්නට එකතුවෙන්න කිසිම ගැටළුවක් නැත්නම් ශරීරයට අනවශ්‍ය වෙහෙසක් නැතිනම් ලිංගිකව එකතුවුණාට කිසිම ගැටළුවක් නෑ. ඒ වගේම මේ දවස්කීපයේ අනාරක්ෂිතව ලිංගිකව එක්වුනත් ගැබ්ගැනීමක් සිදුවෙන්න ඉඩක් නෑ.
එමෙන්ම බොහෝ දෙනා හිතනවා ඔසප් වී අපිරිසිදු එහෙමත් නැත්නම් අපේ පොදු ව්‍යවහාරයේ කියවෙන ‘කිලි‘ වගේ තත්වයක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ කාලයට ශරීරය අමුතුවෙන් පිරිසිදු හෝ අපිරිසිදු වීමක් වෙන්නේ නෑ. සිද්ධවෙන්නේ පරිණත ගර්භාෂ බිත්ති සමග ඩිම්බයක් ඉවත්වීම. ගර්භාෂ බිත්ති ගැලවීම නිසා රුදිරය පිටවෙනවා. රුධිරය සහ අනිකුත් ගර්භාෂ බිත්ති කොටස් බොහෝ වෙලාවක් සනිපාරක්ෂක තුවා සමග තබාගෙන සිටීම නිසා අපිරිසිදු තත්වයක් වගේ විෂබීජ ආසාදන පවා සිද්ධ වෙනවා.
මෙහිදී තමන්ට පිටවන රුධිර ප්‍රමාණයට සරිලන ආකාරයේ සනීපාරක්ෂක තුවා භාවිතය සහ පැය 3කට වරක්වත් ඒවා මාරු කිරීමට වග බලාගත යුතුමයි. ඒ වගේම ඒ කාලයට විෂබීජ නාෂක ද්‍රව්‍යයකින් යෝනි ප්‍රදේශය පිරිසිදු කරනවානම් වඩාත් හොඳයි. ඒ සඳහා කොහොඹ කොළ තැම්බූ වතුර භාවිතා කළ හැකිනම් ඔබට තවත් සනීපාරක්ෂාව සැපයෙනවා.
ඔසප් චක්‍රයට ගතවන කාලය තුළ තෙල් සහ පිලී ආහාර (බිත්තර,මස්,මාළු) ගන්න හොඳ නැහැ කියලා මතයක් තිබෙනවා. මේ මතයත් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ කාලයට ශරීරයෙන් රුධිරය සැලකිය යුතු ප්‍රමාණයක් පිටවීම නිසා යකඩ සහ ප්‍රෝටීන් බහුලව ශරීරයට අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම ඔසප් සමය තුළ සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි දියර වර්ග බහුලව ගතයුතුයි. වතුර බොනවා නම් තරමක් උණු ජලය පානය කරනවානම් එය තවත් ශාරීරික පහසුවක් වෙයි ඔබට.
බොහෝ දෙනා මේ කාලයට ආගමික කටයුතු සීමා කිරීමට දක්නට ලැබෙනවා. ‘කිලි“ නිසා ඒවා සීමා කරන බව තමයි බොහෝ දෙනා කියන්නේ. නමුත් බෞද්ධ දර්ශනය තුළ ‘කිලි‘ කියලා සංකල්පයක් නෑ, හින්දු දර්ශනය තුල ඒ සංකල්පය තිබුණත් එය කාන්තාවකගේ ඔසප්වීමකට ගැටළුවක් නෑ, කතෝලික හෝ ඉස්ලාම් දර්ශනයන් තුලත් ‘කිලි‘ කියලා සංකල්පයක් නෑ. මෙය ස්වාභාවික ජීවන සංසිද්ධියක් නිසා තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වලට බාධාවක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.
විශේෂයෙන්ම මේ කාලයට සමහර ශාරීරික අ පහසුතා ඇතිවීම සිද්ධ වෙනවා. උදාහරණ විදිහට මස්පිඩු වේදනා, පියයුරු වල වේදනාව, හිසේ කැක්කුම, යටිබඩ හා කොන්දේ වේදනාව, වමනය සහ බඩ කොරවීම වගේ තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. මේ දේවල් සිද්ධවෙන්නේ මොකක්හරි අපලයක් නැතිනම් අගුණයක් නිසා නෙවෙයි ශාරීරිකව සිදුවන හෝමේනමය වෙනස්කම් ඒ දවස්වලට සිද්ධවෙන නිසයි. කොන්දේ කැක්කුම සහ යටිබඩේ වේදනාව තිබෙන විට උණුවතුරෙන් තැවීම හෝ බාම් වර්ගයක් ආලේප කළ හැකියි. වේදනා නාශක භාවිත කරන්නත් පුළුවන්. ඒ අතර තමන්ට ගැලපෙන ආකාරයේ සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම වැදගත්. ඒ සඳහා අපිරිසිදු රෙදිකඩ භාවිතා කිරීම අවදානම්,
කාන්තාවක් තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනමයි මේ කාලයට. ඒ වගේම ඔසප් වීම් සම්බන්ධ දුර්මත වැඩි ප්‍රමාණයක් මනසේ තබාගැනීම සහ පැතිරවීම සිදුකරන්නේත් කාන්තාවන්ම තමයි. සමහරවිට පිරිමි පාර්ශවය මේ ගැන දැනුවත්ව නිවැරදි දේ කරන්න හදනවිට කාන්තාවන්ම මේ දුර්මත ඔලුවේ තියාගෙන වැරදි දේම කරන එක සිද්ධවෙනවා. ඒ නිසා මේ සඳහන් කරපු විද්‍යාත්මක තත්වය තේරුම්ගෙන මේ කාලය ගතකිරීම වැදගත්.
ඒ වගේම මේ විශ්වයේ ජීවය රඳා පැවතීමට විතරක් නෙවෙයි මේ ලියන මම මෙන්නම කියවන ඔබ අපි හැමෝම උපත්තිය ලැබීමට මේ ඔසප්වීම හා බැඳුණු කාරණා හේතුවෙලා තියනවා. ඒ නිසා කාන්තාව හෝ ඇයගේ ඔසප් වීම් සම්බන්ධ ක්‍රියාවලිය පිළිකුලෙන් පැත්තකට කරනවා වෙනුවට එහි යථාතත්වය සහ ස්වාභාවික සිදුවීමක් බව දැනගෙන කාන්තාවට අවශ්‍ය සහය ලබාදෙන එක සමාජයක් වශයෙන්, පවුලක් වශයෙන් සිදුවිය යුතුම දෙයක්.
උපුටා ගැනීම - www.her.lk