ඔහේලගෙ ගෙදරත් වෙලාවට බත් උයනවැයි?

hpalpola

Well-known member
  • උස්සූරභත්ත සූත්‍රය

    “මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.
    “කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්‍රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන් වැළකුණාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි නොපුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ අසතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එපමණකින්ම නුසුදුසු කාලයෙහි අනුභව කරණ ලදීද, ඕජාව පතුරුවන්ට නොහැකිවේ යන පසයි.
    “මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.
    “මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.
    “කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුගයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. එක වේලේ බත් ඇති, රාත්‍රි භෝජනයෙන් වැළකුණාවූ, විකල් බොජුනෙන් තොරවූ යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ සතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එතෙකින්ම සුදුසු කාලයෙහි අනුභව කරණ ලද්ද, ඕජාව පතුරුවන්ට හැකිවේ යන පසයි.”
    “මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    confused the lion king GIF
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    ඔහේලගෙ ගෙදරත් වෙලාවට බත් උයනවැයි?​


    ඔව් ඉතින් නැතුව, 3න් වේලම කඩෙන් කන්නේ නැනේ :ROFLMAO: