නියගලා ඖෂධයක් ලෙසින් භාවිනා කිරීමට මහා පරිමාණයෙන් වගා කරයි..
*****-******** ********** ***********
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල නියගලා නමින් හැඳින්වෙන මෙම මල දැකගත හැකිය.මෙය ඉතා සුන්දරය. මෙම මල සහිත ශාකයේ අල විෂ සහිත බව කියවේ.මෙම අල යම් අයෙකු කෑමට ගතහොත් මරනයට පවා පත්විය හැකිය…ඇතැමුන් පවසන්නේ මෙම මල දිවා කාලයේදී විස සහිත නොවන අතර රාත්‍රි කාලයට විස සහිත බව ය.එමෙන්ම මෙහි අල දිවා කාලයට විශ සහිත අතර රාත්‍රි කාලයට විශ නොමැති බවය.
ඕනම නපුරු දෙයක් තුළ හොඳ දෙයක් තියෙනවා වගේ මේ නියඟලා ශාකයත් හරිම අපූරු කතාවක් ලෝකයට කියනවා. ඒ කතාව හරියටම අවබෝධ කරගත්තේ සොබාදහම ලස්සනට කියෙව්ව අපේ ආදි මුතුන් මිත්තො. එයාලා යලමහ කන්න දෙක වගාකරලා මේ මහ පොළව බතින් බුලතින් සශ්‍රීක කලේ මෙන්න මේ නියඟලා ගහේ වගා කාලසටහන දිහා බලාගෙන.
නවම් මාසයේ දී ... අලයකි
මැදින් මාසයේදී..... මුලකි
බක් මාසයේ දී ...... වැලක
වෙසක් මාසයේ දී .... මලකි
පොසොන් මාසයේ දී .... කරලකි
ඇසළ මාසයේ දී .... ඇටයකි
.නිකිණි මාසයේ දී ... නැවතත් අලයකි
බිනර මාසයේ දී .... නැවතත් මුලකි
වප් මාසයේ දී .... නැවතත් වැලකි
ඉල් මාසයේ දී .... නැවතත් මලකි
උඳුවප් මාසයේ දී .... නැවතත් කරලකි
දුරුතු මාසයේ දී ... නැවතත් ඇටයකි
කලා රසය තිබුණත් නියඟලා මලේ
මලා නේද කෑවොත් නියඟලා ඇලේ...
අපේ පැරැන්නෝ එහෙමයි නියගලා ගැන කියලා තිබුනේ, එත් නියගලා කියන්නේ දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකමේද වැදගත් ඔසුවක් ලෙස භාවිතා වෙලා තිබෙනවා. අප්‍රිකානු සාම්ප්‍රධායික වෙදකමේද ප්‍රධාන ඔසුවක් ලෙස නියගලා භාවිතා වෙලා තියනවා. ලංකාවේ, ඉන්දියාවේ මෙන්ම අප්රිකාවේද එක සමාන රෝග සඳහා නියගලා ඔසු ලෙස භාවිතා වෙලා තිබෙනවා.
නියඟලා වැලේ සියලුම කොටස් විෂ වලින් යුක්ත බවත් එහි අලයේ වැඩිපුරම විෂ ඇති බවත් දැන සිටි දේශීය වෛද්‍යවරයා තීරු වලට කපාගත් නියඟලා අල ගව මුත්‍ර වල බහා උණුවතුරින් සෝදා විෂ මාරනය කර ඔසුවක් ලෙස සකසා සමේ රෝග, පිළිකා, ලිංගික රෝග, කාන්තා රෝග, සර්ප විෂ, ගෝනුසු විෂ, ඉදිමුම්, අර්ශස්, ලාදුරු, කල්ගිය තුවාල හා උඳුගොව්වන් කෑම ආදී බොහෝ රෝග වලට ප්‍රතිකාර කරනු ලැබුවා.
ගමේ ගොඩේ ගර්භණී මවකට දරුවකු බිහිවීම ප්‍රමාද වූ විට හෝ වැදෑමහ වැටීමට ප්‍රමද වූ විට එයින් ඇතිවන අධික වේදනාවන් යටපත් කිරීමට අපේ දේශීය වෛද්‍යවරයා සිදුකලේ ශෝධනය කරන ලද නියඟලා අල හොඳින් අඹරා එම මවගේ යටිපතුල් වල ආලේප කරීමයි.
උඳුගොව්වන් කෑමේදී ශෝධනය කරගත් නියඟලා අල දෙහි ඇඹුලෙන් අනා එම ස්ථාන වල ආලේප කිරීමෙන් එය සුවපත් කරගැනීමටත්, නියඟලා අල හොඳින් ගලගා කටු ඇනුනු ස්ථානවල තැබීමෙන් එම කටු පහසුවෙන් එළියට අද්දවා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබුනා.
අලංකාර වූවත් අධික විෂ සහිත මේ නියඟලා බහුතරයක් කටු පදුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතව දක්නට ලැබෙන අතර විශේෂයෙන් පුත්තලම, මන්නාර වැනි ප්‍රදේශවල බහුලව දක්නට ලැබිය හැකිය.
1990 දශකයේ මැද භාගයේදී මෙරට බහුතරයක් තරුණ ප්‍රජාව සිය දිවි හානිකර ගෙන ඇත්තේ මෙම නියඟලා ආහාරයට ගැනීමෙන් බව සමීක්ෂණ මගින් තහවුරු වේ. නමුත් පසු කාලීනව මෙම නියඟලා කෑමෙන් මරණයට පත්වන ප්‍රමාණය සීඝ්රයෙන් අඩුවී යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබිණි
බටහිර වෙදකම ප්‍රචලිත වීමත් සමගම දේශීය වෙදකම අප අතරින් ගිලිහි ගිය අතර අදවන විට ඉතිරි වී ඇති දේශීය වෙදකමද ආයුර්වේද වෙදකම හා මිශ්රවීම නිසා නියගලා වැනි ඔසු භාවිතයට නොගන්නා තරමට දුරස් වී තිබෙනවා. නමුත් අප්‍රිකාව සහ ඉන්දියාව තවමත් නියගලා ඔසු ලෙස භාවිතා කරන අතර මේ වන විට බටහිර වෙදකම සඳහා ඔසු නිපදවීම සඳහාත් නියගලා භාවිතා වෙනවා. ඒ අතරින් ඉන්දියාව මහා පරිමාන වාණිජ වගාවන් ලෙස නියගලා වගා කරන අතර කොළ, අල සහ ඇට ඔසු ලෙස භාවිතයට ගැනීමට අස්වනු ලෙස ලබා ගන්නවා,
එමෙන්ම මේ වන විට බටහිර රටවල් නියගල විසිතුරු ශාකයක් ලෙසද කැපුම් මල් කර්මාන්තය සඳහාද යොදා ගන්නා අතර ඒ සඳහා වැඩි දියුණු කල ප්‍රබේධ ඔවුන් සතු වෙනවා. නියගලා සඳහා සුදුසු පරිසර තත්වයන් ඇත්තේ ශ්‍රී ලංකාව, අප්‍රිකාව සහ ඉන්දියාව වැනි රටවල් වල බැවින් පහසුවෙන් එම රටවල් වල වගා කල හැකි අතර නියගලා වල ඇති ඔසුමය වටිනාකම භාවිතා කර රට තුලට විදේශ විනිමය රැගෙන ආ හැකිය....
තොරතුරු අන්තර්ජාලයෙනි ...
Sanoj sul - Gamaka siriya