ඔළුවෙන් හිට ගන්නා අයටයි මේ.....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,364
    9,157
    113
    Around the world
    ඔළුවෙන් හිට ගන්නා අයටයි මේ.....

    [FONT=&quot]‘මම නම් හැමදාම උදේට ඔළුවෙන් හිටගන්නවා. අපේ ඔළුවට ලේ බහින්න ඕනෑ. එතකොට තමයි හොඳින් මොළය ක්‍රියාකරන්නේ‘ යනුවෙන් සමාජගත වැරැදි ආකල්ප නිසා බොහෝ විට ඔබට විශාල හානියක් සිදුකිරීමට පිළිවන. ඔළුවෙන් සිටගැනීමේ ක්‍රියාවලියේදී ශරීරයට සිදුවන හානිය ගැන සලකා බලන්නට පෙර ගෙල පෙදෙසේ ව්‍යුහය පිළිබඳව සරල දැනුමක් ලබාගැනීම වැදගත්ය.[/FONT]
    [FONT=&quot]² සිරුරේ ගෙල පෙදෙසේ ව්‍යුහය කෙසේ පිහිටයිද?[/FONT]
    [FONT=&quot]මිනිස් සිරුරේ කොඳු ඇට පෙළෙහි අස්ථීන්වල විශාලත්වය සැලකූ විට ගෙල පෙදෙසේ ඇති ග්‍රෙවී ක්ශේරුකාවලට වඩා විශාල කශේරුකාව (කොඳු ඇට පෙළ) උරස් කුහරය ප්‍රදේශයේ ඇති බවත් ඊට වඩා විශාල කොදු ඇට පහළින් ඇති කටී ප්‍රදේශයේ ඇති බවත් තහවුරු වෙයි. මෙසේ කොදු ඇට පෙළෙහි පහළට පැමිණීමේදී කශේරුතාවල විශාලත්වය වැඩිවී ඇතේතේ ස්වාභාවිකවම ඒවාට ක්‍රමයෙන් බර දරාගැනීම හැකිවීම නිසාය.[/FONT]
    [FONT=&quot]ගෙල පෙදෙසේ කශේරුකා කුඩාවට පිහිටා ඇත්තේ එම පෙදෙසට දරාගත හැක්කේ හිසෙහි බර පමණක්වීම නිසාය. ඔළුවෙන් සිට ගන්නා අවස්ථාවකදී ස්වාභාවික මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇති ආකාරයට පටහැනිව එසේන් නැතිනම් කකුල්වලින් සිට ගැනීමට පටහැනිවීම නිසා ශරීරයේ මුළු බරම ගෙල පෙදෙසට දරා ගැනීමට සිදුවෙයි. එමගින් ගෙලට දැඩි බලපෑමක් එල්ල වෙයි.[/FONT]
    [FONT=&quot]² එමගින් ගෙලට සිදුවන බලපෑම කෙබඳුද?[/FONT]
    [FONT=&quot]මෙහිදී ගෙලෙහි ග්‍රෙවී කශේරුකාවමට තෙරපුම් ඇතිවී එම කශේරුකා අතර ඇති අන්තර් කශේරුක බිම්බ මතට සම්ප්‍රේෂණය වෙයි. මෘදු ජෙලී වැනි මෙම අන්තර් කශේරුක බිම්බ මගින් ගෙලට හදිසියේ ඇතිවන තෙරපුම් හා විවිධ දිසාවන්ට තෙරපුම් විභේදනයවීම මගින් සුසුම්නාව සහ ස්නායුවලට හානි පැමිණීම වළක්වා ගත්තද ඔළුවෙන් සිට ගැනීමේදී අන්තර් කශේරුක බිම්බ මතට ඇතිවන දැඩි තෙරපුම් නිසා ඒවායේ ස්වාභාවික උස අඩුවීම හා ඒවා සුසුම්නාව දෙසට නෙරායාම සිදුවේ. මේ හේතුවෙන් සුසුම්නාවට හා එමගින් ආරම්භවන ස්නායු මතට තෙරපුමක් දැනීමෙන් ගෙල පෙදෙසේ ඉහළ කොටස හිරි වැටීම හා වේදනාව ඇතිවේ.[/FONT]

    [FONT=&quot]² ඔළුවෙන් සිටගැනීම නිසා ඇතිවන අයහපත් ප්‍රථීපල මොනවාද?[/FONT]
    [FONT=&quot]මෙමගින් ඇතිවන හානියේ ප්‍රමාණය අනුව සදාකාලික වේදනාව, කැක්කුම හෝ ඉහළ ගාත්‍රා පණ නැතිවීම සිදුවිය හැකිය. එසේම සිරුරේ බර දරා ගැනීමට නොහැකිව ග්‍රෙවී කශේරුකාවක් බිඳී ගියහොත් මරණය හෝ සදාකාලිකව අත් පා පණ නැතිවීය හැකිය. මෙම තත්ත්ව එක්වරම සිදු නොවුනද කාලයක් තිස්සේ කශේරුකා අතර ඇති සන්ධි මතට තෙරපුමක් ඇතිවීමේදී එම සන්ධිවල ස්වාභාවික තත්ත්ව දුර්වලවීමක් අතිවේ.[/FONT]
    [FONT=&quot]² ගෙල පෙදෙසේ වේදනාව කැක්කුමට අමතරව සාමාන්‍ය ජීවිතයට සිදුවන බලපෑම කෙබඳුද?[/FONT]
    [FONT=&quot]ගෙලට ඇතිවන බලපෑම ඔළුවෙන් යම් බරක් එසවීමේදී ද ඇතිවේ. මේ හේතුවෙන් ඔළුවෙන් සිට ගැනීම හෝ ඔළුවෙන් බර එසවීම යන ක්‍රියා දෙකම මිනිස් සිරුරට අහිතකරය. ඔළුවෙන් සිටගැනීමේදී මොළයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලේ ගමනා ගමනය සිදුවන විට බොහෝ විට ඇස් රතුවීමක් අපට දක්නට ලැබේ. එමගින් කාලයක් යන විට ඇස් හානියට ලක්වීමක් සිදුවිය හැකිය. ගෙලෙහි වේදනාවත් සමඟ ගෙල සිරුරට සමබර නොවීමෙන් විරූපී ස්වාභාවක් ඇතිවේ. මේ හේතු නිසා එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීමට අපහසුවන අතර අත දිගේ වේදනාවක් දිවෙන තත්ත්වයද ඇතිවීමට පිළිවන. සුසුම්නාවට හානියක් ඇතිවී නම් සමහර විට මියයාම හෝ සදාකලිකව අත්පා පණ නැති තත්ත්වයට පත්විය හැකිය.[/FONT]
    [FONT=&quot]² ඔළුවෙන් සිටිගැනීමේදී අයෙකුට ඉක්මනින් වේදනාව, කැක්කුම ඇති වුවද තවත් අයකුට කාලයක් යනතුරු කිසිම වේදනාවක් නොදැනෙන්නේ මන්ද?[/FONT]
    [FONT=&quot]එක් එක් පුද්ගලයාගේ ගෙලෙහි මාංශපේශීන් ශක්තිමත්භාවය, අස්ථී හා අනෙකුත් මෘදු පටකවල ශක්තිමත් බවත් ඒක එක් පුද්ගලයාගේ අනන්‍යතාව මත එය තීරණයවේ. විද්‍යාත්මක නොවන නොයෙකුත් ඉගැන්වීම්වලදී මෙලෙස ඔළුවෙන් සිටගැනීම කරන පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතයේ පසුභාගයේදී ඉහතන් සඳහන් කළ වේදනාවන්ට ගොදුරුවී ප්‍රතිකාර ලබා ගන්නා බව නිතර අප අත් දකී.[/FONT]
    [FONT=&quot]² මෙවැනි වරැදි ක්‍රියා නවතාලීමට ඔබ ලබා දෙන උපදෙස් මොනවාද?[/FONT]
    [FONT=&quot]මොළයට හොඳ රුධිර සම්පාදනයක් ලබාදීම සඳහා ඔළුවෙන් සිට ගැනීම යෝග්‍ය බවට සමාජගතවී ඇති මිත්‍යාමතය ගැන අවධානය යොමු කළ යුතු අතර මිනිසාගේ ශරීරයේ සියලූ ඉන්ද්‍රීයන්ට අවශ්‍ය ඔක්සිජන්, පෝෂන ද්‍රව්‍ය වැනි පරිවහනය සඳහා ස්වාභාවිකව රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය වී ඇත. හෘදය මගින් අවශ්‍ය ප්‍රමාණයට මොළය ඇතුළු සියලූ ඉන්ද්‍රීයන් වෙත රුධිරය පරිවහනය ක්‍රියාවලිය නිසියාකාරව සිදුකෙරේ. අවශ්‍ය වන්නේ මොළයට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය සම්පාදනයවීම බවත් මොළයට ලේ බැසීම යන වචනය රෝග තත්ත්වයක් බවත් අවබෝධ කරගත යුතුය.[/FONT]
    [FONT=&quot](වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ )[/FONT]
     
    • Like
    Reactions: Anjulayr and sgrdk1

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    12391417_1015372015122040822419516_n.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඕකේ ඉතින් බෙල්ලට බර එන්නේ නෑනේ

    ඔළුවෙන් සිටගැනීමේදී මොළයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලේ ගමනා ගමනය සිදුවන විට බොහෝ විට ඇස් රතුවීමක් අපට දක්නට ලැබේ. එමගින් කාලයක් යන විට ඇස් හානියට ලක්වීමක් සිදුවිය හැකිය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔළුවෙන් සිටගැනීමේදී මොළයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලේ ගමනා ගමනය සිදුවන විට බොහෝ විට ඇස් රතුවීමක් අපට දක්නට ලැබේ. එමගින් කාලයක් යන විට ඇස් හානියට ලක්වීමක් සිදුවිය හැකිය.

    :lol::lol: හැබෑට පොරගෙ ඇස් නම් රතුයි තමා වෙලාවකට
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    mch gpod post aka newei dips gahanawane ethakota mgta terenwa munata lee enwa wage muna rathuma rathuwenwa nahara penna gnnwa thwa mune kurulawk ema kadila tibboth etanin godk lee enwa dips ghnakota ai e ethakota lee gaman krna nisada apahasuwak nam naha ema dips ghuwma mta oluwa kakkuma tynwam aka nati wenwa ane manda ai kyla plz reply mee pm