ඔසාමාගේ විනාශය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔසාමාගේ විනාශය

    ඔසාමාගේ විනාශය

    ඔසාමා බින් ලාඩන් යනු පසුගිය ශතවර්ෂයේ ලොව බිහි වූ භයානකම ත්‍රස්‌තවාදියාය. ඇමරිකාව විසින් "මහජන සතුරා අංක 1" යනුවෙන් ඔහුව නම්කර තිබුණි.ඔසාමා බින් ලාඩන්ගේ සම්පූර්ණ නම වූයේ "ඔසාමා බින් මුහම්මද් බින් අවාද් බින් ලාඩන්ය. (Usama ibn Mohammed ibn Awad ibn Ladin) එය ලාඩන් පුත් අවාඩ්ගේ පුත් මොහොමඩ්ගේ පුත් ඔසාමා යන්නයි (අරාබි බසින්).

    සෞදි අරාබියේ රියාද් හී 1957 මාර්තු 10 වැනිදා උපත ලැබු ඔසාමා රියාද් හි මොසාඩ් අවාද්බින්ලාඩන් මොහොමඩ්ගේ 10 වැනි භාර්යාවගේ පුත්‍රයාය. ඔසාමාගේ මව වූයේ සිරියාවේ උපත ලැබු ඇලියා ගහෙන්ම්ය. දරුවන් 50 දෙනෙකුගෙන් (ඇතැම් තැනක එය 52 වශයෙන් සඳහන් වේ) මොසාඩ් අවාද්ගේ පවුලේ 7 වැනියා ඔසාමා විය. ඔහු මොහොමඩ්ගේ සහ ඇලියාගේ එකම දරුවා විය.

    ඔසාමාගේ පියා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1930 ගණන්වලදීය. ඔහු සෞදි අරාබියේ ජෙඩාහී තරුණ සේවකයෙකු ලෙස සෞදි රාජකීය පවුල්වල නිවෙස්‌වල වැඩකටයුතු කරගෙන ගියේය. 1960 ගණන්වලදී ඔහු මැකා, මෙඩිනා සහ අල්අක්‌සා දේවස්‌ථානවල අලුත්වැඩියාවන් සහ නව ඉදිකිරීම් හා දිගුකල් ගොඩනැගීමේ විශාල කොන්ත්‍රාත් කීපයක්‌ ලබා ගත්තේය. ඉන් පසු ජෙඩාහී ඔහු බලසම්පන්න පුද්ගලයෙකු මෙන්ම බිලියනපතියෙකු විය. වරක්‌ මාස 6 ක කාලයක්‌ ඔහු තම පෞද්ගලික ධනයෙන් සෞදි රජයේ සියලුම සේවකයන්ට වැටුප් ගෙවීමට කටයුතු කළේය. මේ නිසා ඔහු සිය ප්‍රජාව තුළ ගෞරවයට පාත්‍ර වු පුද්ගලයකු විය.

    ඔසාමාගේ කුඩා අවදියේ දීම ඔසාමාගේ මව ඔසාමාගේ පියාගෙන් දික්‌කසාද විය. ඇය නව සැමියා වන මුහම්මුද් අල්අක්‌සස්‌ සමඟ නව දිවියක්‌ ආරම්භ කළ අතර ඔවුන්ට දරුවන් සතර දෙනෙකුද ලැබුණි.

    මේ අතර ඔසාමා තම වැඩිමහල් හා බාල සහෝදර සහෝදරියන් සමඟ ජීවත් විය. ඔහු ඇල්නගර් ආදර්ශ පාසලෙන් අධ්‍යාපනය ලැබීය.1967 දී ඔසාමාගේ පියා ගුවන් යානයක්‌ තුළදී මිය ගියේය. පසු කලකදී ඔසාමා අබ්දුලයිස්‌ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පරිපාලනය හැදැරූ අතර 1979 දී රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධියද ලබා ගත්තේය.

    1974 දී ඔහු වයස අවුරුදු 17 දී සිරියාවේ ලැටකියාහි නවාවා ගහණම් විවාහ කර ගත්තේ ය. 2001 සැප්තැම්බර් 11 ට පෙර ඔවුන් වෙන් විය. ඔහුගේ අනෙක්‌ භාර්යාවන් වූයේ කදීයා ෂරීෆ් (1983 දී විවාහ වී 1989 දී දික්‌කසාද විය) කයිරියා සබ්බර (1985 දී විවාහ විය) සිහම් සබරාර් (1987 දී විවාහ විය) සහ අමල් අල් සාදු (2000 දී විවාහ විය) ඔසාමාට දරුවන් 20 හෝ 26 දෙනකු සිටින බව සැලකේ.

    වර්ෂ 1970 ගණන්වලදී ඔහු පාසලේ සිටියදී රැඩිකල් ඉස්‌ලාමීය විද්වතකු වූ "අබ්දුල්ලා අස්‌සම්" ගේ අනුගාමිකයෙකු විය. ඔහු විශ්වාස කළේ සියලුම මුස්‌ලිම්වරුන් එකම ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බිහිකරීම සඳහා ජිහාඩ් හෝ ශුද්ධ යුද්ධයේදී නැඟීසිටිය යුතු බවයි. මැද පෙරදිගට එරෙහි බටහිර බලපෑම් ඔහුට අප්‍රසන්න විය.

    1979 දී සෝවියට්‌ හමුදා ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කළේය. එවිට අස්‌සම් සහ ඔසාමා ඇෆ්ගනිස්‌ථානයේ මායිමේ පිහිටි පාකිස්‌ථානයට අයත් පෙෂවාර් වෙත සංචාරය කළේ ඇෆ්ගනිස්‌ථානයට සහාය පළකිරීමටය. ඔවුන් සටන්කරුවන් වූයේ නැත. එහෙත් ඔවුන් මුජාහිදීන් (ඇෆ්ගන් කැරලිකරුවන්) සඳහා මූල්‍ය හා සහයෝගය දිනා ගැනීම සඳහා ඔවුන්ගේ පුළුල් සම්බන්ධතා භාවිතා කළේය. ඇෆ්ගනිස්‌ථානයත් ජිහාඩ් හි කොටසක්‌ ලෙස මැද පෙරදිග සිට පැමිණෙන තරුණයන්ට එත්තු ගන්වා ඔවුන්ව දිරිමත් කළේය.

    මක්‌ටාබ් අල්-කිඳමට්‌ (Maktab al - Khidamat) MAK ලෙස නම් කරන ලද ඔවුන්ගේ සංවිධානය ගෝලීය බඳවා ගැනීමේ ජාලයක්‌ ලෙස වර්ධනය කළේය. ඔවුන් බෲක්‌ලින්, ටුසන්, ඇරිසෝනා නම් ස්‌ථානවල කාර්යාල පවත්වාගෙන ගියේය. ඔසාමා සහ ඔහුගේ හිතවතුන් පෙන්වා දුන්නේ ඉස්‌ලාම්වාදය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි බවය.

    1988 දී ඔසාමා හමුදාමය ව්‍යාපාර වෙනුවට ත්‍රස්‌තවාදයේ සංකේතාත්මක ක්‍රියාදාමයක්‌ කෙරෙහි අවධානය යොමුකරන "අල්-කයිඩා" (Al-Qaeda) නම් නව සංවිධානය නිර්මාණය කළේය. 1989 දී ඇෆ්ගනිස්‌ථානයෙන් සෝවියට්‌ බලය ගිලිහී ගිය පසු සෞදි අරාබියේදී වඩාත් සංකීර්ණ මෙහෙයුම් සඳහා අල්-කයිඩා සංවිධානය අරමුදල් රැස්‌කිරීමේ කටයුතු වැඩිදියුණු කළේය. කෙසේ වෙතත් සෞදි රජය පසුව කරදර වෙතැයි සලකා ඔසාමා බින් ලාඩන්ගේ අල්-කයිඩා සංවිධානය නිහඬ කරවීමට උත්සාහ කළේය.

    1992 දී සෞදි අරාබියෙන් ඔසාමාව පිටමං කළ අතර ඔහුගේ කඳවුර සුඩානයට ගෙන ගියේය. මේ අතර ඇමරිකා එක්‌සත් ජනපදය 1996 දී ඔහුට සුඩානයෙන් පිටවෙන ලෙසට බල කළේය. සුඩානය ඇමෙරිකාවේ ඉල්ලීමට අවනතවී ඔසාමාව සුඩානයෙන් පිටමං කළේය. ඔසාමා තම සංවිධානය ඇෆ්ගනිස්‌ථානයට රැගෙන ගිය අතර එහිදී එය නව පදනමක්‌ ලෙස ස්‌ථාපිත කළේය. ඉන්පසු ඇමෙරිකා එක්‌සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශකරමින් බෝම්බ ප්‍රහාර හා නොයෙක්‌ ත්‍රස්‌තවාදී ප්‍රහාර දියත් කරමින් ඇමරිකාවට විරුද්ධව ත්‍රස්‌තවාදී ක්‍රියා කිරීමට පටන් ගත්තේය.

    අල්කයිඩා සංවිධානය 1998 අගෝස්‌තු 7 වැනිදා කෙන්යාවේ නයිරෝබිනුවර පිහිටා තිබු ඇමරිකානු තානාපති කාර්යාලයට බෝම්බ පුපුරවා පුද්ගලයන් 213 දෙනකු ඝාතනය කොට 450 ක්‌ දෙනකුට තුවාල සිදුකරන ලදී.

    ටැන්සානියාවේ ඩාරිස්‌සලාම්හි ඇමරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ලකොට 11 දෙනකු ඝාතනය කර 85 දෙනකුට තුවාල සිදුකරන ලදී.

    වර්ෂ 2000 ඔක්‌තෝබර් 12 වන දින යේමන වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය සහිත බෝට්‌ටුවක පැමිණි අල්කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයින් ඇමෙරිකාවේ මිs ජදකැ නමැති නාවික යාත්‍රාවට තම බෝට්‌ටුව හප්පවා පිපිරීම් සිදුකොට ඇමරිකා නාවික භටයින් 17 දෙනකු ඝාතනය කොට 38 දෙනකුට තුවාල සිදු කළේය.

    මේ අතර අල්කයිඩා සංවිධානය ජජි සටන, ටොරාබෝරා සටන, වයඹ පාකිස්‌ථාන් යුද්ධය ආදී කුඩා පරිමාණයේ යුද්ධ සඳහාද දායක විය.

    අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ගොඩනැගිලි දෙකට සිදුකළ විනාශය මුළු ලොවම කම්පාකළ සිදුවීමක්‌ විය.

    එදින ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල නියෑළුණු ගුවන් යානා 4 ක්‌ ඉහළ අහසේදී මගීන්ද සමඟ පැහැරගත් අල්කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදී සාමාජිකයන් විසින් ඉන් ගුවන් යානා දෙකක්‌ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ කුලුනු දෙකක හප්පවා එම ගොඩනැගිලි දෙකම සුන්බුන් බවට පත් කළේ මිනිස්‌ ජීවිත දහස්‌ ගණනක්‌ විනාශ කරමිනි. (මේ පිළිබඳව ලිපියක්‌ හා කාටුන් 2017 සැප්තැම්බර් 13 වැනිදා "මිනිස්‌ සංහතිය සසළකළ 9/11" යනුවෙන් මෙම පිටුවේ පළවිය.) තවත් ගුවන් යානයක්‌ වර්ජීනියාවේ ආර්ලින් ටන් හි පෙන්ටගනයට කඩා වැට්‌ටුවේය. 4 වැනි ගුවන්යානය පෙන්සිල්වේනියාවේදී කැලෑබද පෙදෙසකට කඩා වැටුණි. එහි ප්‍රධාන ඉලක්‌කය වූයේ ඇමරිකානු කැපිටල් මන්දිරයයි. මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 3000 ක්‌ පමණ මිය ගියේය.

    මෙම සිද්ධියෙන් පසු ඇමරිකාවේ FBI ආයතනය (ඇමරිකාවේ මධ්‍යම පරීක්‍ෂණ කාර්යාලය - Federal Burean of Investigation) ලොව වඩාත්ම අවශ්‍යම ත්‍රස්‌ත නායකයා බවට ඔසාමාව නම් කළේය. මින්පසු වසර කීපයක්‌ම ඔසාමා සැඟවී සිටියේය. ලොව පුරාම ඔහු ඇල්ලීමට දැල එලුවේය. එහෙත් ඒ හැම එකක්‌ම නිෂ්ඵල විය.

    වර්ෂ 2011 ඔක්‌තෝබර් මස දෙවැනිදා උදේ 1 ට පාකිස්‌ථානයේ අබ්බාටාබාද්හී පිහිටි නිවසකට රහසිගතව ඇතුළු වූ ඇමරිකානු "සීල්" හමුදා භට කණ්‌ඩායමක්‌ (Us Naval special Warfare Development Group - seal Team Six) එහි සැඟවී සිටි ඔසාමා බින් ලාඩන්ව ඝාතනයට ලක්‌ කළේය. ඉන්පසු ඔහුගේ ශරීරය DNA පරීක්‍ෂණයකට ලක්‌ කළ අතර ඒ ඔසාමා බිල් ලාඩන්ම බව තහවුරු කරගත් පසුව ඔහුගේ සිරුර ඉස්‌ලාම් නීතියට අනුව පැය 24 ක්‌ තුළදී මහ මුහුදේ රහසිගත ස්‌ථානයකදී ගැඹුරු මුහුදු පත්ලක වළ දමනු ලැබීය.

    ඔසාමා බින්ලාඩන් නම් ලොවම භීතියට පත්කළ මේ අල්කයිඩා නායකයාට කාටුන් ශිල්පීන්ගෙන් නම් ගැලවීමක්‌ නොවීය. ඔහු ගැනද බොහෝ කාටුන් විවිධාකාර ලෙස පළවී තිබිණි.

    cart1.jpg
    ග්ලෙන් මැක්‌කොයි (Glenn Mc coy) නම් කාටුන් ශිල්පියා මී කතුරක්‌ සහ එයට හසුවූ මීයෙකු පෙන්වාදී ඇත. මීයා බින් ලාඩන්ය. මීකතුරේ ඇමරිකාවේ කොඩිය ඇඳ එය ඇමරිකාව බවට හඟවා ඇත. ඇමරිකානු මී කතුරට බින් ලාඩන් හසුවී ඇති බව මින් පෙන්වයි.

    cart2.jpg
    පැට්‌රික්‌ චපත්තේ (Patrick chappatte) ගේ කාටූනයේ ඔසාමා බින් ලාඩන් හතරගාතෙන් බිම වැටී ඇත. ඔහුගේ ගිණි අවියද අසල ඇත. දකුණතින් ඔහු ඡායා රූපයක්‌ අල්ලාගෙන ඇත. එහි ඇත්තේ ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එදා අල්කයිඩා සංවිධානය ප්‍රහාර එල්ල කළ පසු දර්ශනයකි. ගිනි ගත්ත එම ගොඩනැගිලි කුලුනු දෙකෙන් දුමාරය පිටවේ. ඉන්පසු එම දුමාරය ලේ බවට පත්වී ගලා යයි. බින් ලාඩන් වැටී ඇත්තේ ඒ ලේ ගොඩ මතටය. වෙඩි වැදුණු බින්ලාඩන් ලේගොඩ මතම මිය ගොස්‌ ඇත. ඔහු කළ පාපය කරාම පැමිණ ඇති බව චපත්තේ මින් පෙන්වා දෙයි.

    cart3.jpg
    ඔලි (olle) නම් කාටූන් ශිල්පියා අල්කයිඩා සංවිධානය අතීතයේ ජීවත්වූ ඩයිනෝසරයකු ලෙස කාටූනයට නගා ඇත. ඒ සතාගේ වම් අත කැපී වෙන්වී ඇත. ඔලි ඒ අත හඳුන්වා ඇත්තේ ඔසාමා බින් ලාඩන් නමිනි. ඔලි පෙන්වා දෙන්නේ අල් කයිඩා සංවිධානය ඩයිනෝසරයකු නම් එහි වම් අත ඔසාමා බවය. එහෙත් ඔසාමා නැමැති වමත නොමැති අල් කයිඩා නම් ඩයිනෝසරයා වේදනාත්මක වියරුවකින් තවමත් යහතින් සිටින බවය.

    cart4.jpg
    ඔසාමා හ-ජා- (osama Hajjaj) ජෝර්ජාන් ජාතික කාටූන් ශිල්පියෙකි. ග්‍රීක දේවකතා අනුව පර්සියස්‌, මැඩුසාව බෙල්ල කපා මරාදමා ඇගේ හිස අතින් ඔසවාගෙන ආවේය. මෙය ග්‍රීසියේ මූර්තියක්‌ ලෙස නිර්මාණය කර ඇත. එම සිද්ධිය අනුගමනය කරමින් මේ කාටූන් ශිල්පියා විසින් තම කාටූනය නිර්මාණය කර ඇත. පිටුපසින් ඇමරිකන් කොඩිය එසවු මන්දිරයක්‌ ඇත. එය ඉදිරිපිට වතුර මල මැද ඇමරිකාවේ හිටපු ජනපති බරක්‌ ඔබාමාගේ ප්‍රතිමාවක්‌ සටන්කාමී පර්සියන්ගේ ස්‌වරූපයෙන් ගොඩනගා ඇත. දකුණතේ කඩුවය. වමතින් පර්සියස්‌ මැඩුසාගේ හිස ඔසවාගෙන සිටින ආකාරයට ඔසාමා බින් ලාඩන්ගේ හිස අල්ලා ඔසවා පෙන්වමින් සිටින ස්‌වරූපයෙන් සිටී.

    cart5.jpg
    The Daily Mail පුවත්පතට මැක්‌ (Mac) නම් කාටූන් ශිල්පියා නිර්මාණය කර ඇති කාටූනයේ දැක්‌වෙන්නේ අපායට පැමිණෙන ඔසාමා බින් ලාඩන්ය. ඔහු අපායේ දොරටුව වෙත පැමිණ ඇත. එක්‌ අතක ඔහුගේ ගමන් මල්ලය උරහිසේ ගිණි අවියක්‌ය. අපායේ දොරටුව ඇර යම පල්ලා ඔහුව පිළිගනී. බින් ලාඩන්ට අපාය හැර වෙන තැනක්‌ නොමැති බව මේ කාටූන් ශිල්පියා අපට කියා දෙයි.

    cart6.jpg
    ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කළ පසු ඔහුගේ සිරුර රෙදිවලින් ඔතා මුහුද පතුලට කිඳා බැස්‌සවූ බව සඳහන්වේ. එසේ මුහුදු පතුලට ගිය ඔහුගේ සිරුර මෝරුන් දෙදෙනකුට හමුවී තිබේ. මුහුදු පතුලේ ඇටකැබලි සැමන් ටින්, බෝතල්, ස්‌කෝප්ප, යකඩ කැබලි වැනි අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ මැද ඔසාමාගේ සිරුර ඇත. එක මෝරෙක්‌ එහි රසබලා ඇති බව පෙනේ. අනිත් මෝරා මෙසේ අසයි... "කොහොමද එහි රස? (How's it Taste?) එවිට එය රසබැලූ මෝරා කටට ගත් මස්‌ කැබලි කටින් එළියට විසි කරමින් කියන්නේ දුෂ්ට (නපුරු/අප්‍රසන්න) බවය. ((Evil !!) ඒ ඔසාමාගේ මිනියත් මෝරුන්ටත් අප්‍රසන්න බව පෙන්වා දුන්නේ කාටූන් ශිල්පී ඩැස්‌ කැම්ප්බෙල්ය (Des Campbell)

    cart7.jpg
    එක්‌ වීරයෙක්‌ ඔළු හයක්‌ ඇති මකරෙකුගේ එම ඔළු හය කපාදමා ඌ මරා දැමු බවට ග්‍රීක්‌ මිථ්‍යා කතාවක සඳහන් වේ. ඒ කතාව අනුව යමින් එකල ඇමරිකානු ජනපති බරක්‌ ඔබාමා එම වීරයා ලෙස පෙන්වාදී ඇත. ඔබාමා ඇමරිකානු කොඩිය තම ඇඳුම ලෙස ඇද ඇත්තේ ග්‍රීක ක්‍රමයටය. පිටුපසින් මකරා සිටී. උගේ එක්‌ ඔළුවක්‌ කපා ඔබාමා එය ඔසවා පෙන්වයි. ඒ ඔසාමා බින් ලාඩන්ගේ ඔළුවයි. එහෙත් මකරාගේ අනිත් ඔළු පහම හොඳින් ඇත. මේ කාටූනය මගින් පෙන්වාදී ඇත්තේ අල්කයිඩා සංවිධානය මකරා නම් උගේ එක්‌ ඔළුවක්‌ වන ඔසාමා බින් ලාඩන්ව කපා ඇත. එහෙත් අනිත් ඔළු තවමත් ජීවමානය.

    cart8.jpg
    සෞදි අරාබියේ AL - Hayort නම් පුවත්පතේ පළවූ කාටූනයේ දැක්‌ වෙනුයේ මිය ගිය ඔසාමා බින් ලාඩන්ව ඔසවාගෙන යන සාතන් (මාරයා) ය. සාතන්ගේ ආයුධයේද ලේ තැවරී ඇත. කාටූනයට යටින් වැකියක්‌ පළකර තිබුණි Binladen's Death Satan Comes to Take His Body යන්නය. එහි අර්ථය වනුයේ බින්ලාඩන් මියගිය පසු සාතන් (මාරයා) පැමිණ එම සිරුර රැගෙන (අපායට) ගිය බවය.

    cart9.jpg
    මියගිය පසු බින් ලාඩන් අපායට පැමිණ ඇත. මේ ගැන මාගුලීස්‌ (Margulies) නම් කාටූන් ශිල්පියා නිර්මාණය කර ඇති කාටූනයේ යම පල්ලා බින් ලාඩන්ට මෙසේ කියයි. ඔබේ සාක්‌කු හිස්‌ කරන්න. ඔබේ සපත්තු ඉවත් කරන්න. ලෝහ ආවරණකය හා ශරීර ස්‌කෑනරය හරහා ඉදිරියට එන්න" (Empty your pockets.. Remove your shoes...Proceed Throuth The Metal Detector and Body scanner) කාටුන් ශිල්පියා මින් පෙන්වා දෙන්නේ අපායට ගිය බින් ලාඩන්ව, ඉතා දැඩි පරීක්‍ෂාවකට ලක්‌කර අපායට ගන්නා ආකාරයයි. ඒ ඔහු අති භයානක කෙනෙක්‌ නිසාය. බින් ලාඩන් අපායටත් බෝම්බ තබා අපායක්‌ පුපුරාවි යෑයි යන බිය නිසාය.

     
    • Like
    Reactions: gmmdesilva

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔසාමාගේ පැමිණීම ගැන කොහෙවත් එච්චර සදහනක් නැ.අවසානය ගැනනම් තියෙනවා.ඇමෙරිකන් කාරයෝ වවලා උන්ටම කෙලෝ ගත්තා කියලයි මට හිතෙන්නේ.ඔය වගේම තමයි සදාම් හුසේන්.හැබැයි සදාම් ගැනනම් biography
    එකක් තියෙනවා.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඇමෙරිකාවට ලකුණු දාන්න ලියපු එකක් වගේ පෙන්නේ නම්.

    දන්නා තරමින් ඔසාමා හැදුවෙත්, ඌව මැරුවෙත් එකම සෙට් එකක්.

    ඒ කරුණ මේකේ හංගලා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    9/11 attack eka America ekema plan ekak. eka hetuwakata tiyala thamai iraq ekata attack karnne thel lin tika allaganna.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    9/11 attack eka America ekema plan ekak. eka hetuwakata tiyala thamai iraq ekata attack karnne thel lin tika allaganna.

    ඇමරිකාව ඉරාකෙන් තෙල් ගන්නේ නැහැ යකෝ උන්ටත් තෙල් නිධි ඕන තරම් තියෙනවා උන්ගේ රටේ. :rofl: 9/11 එක ඇමරිකාව කරගත්ත එකක් වෙන්නේ කොහොමද බන් විමල් ද කිව්වේ :rofl:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම හුගක් දැක්ක දෙයක් තමා ඔය එකොනොමිස්ට්/ටයිම්ස්/වොශිටන් පොස්ට් වගේ පත්තර සගරා වලට අදින දේශපාලන කාටුන් ලංකාවේ කාටුන් තරම් ක්‍රියේටීවු නැ..මෙහෙ අවන්ත ලා/නාමල් ලා වගේ අලුත් කාටුන් ශ්‍රිල්පියෝ ලගින් වත් තියන්න බැනේ ඔය ලොකු ඉන්ටර් නැෂනල් කාටුන් අදින උන්...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් මම උඹේ ත්‍රෙඩ් කීපයක්ම කියෙව්වා..:yes:
    බොහොම ස්තූතියි වැදගත් ලිපි ෂෙයා කරනවට..:)
    පුලුවන්නම් ෆොන්ට් සයිස් එක චූට්ටක් විතර අඩු කරලා දාපන් මචන්..;) සයිස් එක 4 වගේ දැම්මාම කියවන්න ලේසි..:yes:.