ඔස්කාර් වයිල්ඩ් කවි (අනුවර්තන) [Updating]

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඔහු තම රතු කබාය ඇන්දේ නැත,
    වයින් සහ ලේ දෙකම රතු නිසා,
    වයින් සහ ලේ දෙකම ඔහුගේ දෑතේ නිසා,
    ඔවුන් ඔහුව මළ මිනියක් සමග ඇදක් උඩ හොයාගත් නිසා,
    මළගිය අසරණ කත ඔහුගේ පෙම්වතී වූ නිසා.



    ---

    ඔහුගේ ඇදුම රැලි ගැසුනු අළුපැහැති එකක් විය,
    ඔහු පාදපාතය අස්ථිර එකක් විය.
    එවැනි චිත්තාපර මිනිසෙකු මා ජීවිතයට දැක තිබුනේ නැත,
    එවැනි ශෝකී දෑසක් මා උපන්තේකට දැක තිබුනේ නැත,
    සිරකරුවන් "අහස" යනුවෙන් නම් කල ඒ නිල්වන් කුඩා වහලය යට.‍
    පාවී යන හෑම වාලුකාවක්ම, රිදීවන් රේඛාවක් ඉතිරි කලේය..



    -----

    හැම මිනිසෙකුම ඔහු ආලය කරන දෙය මරා දමයි,
    කෙනෙකු එය කරන්නේ කටුක බැල්මකිනි,
    සමහරෙකු එය කරන්නේ තම චාටු කතාවෙනි,
    බියගුල්ලකු එය කරන්නේ අමෘතය බඳු සිපුමකිනි,
    නිර්භය මිනිසා එය කරන්නේ තම අසිපතෙනි.

    -------

    සමහරු තම ආදරණීයයා තරුණ කලදී මරති,
    සමහරු මරන්නේ වැඩි මහළු වූ කලට වෙති,
    ඇතැමුන් ඔවුන්ගේ බෙලි මිරිකන්නේ කාමුක දෑත් වලිනි,
    ඇතැමුන් තම රනින් සැදි දෑතෙනි,
    කාරුණික ඝාතකයා නම් පාවිච්චි කරනුයේ පිහියකි,
    මන්දයත් පණ ඇත්තවුන්ට වඩා කලින් මළ මිනිය සීතල වෙන හෙයිනි.



    -------

    වයලීන හඩට නැටීම මධුරය,
    ජීවිතය ප්‍රියජනක වන කලට.
    බටනලා හඩට රැගීම මියුරැය,
    ජීවිතය සුභදායී වන හෝරාවට.
    එහෙත් වඩාත් සුමධුර නොවේද,
    බිම පා නොතබා ගුවනේ හරි හරියට නැටීම!



    -----

    සාගර මේඝ මාරුතයකදී එකිනෙක පසුකරගෙන ගිය නෞකා දෙකක් මෙන්,
    අප දෙදෙන මුණගැසුනෙමු.
    එහෙත් අප එකිනෙකා දෙස නොබැලුවෙමු,
    අප වචනයකුදු හුවමාරුකොට නොගතිමු,
    අපට එකිනෙකා වෙත පැවසීමට වදන් තිබුනේ නැත.
    මන්දයත්,
    අප හමුවූයේ ශුද්ධ වූ රාත්‍රියේදී නොව,
    නින්දාසහගත අධම දහවලේ දී වූ හෙයිනි.



    ---------------------------------

    https://imgur.com/a/uMR9kpF

    සෙමින් අඩි තබන්න, ඈ අත ලගය,
    හිම යට.
    සෙමින් කතා කරන්න, ඈට ඇසේවි,
    ඩේසි මල් වැවුනු තැන.
    දිලිසෙන රත්‍රන් මුළු කෙස් කළඹම ඇගේ,
    කා ඇත මලකඩින්.
    සුරූපීව යෞවනව සිටි ඈ,
    දුහුවිලි ගොඩක් වී ඇත දැන්.
    බැරැති ශෛලමුවා මිනීපෙට්ටි පියන,
    වැතිර ඇත ඇගේ පපුව මත.
    මගේ සිත පුපුරු ගැසුවත්,
    ඈ නම් සාමයෙන් නිදන්නීය.

    ------ Post added on Mar 23, 2023 at 8:13 AM
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113



    මම ලුණු රහ පිරුනු මුහුද ලග සිටගෙන සිටියෙමි,
    දිය රල මුහුන සහ හිස වතුරෙන් නාවා දමන තුරු,

    මියයන දිනයෙහි රතුවන් ගින්න ඇවිලෙන අතරතුර,
    බටහිරදිගින් පැමිනි රත්වූ සුළග කර්කශ හූ හඩිකින් හමන අතර,
    කචපච ගානා මුහුදු ලිහිණින් ගොඩබිම කරා පලායන කල.

    'අහෝ!' මා කෑගෑවෙමි, 'ජීවිතය වේදනාවෙන් පිරී ඇත',
    'මියුරු පලවැල සහ රත්‍රන් ධාන්‍ය ලබා දිය හැක්කේ කාටද,
    මේ නිසරු බිම මත්තේ නොනැවතී කැඹිරිය හැක්කේ කාටද!'

    මගේ දැල ඉරි පළුදු වී හිල් සැදී ඇත,
    එහෙත් මම අවසන් වතාවටත් එය වීසි කලෙමි සාගරය දෙසට,
    විසි කොට බලා සිටියෙමි, අවසානය පැමිනෙන තුරු.
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඉතාමත් හොද වැඩක් ! විශ්ව සාහිතයේ ඉහල වටිනා කමකින් යුත් කවි නිර්මාණ හදුන්වා දීමට ගත් උත්සහයක් !
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113


    රාත්‍රී තේම්ස් නදිය නිලෙන් සහ රත්‍රනින් බැබලුනේය
    පසුව නිල සහ රත්‍රන එකට මුසුවී අළුපැහැ ගැන්වුනි
    රතු-හිරියල් පිදුරු රැගත් පාරුවක්, සීතලෙන් ගැහෙන වාප්පුවෙන් පිටව ගියේය

    කහවන් මීදුම පොලොවට බඩගාපි,
    පාලම් සහ ගෙවල බිත්ති වසමින්
    නගරයට ඉහලින් සබන් බෝලයක් මෙන් නැගුනු සාන්ත පෝල් දෙවොල, සෙවනැලි වලින් වැසීගියේය

    මෙවිට හදිසි කෝලාහල හඩක් නැගිනි
    නගරුන් අවදි වී තිබිනි, මාවත් කලබලකාරී විය
    පක්ෂියෙකු හඩ නැගූ අතර කරත්ත වලින් මාවත් පිරිනි
    කුරුල්ලා දිලිසෙන ගෙවහල මතට පියඹමින් ගයන්නට විය.

    ඒත් එක් සුදුමැලි කතක් තනිපංගලමේ මතුවිය,
    උදයේ හිරුකිරණ ඇගේ පාණ්ඩු පැහැ කෙහෙකළඹ සිපගති,
    කරක්ගැසුවාය ඈ ගෑස් ලාම්පුවේ දිස්නය යට,
    ගිනිගෙන දැවෙන දෙතොලකින් සහ ගලක්ව ගිය හදවතකින් යුතුව.
     
    • Like
    Reactions: NRTG