ඔසු පැල හදුනාගනිමු.

kanishka1984

Member
Jul 14, 2017
2
0
0
ඔසු පැල හදුනාගනිමු.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ අපේ රටේ ඈත අතිතයේ සිට පැවතගෙන එන්නක්. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යව ඉදිරියට යෑමටනම් එයට යොදාගන්නා බෙහෙත් පැල හදුනාගත යුතු වෙනවා. ඔසු පැල ඔබට හදුන්වා දීමට ගන්නා පුන්චි උත්සහයක් මේ.

01. කුප්පමේනියා

දරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක්‌ ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක්‌ ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක්‌ යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි.

සර්ප විෂ ශරීරය ගත වූ විට කුප්පමේනියා කොළ කැඳ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරයි. දේශීය පලාවක්‌ ලෙස තනිකර ගනු නො ලැබුවත් කලවම් මැල්ලුමක දී කුප්පමේනියා කොළ ස්‌වල්පයක්‌ ගෙන යොදන අවස්‌ථා ඇත.
මෙම ශාකය හොදින් හදුනාගැනිමට පහත විඩියොව බලන්න.



https://youtu.be/3gIhQSQ6ixw